“..ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවේ නියෝජනය කරමින් හෙරොයින් බෙදාහැරීම හා අලෙවි සම්බන්ධීකරණය සඳහා සමාගමක් පිහිටුවා ඇති බව මෙරට හොරොයින් ජාවාරම් වල නිරත සියළුම ජාවාරම්කරුවන් හට සතුටින් දන්වමු.හෙරොයින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස රහස් පොලීසිය බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ,සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවාද අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳුද වේ.මේ සම්බන්ධයෙන් වැඩි විස්තර හෝ මෙම සමාගමේ සම්බන්ධ බෙදාහැරීමේ නියෝජිතයකු වීමට කැමති අයෙකු සිටී නම් පොලිස් මූලස්ථානය අමතන ලෙස දන්වමු ..”
මෙම ප්‍රචාරක දැන්වීම ලංකා දවස අනුග්‍රහයෙනි.
පසුගියදා මැඩගස්කරයේදී අත් අඩංගුවට පත්ව මෙරටට රැගෙන ඒමෙන් පසුව රහස් පොලීසියේ රඳවා ගෙන සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳු සම්බන්ධයෙන් රහස් පොලීසියේ රාජකාරිය පිළිබඳව රහස් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපට ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් අප විසින් මෙම දැන්වීම
සකස් කෙරුවෙමු.
රහස් පොලීසියේ මේ වන විට රඳවා සිටින නදුන් චින්තක හා කුඩු සළිඳු සුඛෝපබෝගී පහසුකම් යටතේ සතුටින් නිරෝගීව සිටී.ඔවුන් දෙදෙනාගේ සතුට වෙනුවෙන් සියළු අවශ්‍යතා සපුරා ලීමට රහස් පොලීසිය භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුළු පොලිස් කණ්ඩායම දිවා රෑ නොබලා කැපවීමෙන් හා උද්යෝගයෙන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
නදුන් චින්තකට හා සළිඳු මල්ෂිත ආහාරය සඳහා රයිස්ද කොත්තුද පළතුරුද අඩුවක් නැතුව සැපයේ.එහිදී අයිස්ක්‍රීම් යෝගට් හා පලතුරු වැනි අතුරුපස ආහාර තබා ගැනීමට ඔවුන් දෙදෙනා හට ශීතකරණයක්ද රහස් පොලීසිය විසින් වෙන් කර තිබේ.ඇතැම් විට අයිස් මත්ද්‍රව්‍යද එම ශීතකරණයේ ආරක්ෂිතව තිබෙනවා වෙන්නට පුළුවන.
අප එසේ ලියන්නේ එය තහවුරු කිරීමට හැකි තොරතුරක් අප වෙත ලැබී ඇති බැවිනි.පසුගිය මැයි 20 වන දා වැසිකිළියට රැගෙන ගිය නඳුන් චින්තක පිළිබඳව ඇතිවූ යම් සැකයක් මත එහි රාජකාරියේ නිරත වූ සැරයන් පුෂ්පකුමාර විසින් ඔහු පරීක්ෂා කර තිබේ.නඳුන් චින්තක ගේ බලවත් විරෝධය මත වුවද සැරයන් වරයා විසින් පරීක්ෂා කරද්දී ඔහු සන්තකයේ තිබී හොරොයින් පැකට් 3ක් හමුවී තිබේ.නදුන් චින්තක මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආවේ මේ වසරේ මාර්තු 15 වනදාය.මෙම හෙරොයින් පැකට් නදුන් චින්තක සන්තකයේ තිබී අත්අඩංගුවට ගනිද්දී ඔහු රහස් පොලීසියේ රඳවා ගෙන සිටි කාලය මාස පහකට ආසන්නය.එසේ නම් ඔහුට මෙම හෙරොයින් පැකට් ලැබෙන්නට ඇත්තේද රහස් පොලීසියෙනි.
කෙසේවෙතත් මේ අතරතුර කාලයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ රහස් පොලීසියට අනුයුක්තව සිටි පොලිස් නිළධාරියකු ඉන් ඉවත් කර පෑලියගොඩ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට මාරු කර යවා තිබේ.සාමාන්‍යයෙන් හෙරෙයින් ජාවාරමකට පොලිස් නිළධාරියකු සම්බන්ධ නම් ඒ ගැන විමර්ශනය කර එම සිදුවීමට සම්බන්ධ පොලිස් නිළධාරියා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.එහෙත් මේ සිදු වීමේදී එම ක්‍රියා දාමය සිදු වී නැතුවා පමණක් නොව හෙරොයින් සන්තකයේ තබා ගත් නඳුන් චින්තක සම්බන්ධයෙන්ද අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන නැත.
