උණුසුම් පුවත් උණුසුම් පුවත්

ලොහාන් රත්වත්තේට එරෙහිවූ විශ්‍රාමලත් විනිසුරු කමිටු වාර්තාව අලි සබ්‍රි හංඟා ගෙන ඉඳලා

Spread the love

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහා දෙමළ සිරකරුවන්ට ගිණි අවි එල්ල කර තර්ජනය කිරීම සම්බන්ධයෙන් දන්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය යටතේ මිනීමැරීමට තැත් කිරීමේ වරදට දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව කොළඹ හා අනුරාධපුර බන්ධනා

ගාර වලට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඒක පුද්ගල විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් වී තිබේ.එම කමි⁣ටු වාර්තාව 2021.11.26 දින සහිතව එවකට අධිකරණ ඇමති ලෙස කටයුතු කළ අලි සබ්‍රිට ලබා දී ඇති බවද අනාවරණය වේ.සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වාර්තාව ලබා ගෙන ඇති අතර ඉන් ඉහත සඳහන් තොරතුරු දැන ගැන්මට හැකිවී ඇත.

ලොහාන් රත්වත්තේට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට තරමේ ප්‍රමාණවත් තොරතුරු නිරීක්ෂණය වන බැවින් පොලීසිය මෙම සිදුවීම ගැන සිදු කර ඇති විමර්ශන පදනම් කර ගනිමින් අධිකරණය කරුණු වාර්තා කිරීම,ඒ සම්බන්ධයෙන් පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීම,ලොහාන් රත්වත්තේ කර ඇති සියලු වරදවල් පිළිබඳව ඉතා කෙටි කාලයකින් නිසි බලය පවතින අධිකරණයක ⁣චෝදනා හෝ අධි චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගැනීම ,එම සිද්ධිය  වන අවස්ථාවේ අනුරාධපුරය බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිළධාරීන් පැමිණිල්ලේ ඇසින් දු⁣ටු සාක්ෂිකරුවන් වන බැවින් ඔවුන්ගේ දන්නා තොරතුරු වසන් නොකර ලබා ගැනීමට සුදුසු ක්‍රම වේදයක් සකස් කිරීම ආදිය සිය  නිගමන ලෙස හිටපු මහාධිකරණ විනිසුරුවරිය එම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු බිම දන ගස්වා ගිණි අවියක් හිසට එල්ල කරමින් වෙඩි තබා ඝාතනයට තැත් කිරීම මත තුවක්කු ආඥා පනත යටතේ කියවෙන දන්ඩ නීති සංග්‍රහයේ 118 හා 120 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සම්බන්ධයෙන් චෝදනා නැගිය හැකි බව එම රැඳවියන් බිම දණ ගස්වා  ස්වේච්ඡාවෙන් තුවාල සිදු කිරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ 314 හා 315 වගන්ති යටතේ වරදක් කර ඇති බවට චෝදනා නැගිය  හැකි බව, රැඳවියන්ට ගිනි අවි එල්ල කර බිය ගැන්වීම මගින් තුවක්කු ආඥා පනත සමග කියවෙන දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය යටතේ වූ සාපරාධී බිය ගැන්වීමේ වරදට දඬුවම් කළ හැකි වරදක් කර ඇති බවට චෝදනා නැගිය හැකි බවටත් එම වාර්තාවේ නිරීක්ෂණ වශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Spread the love

You may also like