උණුසුම් පුවත් උණුසුම් පුවත්

විමල් වීරවංශට එරෙහිව ජනරාල් ශවේන්ද්‍ර සටනට බසී

Spread the love

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන ලද බව වාර්තා වේ.

 විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කළ කෘතියෙන් තමාට සහ යුද හමුදාවට අපකීර්තියක් අත් වූ බව සඳහන් කොට ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා මෙම වන්දි නඩුව පවරා තිබේ.මිල්ටෙරි නන්දසේන එළවා දැමීම සිඳු වූ මහජන නැගිටී⁣ම පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචිත මෙම කෘතියේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇමරිකානු ව්‍යාපෘතියක කොටස් කාරයකු බව සඳහන් කර ඇති බව පැවසේ.

“නවය සැඟවුන කතාව” යනුවෙන් නම් කෙරුණ මෙම ග්‍රන්ථයේ මිල්ටෙරි නන්දසේන එළවීම සඳහා මෙරට අරගලය සිදු වූ ආකාරය,අරගලය මෙහෙයවූ විදේශ බලවේග,රාජ්‍ය නොවන සංවිධාන හා ඔවුන් ඒ සඳහා ලබා දුන් අරමුදල් ගැන සවිස්තරාත්මකව සඳහන් කර ඇත.අරගලයේ නිරත වූවන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ජනපති මිලිටෙරි නන්දසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ධුරවලින් ඉවත් කිරීම බවත් නමුත් අවසානයේදී සිඳු වූයේ ⁣මිල්ටෙරි නන්දසේන පමනක් ධුරයෙන් ඉවත් වීම බවද එම කෘතියේ සඳහන් කර තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශයට පත් කළ කෘතියේ අන්තර්ගතයේ ඇමරිකාව සම්බන්ධයෙන් පල කර ඇති විවේචන අසත්‍ය බව ඇමරිකානු තානාපතිවරිය වන ජුලී චං ටිවටර් පණිවිඩයක් පවා නිකුත් කරන ලදී.

 “නවය සැඟවුන කතාව” කෘතියේ සඳහන් කරුණු පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විවේචනයට ලක් කෙරුවේය.

කෙසේ වෙතත් විමල් වීරවංශ ගේ පැටිකිරියේ කෙරුවාව හා කයිවාරුව පිළිබඳව අපට හොඳ මතකයක් පවතී.ඒ  විමල් වීරවංශ 2007 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපා හැරීමෙන් පසු ඔහු විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛන භාවිතා කරමින් නැත්ත වෙනුවට ඇත්ත කෘතිය මුද්‍රණය කිරීමට එරෙහිව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීම පිළිබඳවය.⁣ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයා විසින් විමල් වීරවංශ⁣ට එරෙහිව පවරන ලද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ රුපියල් මිලියන 10 ක් හා සියළු නඩු ගාස්තු ජනතා විමුක්ති පෙරමුණට ගෙවන ලෙසට  වග උත්තරකාර පාර්ශවය වූ විමල් වීරවංශට  නියෝග කරමිනි. තවදුරටත් එම තීන්දුවේ සඳහන්ව තිබුණේ මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වී ඇති බවය.

දැන් විම⁣ල් වීරවංශ පැටලී ඇත්තේ ජනරාල් ශවේන්ද්‍ර සමගය.කෙසේ වෙතත් අප විමල් වීරවංශ හොරාට අච්චු ගසා නෝන්ඩි වූ “නැත්ත වෙනුවට ඇත්ත “කෘතියේ සඳහන්ව ඇති ඔහුගේ හැඩයටම ගැලපෙන අදහසක්  කාට කාටත් කියවන්නට මෙහි  ලියමු.

“…..ජාතික ප්‍රශ්ණයේදී අප මුහුණ පා ඇති මේ දුෂ්කරතාව විසින් දැන් අප ක්‍රම ක්‍රමයෙන් පත් වී ඇත්තේ බඩගිණි සිංහයාගේ ස්වභාවටමය.බඩගිණි සිංහයා ඕනෑම ගොදුරක් දුටු විට එයට කඩා පනී.ජාතික ප්‍රශ්ණය හරහා අධිරාජ්‍ය ⁣විරෝධී සටනේ ප්‍රශස්ත ප්‍රබුද්ධ භූමිකාවක් රඟ දක්වමින් ඒ මත මුළුමහත් දේශප්‍රේමී ජනතා බලවේගවන් මෙහෙයවූ අපට දැන් ඒ මගින් ලැබෙන ගොදුරු හිඟවී ඇති නිසා කුස පුරවා ගැනීමට දැන් අප කරන්නේ අහුවෙන අහුවෙන ගොදුර  ඩැහැ⁣ගැනීමය……”

පොදු ජන පෙරමුනේ සිට එළියට විසි වූ දින සිට ආතක් පාතක් නැතුව නළියන විමල්  වීරවංශට ඉහත උපුටනය තුළ ඇති අදහස නම් අපූරුවටම ගැලපෙයි.නමුත් එය “බඩගිණිකාර සිංහයා” වෙනුවට “බඩගිණිකාර කැණහිලා” යනුවෙන් යොදා ගත්තා නම් වඩා හොඳය. 



Spread the love

You may also like