රනිල් හාමු ජාතිය ජාති විදියට ඇමතුවේය.හාමු ගේ සිහින කතන්දර අහන් ඉන්න ජාතියට ඔල්මාදය.එහෙම නැතිනම් හාමුට පිස්සු හොඳ එකය.
හාමු කියන විදියට එයා රට ගොඩ දාන්නේ 2048 අවුරුද්දේය.රට ගොඩ දාන තුරු ජනතාව ටිකක් දුක් විඳින්නට ඕනෑ බව හාමු සිහිපත් කෙරුවේය.2048 වන තුරු හාමු වල කජ්ජ නොගහා ජීවත් වෙන්නට හිතා ගෙන ඉන්නේ වෙද මුත්තාගේ අරිෂ්ටය බීලා වෙන්ට ඕනෑය
රනිල් හාමු රට ගොඩ දාන දවස් වන විට අපි නම් වල දැමූ තැන් හොයා ගන්නවත් බැරි වෙන ෂුවර්ය. ඒත් ඉතින් හාමු ගේ රට ගොඩ දාන ප්ලෑන් එක ගැන අපට මොනවත් කියන්නට බැරිය.අපට තියෙන්නේ දෙන දෙයක් කා බොන දෙයක් බී ඔහේ බලා ඉන්න එකය.හෙට අනිද්දා වෙන විට විජේදාස රාජපක්ෂ ඇමතියා ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන වුන්ගේ කට වල් වහන්නට හිට්ලර් පනතක් අරගෙන එන්නට සූදානමිනි.මේ හැම දෙයක්ම ආණ්ඩුව කරන්නේ එක්තරා විදියක පාතාල සිස්ටම් එකටය.ආණ්ඩුව පළමුවෙන්ම කෙරුවේ පලාත් පාලන මැතිවරණය කැන්සල් කිරීමය.ඊ ලඟට මහජන උපයෝගිතා කොමිෂමට වැඩේ දුන්නේය.මානව හිමිකම් කොමිෂම ගොදුරු කරගන්නට කුරුමානම් අල්ලමින් සිටී.
කම්කරු ඇමති කම්කරු නීති කප්පාදු කරන බව කියන්නේද හාමු ජලාං හුටං ප්ලෑන් එකට හරියන ආකාරයටය.
රනිල් හාමු තමන්ගේ දේශපාලන ගේම් එක සෙල්ලම් කරන්නේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි විදියටය.හාමු පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවත් ඇමරිකාවත් බව අපි දනිමු.
ඉන්දියාව ප්ලෑන් කරමින් සිටින්නේ උතුරු නැගෙනහිර පෙඬරල් පාලනයක් පිහිටුවීමය.හාමු ඒ සඳහා එකඟය. ජපානයට ගොස් රහසේ ඒ ගැන සාකච්ඡා කර ආපසු ආවේ වැඩේ කරන්නට පොරොන්දු වෙලාය.
ඒ එකගතාව පරිදි වැඩේ කරන්නට පෙර පෙර සමගි ජන බලවේගයේ දේශපාලන බිම් හයිය කප්පාදු කරන වැඩ පිළිවෙලක් මේ වන විට යටිබිම් ගතව ක්‍රියාත්මක කරමින් පවතී.එහිදී හෙට අනිද්දාට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගනනාවක් රනිල් හාමු ගේ ඔඩොක්කුවට පනිනු ඇත.රනිල් හාමු ගේ පාර්ශවය කල්පනා කරමින් සිටින්නේ ඉන් අනතුරුව සමගි ජන බලවෙිගය සීසීකඩ යනු ඇති බවය.
සමගි ජන බලවේගය දේශපාලනිකව බිඳ වැටීමෙන් පසුව ඒ හා සම්බන්ධව සිටි පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වෙනු ඇතැයි හාමු ගනන් හදා ගෙන සිටී.
හාමු ගේ හිට්ලර් හීනය හැබෑ කර ගන්නට තව තව අමුතු ජාතියේ දේශපාලනික මැදිහත්වීම් ආණ්ඩුවෙන් සිදුකරනු ඇති බව දැන ගැන්මට තිබේ.
ඒ කොහොම වෙතත් රනිල් හාමු ගේ ඉදිරි කෙරුවාව ගැන අපට හිතන්නට තියෙන්නේ ඔහුගේ දේශපාලන පැටිකිරිය ගනන් හැදීමෙනි.මේ වාහේ අවුරුදු හතලිහක් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට අණ පනත් වලට ඡන්දය දී තිබේ.යෝජනා ඉදිරිපත් කර තිබේ.අගමැති විදියට අවස්ථා දෙකක් කටයුතු කර ඇත්තේය.ඒ දවස්වල රට ගොඩ දාගන්න බැරි වුන මේ උන්දෑට දැන් මේ බංකොලොත් වී තියෙන මේ රට ගොඩ දාන්න පුළුවන් යැයි සිතීම මාරම ජෝක් එකකි.
කෝම වෙතත් රනිල් හාමු ගේ ජාති ජාතිය ඇමතීම ගැන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙලෙස පවසා තිබුණි
“…..ජනපතිවරයා ගේ ජාතිය ඇමතීම හාස්‍යයට කාරණයක් වන්නේ 2048 වන විට මේ රට සංවර්ධනය කරනවා කීමය.ඔහු වසර 75 ක කාලයෙන් වසර 40ක්ම කාලයක් මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදකයකු ලෙස වසර 30ක්ම කටයුතු කර තිබෙනවා.
