යුද හමුදාව මේ රටේ ජනතාවගේ ජීවිත අනතුරකට ලක් කරන බරපතල අවදානම්කාරී ක්‍රියාවක් සිදු කරන බවට ලංකා දවසට වාර්තා වී තිබේ.මේ වන විට යුද හමුදාවේ කොමිෂන් ලත් නිළධාරීන් වශයෙන් අනුයුක්ත කර ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමන්ගේ පෞද්ගලික වාහන වලට යුද හමුදා අංක යොදා ගනිමින් භාවිතා කරමින් සිටී.එහිදී මේජර් වරුන් වන දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරා සහ තව කිහිප දෙනෙකු එලෙස වංචනික ආකාරයෙන් හමුදා තහඩු අංක යොදා ගනිමින් සිය පෞද්ගලික වාහන භාවිතා කරන බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා ජනරාල් වරයකු ලංකා දවසට පැවසුවේ මෙය ආරක්ෂක අමාත්‍යංශයේ අවධානයට ගත යුතු ඉතා බරපතල සිදු වීමක් බවය.ක්‍රිකට් ගැහැව්වය කියල හමුදාවෙ පවතින නීති උල්ලංඝනය කරන බැහැ.ප්‍රශ්නය තියෙන්නෙ මේ හාදයො යන වාහන මහ පාරෙදි මනුස්සයෙක් යට කරල මරල දැම්මොත් කෝමද නීතිය ක්‍රියාත්මක කරන්නෙ ..ඇයි වංචනික වාහන අංක නේ තියෙන්නෙ.සාමාන්‍යයෙන් හමුදා අංක සහිත පෞද්ගලිකව වාහනයක් භාවිතා කරන්න ඉඩ තියෙන්නෙ රෙජිමෙන්තුවකට අණ දෙන ඡ්‍යෙෂ්ඨ මේජර් වරයකුගෙ ඉඳල ඉහළට. ඡ්‍යෙෂ්ඨ මේජර් කෙනෙක් කියන්නෙ දීර්ඝ සේවා කාලයක් නිළධාරියෙක්. ඒත් මුන් කවුද .බැට් එකකින් බෝලයට ගෑහැවිව කියල හමුදාවෙ උන් ඉස්සරහ දෙකට නැවෙන්න ඕන නෑනේ.උන් ඉන්න ඕන හමුදා විනයට යටත් වෙලා.ඒත් දැන් සිද්ධවෙලා තියෙන්නෙ මේ ගූ කොල්ලොන්ට හමුදාවෙ පෞරෂය පාවා දීල තියෙන එකයි.ජනරල් ෆොන්සේකා සර් ඉන්න කාලෙ මේ වගේ අපත වැඩ වලට ඉඩ දුන්නෑ. ඒත් ජනරල් ශවේන්ද්‍රල මේ හමුදාව වේස ගෑනියෙක් කරා. අපත කෑලි හමුදාවට අරගෙන කොමිෂන් කරල.මුන් හමුදාවෙ හතර මායිම ගැන දන්නෑ.අපට හමුදාව ගැන හරිම දුකක් තියෙන්නෙඔහු වැඩිදුරටත් පැවැසුවේය.අප මේ පිළිබඳව යුද හමුදා පොලීසියෙන් විමසූ විට ඉන් අපට ලැබුණ ප්‍රතිචාරය වූයේ හමුදාවට අනුයුක්ත කර ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ පෞද්ගලික වාහන වලට ව්‍යාජ හමුදා අංක යොදා ගෙන භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇති බවය.එහෙත් ඇතැම් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්ට මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් ලැබෙන මුල්‍යමය වාසි නිසා මේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපහසු වී ඇති බවද එහිදී අවධාරණය කෙරිණි. මෙහි ඇත්තේ තිසර පෙරේරා භාවිතා කරන පෞද්ගලික රථයයි.මෙම රථයේ හමුදා අංකය පිළිබඳව අප සොයා බුලූ අතර එය යුද හමුදා වාහන අංක ලේඛන ගතව නැති බවද අපට දැන ගැන්මට හැකි විය. දැන් අපට දැන ගත යුත්තේ මෙම වාහනය මගින් සිදු කෙරෙන අනතුරකදී මෙරට පුරවැසියකු මිය ගිය හොත් එහි වගකීම බාර ගන්නේ ආරක්ෂක අමාත්‍යවරයාද ,ආරක්ෂක ලේකම්වරයාද ,හමුදාපතිවරයාද එසේ නැතහොත් පොලිස්පතිවරයාද යන්නය.