උණුසුම් පුවත් උණුසුම් පුවත්

බන්දුල ගුණවර්ධන චණ්ඩියෙක් වෙලා

Spread the love

හංවැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වග දුම්රිය නැවතුම්පොළ අසල යොදා ගෙන තිබූ රුක් රෝපන වැඩ සටහනක් නතර කරන ලෙසට හංවැල්ල ප්‍රාදේශීය ලේකම් වරයා හා නිළධාරීන්ට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බැණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මම දන්නෙ නැතුව ඔය මඟුල් බෑ හලෝ යැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රාදේශීය ලේකම් වරයාට මෙහිදී පවසා තිබේ.

හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම රුක් රෝපන වැඩ සටහන මගින් අද (9)දින පෙරවරු 9 ට මෙම පැල සිටුවීමට සැළසුමි කර තිබුණි.

ඇමති බන්දුල ගුණවර්ධනලා තවමත් හිතා ගෙන ඉන්නේ තමන් නැතිනම් මේ රටට හිරු පායන්නේ නැතැයි කියාය.

මේ වාහෙලා ජීවත්වන්නේ අමුතුම ලෝකයකය. ඌරන් යන මග ඉන්නා පොළඟුන් ලෙස හැසිරෙන පොලිස්කාරයන්ගේ සැලියුට් එකත් රාජ්‍ය නිළධාරීන් ගේ නිවට බයාදු හැසිරීමත් මොවුන් නිතරම අපේක්ෂා කරති.

මේ ගැන අපට නම් කියන්නට ඇත්තේ අනේ බන්දුල නොදුටු මොක්පුර කියාය.


Spread the love

You may also like