උණුසුම් පුවත් උණුසුම් පුවත්

ටෙලිකොම් විකිණීම ගැන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ විරෝධය හා අපේ සත දෙක

Spread the love

ටෙලිකොම් ⁣විකිනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව පවසා තිබේ.මෙම කමිටුවේ සභාපතිවරයා සරත් වීර⁣සේකර මන්ත්‍රීවරයාය.සරත් වීරසේකර මන්ත්‍රී වරයා නාවුක හමුදාවෙන් පැන්ෂන් ගියදා සිටම පෙනී සිටින්නේ මෙරට ආරක්ෂාවේ ලොකු බාප්පා විදියටය.ඔහු පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් ⁣වෙන්නේද ජාතික ආරක්ෂාවේ තුරුම්බුව ඡන්ද පිටියට විසි කිරීමෙන් හිමි වුන තනි අතේ වාසිය නිසාය.

ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට ධ්‍රතරාශ්ට්‍ර විරූඩ විරූපාක්ෂ විභීෂණ නම් සතරවරම් දෙව්වරුන් සිටිතැයි මෙරට විශ්වාසයයි.ඒ දෙවිවරුන් එසේ සිටියදී මෙරට ආරක්ෂා කිරීමට ලයිසන් ගත්

දේශපාලන නායකයන්ද ගනනාවකි.

සරත් වීරසේකර ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු බාප්පා බව අප කීවේ ඒ නායකයන් රොත්ත එක පේලියට තබා ඔවුන්ගේ කයිවාරු කිරා මැන බලාය.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කමිටුවේ සභාපතිවරයා ලෙස  ⁣ සභාගත කරන ලද වාර්තාවේ සඳහන්ව තිබු⁣ණේ ටෙලිකොම් සමාගමට අයත් ආණ්ඩුවේ කොටස් අලෙවිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය.මෙම වාර්තාව පාර්ලිමේන්තුවෙි සභාගත කරන ලද්දේ පසුගිය ජුනි 9 වන දාය.

මෙම වාර්තාව සභාගත කළ දිනයේම හැරෙන තැ⁣පෑලෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කෙරිණි.එහි සඳහන්ව තිබුණේ ජාතික ආරක්ෂක කමිටුවේ වාර්තාව  ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සාකච්ඡාවට ගන්නා බවය.එහෙත් එම නිවෙිදනයේ අවසානයේ සඳහන්ව ඇත්තේ රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට දීම රජයේ ප්‍රතිපත්තිය බව ජනපතිවරයා අවධාරණය කරන බවය.

ඉන් අප අදහස් කර ගත යුත්තේ කවුරු මොනවා කීවත් ටෙලි⁣කොම් විකුනන එක ස්ථිර බවය.කෙටියෙන්ම කියතොත් ජනපති මාධ්‍ය අංශය මගින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කමිටුවට  නොකියා කියා ඇත්තේ ඔය කමිටු වාර්තාව දෙකට නවා අතන ගහ ⁣ගන්නා ලෙසය. 

දැන් ජනපතිවරයා හා පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කමිටුව අතර ඝට්ටනයක් ඇති ⁣වේ යැයි කවුරුවත් ආතල් ගත යුතුද නැත.ජනපතිවරයා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ටය.ඒ ආරක්ෂාව දීමේ කොන්දේසිය තුළ ඇත්තේ ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවා නොහැරිය යුතු බවය.හදිසියේවත් ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කළ හොත් තමන්ට ඉන්න හිටින්න තැන් පවා නැතිවන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දනී.වාහිනී වලට චණ්ඩි වොයිස් කට් දුන්නාට ඡන්දය ගැන මතක් වෙන විට සුළු දිය පහවෙන තරමට ඔවුන්ගේ හිතේ බය වැඩිය.ඉදිරි ඡන්දයකදී රනිල් හාමුට තියා රාජපක්ෂ සනුහරයටත් කරන්න දෙයක් ඉතිරි වන්නේ නැති බව මේ පොදු ජන පෙරමුණේ සෙට් එක දනී.මේ සමහරු ඉන්නේ ජම්පර අඳින්න

