පසු ගිය 11 වනදින වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් සලාකා අධිපති සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ කලක් සේවය කර ඇති,බදුල්ල ,දෙමෝදර වත්තේ පදිංචිව සිටි 42 හැවිරිදි තිදෙරු මවක් වන රාජ් කුමාරි නැම්තිය අත් අඩංගුවට ගෙන ඇත. රාජ්කුමාරි නැමති එම තිදරු මව අත් අඩංගුවට ගන්න විට සුදර්මා නෙත්තිකුමාරගේ නිවසින් වෙනත් නිවසක මෙහෙකාර සේවයේ යෙදි සිට තිබේ . තම නිවසින් වෙනත් නිවසක්ට යාම නිසාම සුදර්මා නෙත්තිකුමාර රාජ්කුමාරි සමඟ දැඩි වෛරයකින් පසුවී වැලිකඩ පොලිසියට දෙන ලද දුරකතන් ඇමතුමකට රාජ්කුමාරි නැමැත්තිය මුද්දක් සොරා ගැනීම පිලිබදව් අත් අඩංගුවට ගෙන තිබේ. ඒත් පොලිසිය තුල එවනි කිසිදු ලිඛිත පැමිණිල්ලක් මෙතෙක් සටහන් කො ට නැත. පොලිසිය විසින් කොටා පාරේ වෙනත් නිවසක සිටියදි අත් අඩංගුවට ගත් රාජ්කුමාරි 5/11 වනදින පොලිසියට ගෙනවිත් ඉතාම අමානුෂික ලෙසට පහර දි තිබේ. පසුව සිහිසුන්ව ඇද වැටුන මේ තිදරු මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබේ පසුව ඇය මිය ගොස් තිබේ. පහර කැමෙන් ලද තුවාල වලින් ඇය මිය ගොස් තිබියදිත් කොළඹ ජාතික රෝහලේදි මියගිය ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණයක් නොකොට් මුදා හැරියේ කව්ද ? ඇය මිය ගිය පසුව වැලිකඩ පොලිස් ස්ථානාධිපති විසින් රුහුණු මල්ශාලාවට කතා කොට මිනිපෙට්ටියක් පවා අරන් දීමට ක්‍රියා කොට වැඩේ ගොඩින් බේරා ගැනීමට සුදානම්ව ඇත. සුදර්මානෙත්තිකුමාර නැමැත්තිය විසින් බස්නාහිර ප්‍රධාන පොලිස් නිලධාරියෙකු ගේ සමීපම සම්බන්ද අයෙකු බවට හෙලිවී තිබේ මෙම මරණය පිලිබදව් ලංකාවේ ජඩ මාධ්‍ය රටට සත්‍ය වසන් කරන්නේ සුදර්මානෙත්තිකුමාරගේ පොත්ත රතු නිසාත් ඇයට ගොඩාක් ඇළුම් කරන නීසාත් රටේ ප්‍රභලම් පක්ෂ හා විපක්ෂ දේශපාලකයන් ගේ හිතවතියක් නිසා බව් අපිට වාර්තාවේ කෙසේ වෙතත් සිරකරු අයිතින් වෙනුවෙන් හා මානව හිමිකම් වෙනුවෙන් හඩ නගන නන්දිමාල් හා නිතිඥ සේනක පෙරේරා මේ පිලිබදව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අංක බී,91776/23 අනුව කරුණු වාර්තා කොට ඇත.මෙම සිද්ධිය පිලිබදව් විමර්ෂණයක් කිසීමට ජාතික පොලිස් කොමිසමට පවා දැනුම් දී තිබේ. මෙය මුළු මනින්ම නිතිවිරෝධි ක්‍රියාවකි. එත් ලංකාවේ මාධ්‍ය නිහඩය.