නඳුන් චින්තක නොහොත් හරක් කටා රහස් පොලීසියෙන් වැලිකඩ බන්ධනාගාරයට යැවීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් පවතින බව අපි මීට ඉහතදී අනාවරණය කෙරුවෙමු.මෙම සැලසුම ක්‍රියාත්මක කරන්නේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ගේ ලෝයර් පුත්‍රයා හරහාය.මේ අප්පා පුතා ඉන්නේ කිසිත් නොදන්නා හොර පූසන් විදියටය.
එහෙත් මේ ක්කඩියන් දෙදෙනා මේ වන විට උකස් කර නැත්තේ අළුත්කඩේ ශ්‍රේෂඨාධිකරණ බිල්ඩිම පමණය. තමන්ගේ කෙරුවාව හෙළි වෙනවාට ජනතාව හා මාධ්‍ය මර්ධනය කිරීම සඳහා විවිධ ආකාරයේ මිල්ටෙරි අණ පණත් සම්මත කර ගැනීමට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දත් මිටි කමින් සිටී.බෞද්ධ උපාසකයකු ලෙස රඟපාමින් මොහු සිඳු කරන ජාවාරම් ගැන හොඳින් දැන හිටියේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා පමනකි.විජේදාස රාජපක්ෂගේ අජූත කැරැට්ටුව ගැන බුද්ධි අංශ ලබා දුන් පයිල් ගනනාවක් මිල්ටෙරි නන්දසේන ලඟ තිබුණි.ඒ හන්දාම මේ සත්වයා දනින් ඉහළට නොගැනීමට මිල්ටෙරි නන්දසේන ප්‍රවේශම් විය.
දැන් නඳුන් චින්තක නොහොත් හරක් කටා නාඩගමේ පිටපත ලියන්නේ මේ අධිකරණ ඇමතියා හා ඔහුගේ ලෝයර් පුත්‍රයාය.ඒ පිටපත් රචනාවට මේ අප්පා හා පුතාගේ කල්ල මරේය.හරක් කටා ඒ සඳහා ගෙවීම් කරන්නේ කෝටි ගණනෙන් බව අපට ආරංචි වී තිබේ.
පසුගියදා අභියාචානාධිකරණය හරක් කටා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා පැවසුවේ,මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නදුන් චින්තක
රඳවා තබා ගැනීමට පොලීසිය ලබා ගෙන ඇති රැඳවුම් නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි බවය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කරන ලද්දේ මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම උපකල්පන මත පදනම්ව ගොනු කර ඇති බැවින් පෙත්සමට කිසිදු නීතිමය වලංගු බවක් නොමැති හෙයින් මෙය නිෂ්ප්‍රභා කරන ලෙසය.
දෙපාර්ශවය ඉදිරිපත් කරන ලද කරුණු විමසා බලන ලද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඳුන් චින්තක නැමැත්තාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන තීන්දුව එළඹෙන ජුලි 24 වනදා ප්‍රකාශයට පත් කරන බවට නියෝග කෙරිණි.
අභියාචනාධිකරණය එළඹෙන ජුලි 24 වන දින ලබා දීමට ඇති තීන්දුව ගැන කවුරුත් කිසිම සැකයක් අවිශ්වාසයක් තබා ගත යුතු නැත.රහස් පොලීසියේ බොහෝ පොලිස් නිළධරීන්ගේ එකම ප්‍රාර්ථනය වී ඇත්තේ හරක් කටා ගේ රැඳවුම් නියෝගය අවසන් කර බන්ධනාගාර ගත කිරීමය.ඇතැම් විට රහස් පොලීසියේ නඳුන් චින්තක හා “අඹ යාළු” නිළධාරීන් ඔහු බන්ධනාගාර ගත කරන ලෙසට පඬුරු තබමින් බෝධි පූජා පවා තබමින් සිටිනවා විය හැකිය.
අභියාචනාධිකරණය ලබා දීමට නියමිත තීන්දුව ගැන අපටද අදහසක් තිබේ.ඒ අධිකරණ ඇමති අප්පාගේ හා ලෝයර් පුතාගේ බලපෑම මත අභියාචනාධිකරණය නඳුන් චින්තක රහස් පොලීසියේ රඳවා සිටීම නීති විරෝධී බවත් ඔහු ආරක්ෂාව සඳහා “වැලිකඩ බන්ධනාගාරයේ” රඳවා තබන ලෙසත් ඉදිරි පොලිස් විමර්ෂණ සඳහා ඔහු අවශ්‍ය වන්නේ නම් වැලිකඩබන්ධනාගාරයේදී කට උත්තර ලබා ගන්නා ලෙසත් තීන්දු කරනු ඇති බවය.
මෙහිදී එම තීන්දුවේ වැලිකඩ බන්ධනාගාරයේ යනුවෙන් විශේෂයෙන් සඳහන් කරනු ඇත්තේ බරපතල අපරාධ වලට සම්බන්ධ හා හොරොයින් ජාවාරම් කරුවන් දැනට රඳවා ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ බැවිනි.බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් හට කිසිදු බාහිර පාර්ශවයක් සමග දුරකථන සම්බන්ධතා ආදිය පැවැත්වීමට නොහැකි ආකාරයේ දැඩි නීති පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වේ.
එබැවින් නඳුන් චින්තක වැලිකඩ රඳවා තැබීමට ඔහුගේ අඹ යාළු මාළු සමාගමේ උත්සාහයයි. රනිල් රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව රට තුළ ආන්දෝලනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් මෙතෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් වලට, ඉන් ලබා දී ඇති “විලිලැජ්ජා” නැති තීන්දු බලන විට නඳුන් චින්තකගේ පෙත්සමද ඔහුට පක්ෂව තීන්දු කරනු ඇතැයි කිව හැකිය.
නඳුන් චින්තක නාඩගම ඇරඹේ පිටපත අධිකරණ ඇමති බොරු උපාසක විජේදාසගේ හා ලෝයර් පුත්‍රයාගෙනි