දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ඝාතනයක් බවත් එය ලංකාවේ ප්‍රභල” පුද්ගලයන් ගේ උවමනාවකට සිදුකර තිබෙන බවත්,අපි මාධ්‍ය හරහා “ලංකා දවස” දිගින් දිගටම හෙලි කලේය.ඒ ෂාෆ්ටර් ඝාතනය සිදු වු දිනමය. එම ඝාතනයත් තවත් තාජුදීන් පන්නයේම ඝාතනයක් බව මුලින්ම රටට අපි අනාවරණය කලෙමු. අපරාධ විමර්ෂණයේ අයන්න දන්නා ඕනෑම අයෙකුට ෂාෆ්ටර් ඝාතනය සිය දිවි නසාගැනීමක් නොවන බව කීමට හැකිය. ඒත් ඒ බව නොදන්නේ ටිරාන් හා ඔහු ගේ හොදම හෙන්චයියෙක් වී ඇති ප්‍රසාද් රණ සිංහයි. කෙසේවෙතත් ෂාෆ්ටර් ගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න විසින් අධිකරණයෙන් පසු ගියදා කරණ කරන ඉල්ලීමකට අනුව විශේෂ වෛද්‍ය මංඩලයක් පත් කරන ලෙසට ඉල්ලීය ඒ අනුව පත් කල පංච පුද්ගලවෛද්‍ය මංඩලයට අනුව නැවත මෘත දේහය ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් කලයුතු බවට නිගමනය කොට තිබේ.ඒ අනුව තවත් නොබෝදිනකින් මෘත ශරීරය ගොඩ ගනු ඇත. දැන් ටිරානලාට ප්‍රසාද් රණසිංගලාට හුජ්ජ බර හැදෙන වාර්තාවක් එලියට එන බව නම් අපට සහතිකය.