උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඩී.අයි.ජී දේශබන්දු අලි පැටියෙක් බවට පත්වේ පොහොට්ටුවන්ට අබ සරණයි කිරි පුතේ

Spread the love

මෙරට පොලිස්පතිවරයා වීමට හීන මවමින් පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරේ ගැවසුන ඡේ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටින බවට  ඔහු විසින් පෞද්ගලිකව කරන ලදැයි කියවෙන ප්‍රකාශයක් පිළිබඳව ඔහුගේ හිතවාදී අභ්‍යන්තර කවය තුළ සිටින පොලිස් නිළධාරීන්ගෙන්ම අපට දැන ගැන්මට ලැබී තිබේ. 

පසුගියදා කොළඹ ප්‍රදේශයේ ඔහුට සමීපතම පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අමතා ඔහු විසින් පෞද්ගලිකව සිඳු කළ ප්‍රකාශයකදී   මින් ඉදිරියේදී නීතියට එරෙහිව යන පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන් කිසිවෙකුට චාන්ස් එකක් නොදී බෙල්ලෙන් අල්ලා කූඩුවට දමා චෝදනා ගොනු කර වහාම අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා තිබේ.එසේ කරන පොලිස් නිළධාරීන් තමන් විසින් ආරක්ෂා කරන බවද දැන් ඇත්තේ එජාප ආණ්ඩුවක් මිස පොදුජන පෙරමුනේ “ගෝත සිපයියන්” ගේ ආණ්ඩුවක් නොවන බව එවුන් වටහා ගත යුතු බවද ඔහු එම පොලිස් නිළධාරීන් අමතා වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය දිනවල පොලිස්පති තනතුර ලබා ගැනීමට රාජපක්ෂ වන්දනාවේ ගිය ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව රාජපක්ෂවරු ඔහු පඩේකට ගනන් නොගැනීම මේ උදහසට හේතු වී ඇති බව පැහැදිලිය.කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුවට එක්වීමට පෙර දේශබන්දු තෙන්නකෝන් සේවය කරන ලද්දේ එජාප මූලස්ථානය වූ සිරිකොත කාර්ලයාලයේය.ඊට පෙර කාලයකදී  කුරුණෑගල ප්‍රධාන අමාත්‍යවරයා වූ එජාපයේ ජයවික්‍රම පෙරේරා ගේ රියදුරු ලෙසද දේශබන්දු තෙන්නකෝන් සේවය කරන ලදී.

දේශබන්දු තෙන්නකෝන් ගේ සිදු කර ඇති මේ ප්‍රකාශයෙන් අපට තහවුරු කර ගත හැක්කේ රනිල් රාජපක්ෂ හා රාජපක්ෂ දීගය දැන් ඇත්තේ හෙලවෙන දතක් වාගේ කියාය.එහෙමත් නැති නම් මේ කතා අසන විට අපට සිහියට එන්නේ ආණ්ඩුවේ සොහොන් ලකුණු මතු වෙමින් ඇති බවය.

ඒ කෙසේ වෙතත්  කොළඹ ප්‍රදේශයේ පොදු ජන පෙරමුණේ දේශපාලඥයන්ට අපට කියන්නට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් ගේ  පස්සා පැත්ත ලොවින පොලිස් කාරයන්ගෙන් ප්‍රවේශම් වී සිටින ලෙසය.නැතිනම් ඇඟට පතට නොදැනී ෂොට් එක වැදී වැඩේ සොරි වන්නට පුළුවන.



Spread the love

You may also like