උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඇමති බෑණා මාමාගේ බිස්නස් ගොඩ දාලා

Spread the love

ජනපති රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙරට ඉන්ධන පිරවුම් හලවල් 150ක් ඇමරිකාව ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවල් වල ඉන්ධන බෙදාහැරීමේ සමාගම් 03 කට ඉන්ධන හල් 50 බැගින් ලබා දීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.එහෙත් මේ වන විට එම ඉන්ධන සමාගම් 50 චීන සමාගමකට පමනක් ලබා දීමට බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ගිවිසුම් අත්සන් කර ඇති බව අනාවරණය වේ.

සිනොපෙක් නමින් හැඳින්වෙන එම ඉන්ධන බෙදා හැරීමේ සමාගමේ මෙරට දේශීය නියෝජිතයා වන්නේ මැක්රලන්ස් සමාගමයි.මෙම මැක්රලන්ස් සමාගමේ  අධිපති වරයා වන්නේ ⁣ව්‍යාපාරික රොහාන් ද සිල්වා වන අතර ඔහුගේ දියණිය වන ෂෙහාරා ද සිල්වා සමග බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  විවාහ වීමට නියමිත බවද දැන ගැන්මට තිබේ.ඒ බව පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ විජේසිරි මන්ත්‍රීවරයා විසින් හෙළි දරව් කරන ලදී.මෙම පුවත දිලිත් ජයවීරගේ අරුණ  පුවත්පත මගින්ද දෙරන රූපවාහිනියේ චතුර අල්විස් විසින් උදෑසන ප්‍රවෘත්ති පත් කියවීමේදීද සුවිශේෂී ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කෙරිනි.

මෙම ප්‍රචාරය හේතුවෙන් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ වූ බවට මේ වන විට කාංචන විජේසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිණිලි කර තිබේ.

කාංචන විජේසේකර ඇමතිවරයාට එරෙහිව චෝදනා කරන පාර්ශවයන්ගෙන් අපට මෙහිදී අහන්නට ඇත්තේ මාමණ්ඩියට ෂපෝට් එකක් දෙන්න බැරි ඇමති බෑණා කෙනෙක් මොන කෙහෙල්මලකට ඇමතිකමේ ඉන්නවාදැයි කියාය. 


Spread the love

You may also like