ජනපතිවරයා 2000දී බලයට පත් වීමෙන් පසුව යළි පුබුදුමු ශ්‍රී ලංකා කියල වැඩසටහනක් ඉදිරිපත් කෙරුවා.ඉන්පසුව 2105 දී දින 100 වැඩ සටහන ගෙනාවා.නමුත් මේ කිසි දෙයක් මේ රටේ යථාර්ථයක් බවට පත් නොවූ සිහින කතන්දර වුනා.සංවර්ධිත රාජ්‍යයක් මනින ප්‍රධාන මිනුම් දඬු දෙක වන්නේ ඒක පුද්ගල ආදායම හා ජාතික නිෂ්පාදනයයි.සංවර්ධිත රටක ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12000ක් පැවැතිය යුතුවා මෙන්ම දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300ක් විය යුතු වෙනවා.මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3474 ක් වන නිසා ඉදිරි වර්ෂ කිහිපයේදී ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ යුතු වෙනවා.ඒක මේ යන විදියට බැලූ බැල්මට හීනයක් විතරයි
ඒත් රනිල් හාමු මැරෙනතුරු ජනපති සැප විඳින්නට හැකි යැයි හිතා ගෙන ඉන්න බව නම් පැහැදිලිය.විවිධ හැඩයේ අමුතුම ජාතියේ දේශපාලන ගේම් දියත් කරමින් සිටින්නේ ඒ නිසාය.
සමගිජන බලවේගය කුජීත කෙරුවාට පසුව පොදු ජන පෙරමුණේ වුන්ට කොකා පෙන්වන්නට හාමු ගේ හිතේ තියෙන්නට පුළුවන.ඉන්දියාවේ ෂපෝට් එකෙන් සුළු ජාතික ඡන්ද ගොඩ තමන්ගේ මල්ලට දා ගැනීමේ ප්ලෑන් එකක්ද ඒ අස්සේ තිබේ.මධ්‍යම කඳුකරයේ වතු කම්කරු චන්ද ගොඩ ද ඕකේ කරගෙන ජනපතිවරණයකට යාම මෙහි අවසන් අපේක්ෂාව වෙන්නට පුළුවන.දැන් මේ හාමු ඇඟට පතට නොදැනී එළියට දාන්නේ ඒ මාර්ග සිතියමයි .ඉතින් රනිල් හාමු දකින හීනය ඒ විදියට ඉෂ්ඨ වෙනවායැයි කවුරු හරි හිතනවා නම් ඒ ඔළුවේ අමාරුව තියෙන එකෙක් වෙන්න ඕනෑය.
රනිල් හාමු අද දවසේ තමන්ගේ හිට්ලර් ගේම් එකේ ඇඟ හිරි වැටෙන කෙරුවාව එළියට දැම්මේය.ඒ මේ රටේ අගවිනිසුරු හා අනෙකුත් සියළු අධිකරණ වල විනිසුරුවරුන් නුවරඑළියට කැඳවා ප්‍රයිඩ් රයිස් කුකුළු මස් දී චූන් කරවීමය.ඒ රැස්වීම සංවිධානය කර තිබුණේ ජාතික නීතිඥ සංඟමයයි.
මේ පෙරේත නඩුකාරයන් රනිල් හාමු ගේ මස් කටු ලොවින්නේ ආණ්ඩුවට එරෙහිව නඩු ගනනාවක විනිසුරු වරුන් ලෙස කටයුතු කරමින් සිටියදීය.
අධිකරණ විනිසුරු වරුන් මෙලෙස
විධායකයේ ඔඩොක්කුවේ හුරතල් වීම දිහා බලන විට ඉදිරියේදී මෙරට ජනතාවට නීතියේ සාධාරණය කෙසේ ඉටු වේද යන්න හිතා ගන්නට පුළුවන.
ඒ කියන්නේ අළුත්කඩේ හැම තීන්දුවක්ම ලියවෙන්නේ හාමුට ඕනෑ විදියටය.ඒ බව කැට තියා කියන්නට පුළුවන.
නීතිඥ සංගමය අමතා රනිල් හාමු ප්‍රකාශ කෙරුවේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු වූවත් මෙි මොහොතේ කිසිම දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද පදනමක් ලබා ග නොහැකි බවත් එබැවින් සියළු දෙනා එකතු විය යුතු වන්නේ මැතිවරනයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ නැගීමට බවත්ය.මෙරට තරුන පරපුර ඇතුළු ජනතාවගෙන් අති මහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කෙරුවේය
මුන්දෑ තරුණ පරපුර හා ජනතාවගෙන් අති මහත් බහුතරය මැතිවරණ හා දේශපාලනය ගැන විශ්වාසය කඩ වී ඇතැයි කියන්නේ කවර මූලාශ්‍රයක් මත දැයි කියන්නට අප දන්නේ නැත.ඒත් ඒ ගැන අපට කියන්නට ඇත්තේ දැන්නම් මුන්දෑට මංඥං කියාය.
රනිල් හාමු ගේ මංඥං කයිවාරුව හා ජාති ජාතියේ ඇමතීම