උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න ඇමරිකානු තානාපතිනිය කියයි

Spread the love

රටක් ලෙස ශ්‍රී ලංකාව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ත හරය සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම බව ඇමරිකානු තානාපතිනිය එම ට්වටරයේ දක්වා ඇති අතර ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්  සඳහා ස්ථාවර ,සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නැවත ගොඩ නැගීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයේ මූලික පදනම විය යුතු බවය.   


Spread the love

You may also like