මෙම චීන ජාතිකයා එරටදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී රටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි බව අනාවරණය වේ.මොහු ගිනි රාජ්‍යයෙන් ලබා ගත් බව පැවසෙන ව්‍යාජ පාස්පෝට් එකකින් මෙරටට ඇතුළුවීමට යාමේදී ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය මගින් අත් අඩංගුවට ගැණිනි.එහිදී අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලක වෙත ලිඛිතව දන්වා උපදෙස් දී තිබුණේ මෙම චීන ජාතිකයා මෙරටට පැමිණි ජාත්‍යන්තර ආයෝජකයෙක් බැවින් ඔහු අත් අඩංගුවෙන් මුදා හරින ලෙසටය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස රතු වරෙන්තු කරුවකු ජාත්‍යන්තර ආයෝජකයකු ලෙස සඳහන් කරමින් රේගුව නොමග යැවූ අමාත්‍ය අරුන්දික පෙරේරා සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් නැතත් ඔහුගේ උපදෙස් මත එම චීන ජාතිකයා ගුවන් තොටුපොළෙන් මුදා හැරීමට කටයුතු කළ රේගු නිළධාරීන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ ඔන්න ඔහොමය.