වෙනු ඇතැයි බයෙනි.ඉතින් රනිල් හාමු ⁣කරන කියන හැම ලබුවකට ඔව් ඔව් ඒ යෝජනාව හරිම මරුය කියනවා ඇරෙන්න වෙන කෙං ගෙඩියක් කරන්න මේ හැත්තට බැරිය.හෙට අනිද්දා දවසක උතුරු නැගෙනහිරට පෙඬරල් පාලනයක් දිය යුතු බවත් එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් රනිල් හාමු කීවොත් සර් කියන දෙයක් තමයි ඉතිං යැයි දෙකට තුනට නැවී හිස කහනවා ඇරෙන්නට ඒ අදහසට විරුද්ද වෙන එකෙක් ඔය ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරුන් අතරේ නැති බව අපට හොඳටම විශ්වාසය.

රනිල් හාමුට හොරා හොරා යැයි පාර්ලිමේන්තුවේ කෑගැසූ පොදු ජන පෙරමුණේ එවුන්ද මහින්ද රාජපක්ෂ සනුහරය ⁣ප⁣ට්ට හොරුන් යැයි පැවසූ රනිල් හාමු ඇතුළු යූඇන්පී කාරයන්ද දැන් කිරට පැණි සේ  සෙට් වෙලාය. 

දැන් සරත් වීරසේකර සභාපති කම දරණ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව පිළිබඳව රනිල් හාමු ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ තීරණය ගැන කවුරුත් අමුතුවෙන් හිතන්ට දෙයක් නැත.අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ එක්තරා කාලයකදී යූඇන්පී අසූචි හරිම ගඳ යැයි පැවසූ මේ වන විට ඒ අසූචිම  හරිම රසයයි කියමින් හැන්දෙන් ගෑරුප්පුවෙන් උදේ හවස ආහාරයට ගන්නා සට්ටැඹියන් පිරිසකි. ඇමති සේමසිංහ, නිමල් සිරිපාල⁣ ,සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය ,මහින්ද අමරවීර,බන්දුල ගුනවර්ධන ,කෙහෙළිය රඹුක්වැල්ල ආදීන් ඒ ගැන හොඳම සාක්ෂිය.මේ රැළ මහ පොළවට ජාතක වන්නට ඇත්තේ ඕපපාතික යෝනියේ නොවන බව සීයට සීයක්ම විශ්වාසය.ඒ නිසා මේ හැම දෙනාටම අඹු දරුවන් සිටින බවද අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.අපට ප්‍රශ්නය වී ඇත්තේ මේ තරමට යූඇන්පී අසූචි ගිලින මුන්දැලාගේ ගැන මුන්දැලා ගේ අඹු දරුවන්ටවත් ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද කියාය.

හදිසියේවත් ටෙලිකොම් ආයතනයේ රජයේ කොටස් හෙට අනිද්දා වෙන්දේසි කෙරුවොත් ජාතික  ආරක්ෂාවේ ලොකු බාප්පා විදියට උප්පැන්නය ලියා ගෙන ඉන්නා සරත් වීරසේකර මන්ත්‍රීවරයා එයට දක්වන ප්‍රතිචාරය කුමක් වේද යන්න ගැන අපට අදහසක් නැත.ඒත් රනිල් හාමු ගේ අසූචි තරම් රසවත් ආහාරයක් ⁣ජීවිතයටම රහ විඳින්නට ලැබුනේ නැතැයි දැන් නිතර දෙවේලේ පවසන පො⁣දුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැළක් සමග ගැට ගැහී ඉන්නා සරත් වීරසේකර මන්ත්‍රීවරයා පිළිබඳව අපට සිතන්නට තියෙන්නේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියා විතරමය.  


Spread the love

You may also like