උණුසුම් පුවත් උණුසුම් පුවත්

අගමැති දිනේශ් නිසා කටුනායක ගුවන් තොටුපොළෙහි පැය 12 ක් රස්තියාදු වූ අජාන් බ්‍රහ්මවංශෝ හිමි හඬ අවදිකරයි

Spread the love

මෙර⁣ට සංචාරයක් සඳහා වැඩම කරන ලද ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක වන  අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් ආපසු රටින් වැඩම කරන විට ගුවන් තොටුපොළ බළධාරීන්ගේ අතපසුවීමකින් උන්වහන්සේ වැඩම කරවීමට නියමිතව තිබූ ගුවන් යානය මග හැරීම නිසා පැය 12 කට අධික කාලයක් උන්වහන්සේට ගුවන්තොටුපොළෙහි ගත කිරීමට සිඳු වූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙරටට වැඩම කළ අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් දින නවයක කාලයක් ධර්ම දේශනා සහ භාවනා වැඩ සටහන් ගනනාවකට සම්බන්ධ වී  බව වාර්තා විය.එම වැඩසටහන් අවසන් වීමෙන් පසුව උන්වහන්සේ පසුගිය මස 30 වන දා අලුයම ඕස්ට්‍රේලියාවට වැඩම  කරවීමට කටුනායක ගුවන් තොටුපොළට වැඩම කරන ලද බවත් එහිදී උන්වහන්සේට ජනපතිවරයාගේ නියමයෙන් විශේෂ අමුත්තන් ගේ වරප්‍රසාද යටතේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට වැඩම කර ඇති බව පැවසේ.

ඒ අවස්ථාවේ අගමැති දිනේෂ් ගුණවර්දන හා වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ප්‍රභූ පර්යන්තයට පැමිණ ඇත්තේ විදේශගත වීම සඳහාය.ඔවුන්ගේ පැමිණීමත් සමගම එහි රාජකාරි කළ කාර්යභාර නිළධාරියා සිය රාජකාරි කටයුතු අමතක කර එම දේශපාලනික ප්‍රභූන් හට පහසුකම් සැලසීමට මැදිහත් වී ඇත.

තමන්ට කටුනායක ගුවන් තොටුපො⁣ළේදී සිඳුවූ මෙම  අපහසුතාව පිළිබඳව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහි⁣ටි සිය ආශ්‍රමයේදී පැවැති දේශනයකදී අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් පවසා ඇත්තේ එම

 සිදුවූ අපහසුතාව ගැන ⁣ලංකාවේ ජනපතිවරයා විමර්ශනයක් ඇරඹීමට යන බව දැන ගැන්මට ලැබුණ බවත් එහෙත් විය යුතු වන්නේ මෙවැනි වැරැදි අතපසුවීම් සිදු නොවන වටපිටාවක් රට තුළ නිර්මාණය කිරීම බවය.

අජාන් බ්‍රහ්මණවංශෝ හිමියන් එහිදී මෙසේද පවසා තිබේ.

“…ඔබ දන්නවා මා පසුගියදා ආවෙ ශ්‍රී ලංකාව ඉඳන්.ඒ එන අතරේ මා මුහුණ දුන් සිඳුවීම බොහෝ දෙනා දැනුවත් ඇති.මා ලංකාවේ භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා ගනනාවකට සහභාගි වුනා.එම ආගමික වැඩ සටහන් වලට 7000ක බැතිමතුන් සහභාගි වුනා.එම වැඩසටහන් අවසානයේ මා නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ගුවන්තොටු පොළට පැමිණි විට ප්‍රභූ පර්යන්තය ස්වයංක්‍රීය ගිණි අවි ගත් හමුදා ආරක්ෂකයන් ගෙන් පිරිලා තිබුණා.ඒ මගීන්ට ඇවිදින්නට බැරි තරමට.මට පසුව දැන ගැන්මට ලැබුණා ලංකාවේ අගමැතිවරයා තායිලන්තයේ පැවැත්වෙන උත්සවයකට රටින් පිටව යන නිසා එහි හමුදා ආරක්ෂකයන් යොදවා තිබුණු බව.

මා ප්‍රභූ පර්යන්තයේ සිට මගේ ගුවන් ගමනට අදාල සියළු ලියකියවිලි සම්පූර්ණ කර ගමන් අවසරය ගත්තා.මට ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව ලං වෙන විට මා එතැන සිටි අයට ඒ බව දැන්වූවා.ඔවුන් මට පැවසුවේ ස්වාමින් වහන්ස කලබල වෙන්න එපා කියලයි.ඒත් මා වටහා ගත්තා මා ගමන් කළ යුතු ගුවන් යානයේ වේලාව ඉක්මවා යාමට නියමිත බව.ඒ වගේම මා බලා සිටියදීම ගුවන් යානය පිටත් වුනා.මට සිඳුවූ අපහසුතාව ගැන ජනපතිවරයා විශේෂ පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවට මා හ⁣ට දැන ගැන්මට ලැබුණා.ඒත් මා එච්චර ලොකු කෙනෙක් නොවෙයි.මට ඒ සිදුවීම එතරම් ප්‍රශ්ණයකුත් නොවෙයි.ජනපති තුමා කරන්න ඕන මාගේ ගුවන් ගමන මග හැරීම ගැන පරීක්ෂණ කිරීම නොවෙයි.මේ ආකාරයෙන් අත් වැරදීම් සිදු වීම මග හරවා ගැනීමට වැඩපිළිවෙලක් යෙදීමයි.අත්වැරදීම් වලට මිනිසුන්ට සමාව දෙන යාන්ත්‍රණයක් හදන්න.මිනිසුන්ගේ අත් වැරදීම් වලට ඉඩ දෙන තරමට ඔවුන්⁣ට සමාව දෙන විට ඒ අය අතින් එවන් වැරදි සිදුවෙන එක අඩුවේවි…..”

ලංකා දවසට මේ සිදුවීම ගැන වෙනත් කියවීමක් තිබේ.අගමැති දිනේෂ් ගුණවර්ධන මෙරට පෙනී හිටින්නේ සිංහල බෞද්ධ නායකයකු ලෙසය.

අජාන් බ්‍රහ්මවං⁣ශෝ හිමියන් ජාත්‍යන්තරයේ ගරු සම්භාවනාට ලක් වන ගෞරවණීය බෞද්ධ යතිවරයෙකි.

දිනේෂ් ගුණවර්ධන නම් වූ මහා උපාසකයා රටින් පිටව යාමට ප්‍රභූ පර්යන්තයට පැමිණි විට එහි රැඳී සිටි අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් නොදැකීමට කිසිම හේතුවක් නැත.එසේ දැන හඳුනා ගෙන අගමැතිවරයා මේ ප්‍රශ්ණයට ඒ මොහොතේ මැදිහත් වූයේ  නම් අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ට සිත් රිදවීමක් ඇති නොවන්නටද ඉඩ තිබුණි. එහෙත් සිංහල බෞද්ධ හිවල් හම පොරවා ගෙන සිටින මෙවැනි තක්කඩියන්ට බෞද්ධ ආගමික පූජකයන්  අවශ්‍ය වන්නේ තමන් ගේ වාසියට පමණක් බව අප කල්පනා කළ යුතුය. 


Spread the love

You may also like