රහස් පොලීසියේ අත් අඩංගුවට පත් වන යම් සැකකරුවකු එහි රඳවා ගෙන සිටින කාලය තුළදී සමීපතම ඥාතියෙකුට හමුවිමට අවස්ථාව ලබා දේ.මේ හමුවීම් කාලය විනාඩි තිහකට සීමා වේ.එහෙත් නදුන් චින්තක හා සළිඳු මල්ෂිත හමුවීමට පැමිණෙන සමීපතමයන්ට පැය ගනන් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාව හිමි වී තිබේ.එක් අවස්ථාවකදිි දෙදෙනාට පිටතින් ගෙන ආ ආහාර ගැනීම සීමා කිරීමට මහජන සම්බන්ධතා අංශයේ පොලිස් පරීක්ෂක තුසිත කටයුතු කර තිබේ.එහෙත් එහිදී රහස් පොලීසිය භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් පරීක්ෂක තුසිත කැඳවා පවසා ඇත්තේ “අයිසෙ පණ්ඩිතයා වෙන්නැතුව ඒ මිනිසුන්ට ගේන දේවල් ගන්න දෙනවා” කියාය.
ඔව්….තමන්ද සාමාජිකත්වය දරණ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හිරිහැර බාධා පැමිණවීමට ඉඩ දෙන්න බෑ නොවැ.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එසේ කල්පනා කරන්නට ඇත. අපි එසේ සිතමු.ප්‍රසාද් රණසිංහ මේ වන විට ප්‍රංශයට ගොස් තිබේ.ප්‍රංශයට යන අතරමග ඔහු ඩුබායි රාජ්‍යයේ බැස ගත් බවද අනාවරණය වේ.ඒ සමහර විට හරක් කටා හා කුඩු සළිඳු හා එක්ව කළ ව්‍යාපාරයේ ලාභංශ ලබා ගැනීමට වන්නද පුළුවන.කවුරුත් ඒ ගැන ඉරිසියා කරන්නට ඕනෑ නැත.
දැන් රහස් පොලීසියේ ඉහළ ඇවරියේ සිට පහල දක්වා පොලිස් නිළධාරීන්ගේ දුක් ගන්නා රාළ වී ඇත්තේද නඳුන් චින්තකය.පොලිස් දෙපාර්තමේන්තුවට මාසයක් කඹුරා ලබා ගන්නා සිල්ලර බටා වලට වඩා පන්දාහේ නෝට්ටු මිටි ගනන් සතියකට වරක් ලබා ගැනීමට රහස් පොලීසියේ ඇතැම් නිළධාරීන්ට වාසනාව උදාවී තිබේ.ඒ සිය දුක් ගැනවිල්ල නදුන් චින්තකට ඉදිරිපත් කිරීමෙනි.
කන්ට නැතත් සිය ආත්මය පාවා නොදෙන රහස් පොලීසියේ නිළධාරීන් මේ නොසන්ඩාල ජාවාරම් ගැන කම්පාවෙන් සිටී.එහෙත් ඒ ගැන කම්පා වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඔවුන්ට නැත.
හෙට අනිද්දා වන විට නඳුන් චින්තක හා සළිඳු මල්ෂිත අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමට නියමිතය.මෙවැනි නාමධාරී පාතාල ක්‍රියාකාරිකයන් මේ වන විට රඳවා තබන්නේ බූස්ස බන්ධනාගාරයේය.
එහෙත් චින්තක හා සළිඳු බූස්ස බන්ධනාගාරයට නොයවා කොළඹ බන්ධනාගාරයක රැඳවීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ සැළසුම පිටුපස සිටින්නේ තක්කඩි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ නීතිඥ පුත්‍රයාය.මේ ඩබල චින්තක හා සළිඳු යන පතාල ජාවාරම්කාරයන් දෙදෙනා ධනය උපයන උල්පතක් කර ගෙන තිබේ.විජේදාස රාජපක්ෂ යනු “බුදු සරණයි” යන්න මුහුණත ගසා ගත් මස් සඳහා හොරට හරකුන් අදින ලොරියකට සමාන අම්බ කපටියෙකි.මේ අප්පාත් පුතාත් මෙරට අධිකරණය වේස ගුබ්බෑයමක් බවට පරිවර්තනය කරමින් සිටී.
හරක් කටා නොහොත් නඳුන් චින්තකගේ ගේ පියා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ යැයි පසුගියදා ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව නින්දා අපවාද හා අවලාද නැගූ සිංහල බෞද්ධ පින්වතුන් අද වන විට රහස් පොලීසියේ ජරාව ගිලින්නන් සමග අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ නීතිඥ පුත්‍රයා හරක් කටා හා කුඩු සළිඳු එක්ව එක පතේ කුඩු වළඳන එක ගැන කියන්නට ඇත්තේ මොනවාද යන්න දැන ගැනීමට අප කැමතිය.අඩුම වශයෙන් රහස් පොලීසියේ අත් අඩංගුවේ රඳවා සිටියදී හරක් කටා සන්තකයේ තිබී හොරෙයින් පැකට් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ගය කවරක්ද යන්නවත් මේ පින්වතුන් විසින් පොලිස්පති වරයාගෙන් විමසන්නේ නම් එය ඉතා නම්බුකාර මැදිහත් වීමක් වනු ඇත්තේය.
.