මෙරට දේශපාලනය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී.මේ උණුසුම තුළින් දේශපාලන පොරපිටියේ ඇතිවන වෙනස්කම් කිසිවෙකුට වටහාගත නොහැකි තරමේය.මේ වන විටත් ජනපතිවරයා හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර විරසකයක් මතු වී තිබේ.එය වඩාත් ප්‍රසාරණය වෙමින් පවතින්නේ ජනපතිවරයාගේ සමීපතමයන් ගේ අනවශ්‍ය බලහත්කාරී දේශපාලන මැදිහත්වීම් නිසාය.මේ වන විට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ගේ විෂය පථයේ බලතල කප්පාදු කර ඇත්තේ අකිල විරාජ් කාරියවසම් ගේ බලපෑම නිසා බව වාර්තා වේ.මෙහිදී අනිකුත් අමාත්‍යංශවලදී ටෙන්ඩර් ප්‍රදානයන් වැනි කටයුතු වලදී ජනපතිවරයාගේ සමීපතමයන් ගේ අනවශ්‍ය බලපෑම් ඇති බව කියවේ.
පොදුජන පෙරමුණේ ඇතැම් ඡ්‍යෙෂ්ඨයන් මේ සිදුවීම් පිලිබඳව සිටින්නේ දැඩි කළකිරීමෙනි.මේ කළ කිරීම ඉදිරියේදී කවර හැඩයකින් පුපුුුරා යා දැයි අපට අනාවැකි කියන්නට බැරිය.එහෙත් එවැන්නක් නුදුරේදී සිදුවීමට ඉඩ පවතින බව නම් ලියා තැබිය යුතුය.අපට ලැබුන අළුත්ම තොරතුර වන්නේ අග්‍රාමාත්‍ය තනතුරට නැවත මහින්ද රාජපක්ෂ පත් කරන ලෙසට රාජපක්ෂ පවුලෙන් සිදු කරන බලපෑමය.රාජපක්ෂ පවුලේ අදහස වී ඇත්තේ නැවත අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරීම තුළින් ඔහුට ගෞරවාන්විතව ජීවිතයේ අවසාන කාලය ගෙවා දැමිය හැකි බවය.මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම ඇතැම්විට හෙට දවසේදී සිදු කරන්නට ඉඩ ඇතැයි අපට සිතේ.ඒ හෙට මැයි 9 වන දා නිසාය.හෙට එම පත් කිරිම සිදු නොවූවහොත් නුදුරේදීම එය සිදු වෙනු ඇති බව අපට විශ්වාසය.මෙහිදී වර්තමාන අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත දක්වා ඇතැයිද වාර්තා වේ.මේ කැමැත්ත වෙනස් වන්නේ නම් ඒ ජනපති රනිල් රාජපක්ෂගේ සමීපතමයන්ගේ බලපෑම නිසා බව අප සිතා ගත යුතුය.රාජපක්ෂ පවුල සමග ඉදිරියේදී දේශපාලනය නොකිරීමට පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරු පිරිසක් රහස් සම්මුතියකට එළඹ තිබේ.ඔවුන් මේ වන විටත් ජනපති රනිල් රාජපක්ෂ පාර්ශවය සමග ගනුදෙනුවක නිරත වෙමින් සිටී.මේ සියල්ල රහසිගතව සිදුවෙමින් පවතින දේශපාලනික ක්‍රියාදාමයන්ය.පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව ජනපතිවරයා විසුරවා හරිනු ඇතැයි සැකයෙන් සිටී.මේ මන්ත්‍රීවරුන් ඒ ගැන අවධානයෙන් සිටින්නේ එලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරියොත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වන බැවිනි.ජනපති රනිල් රාජපක්ෂ වර්තමානයේ සියළු හයිරන්කාර කම් පෙන්වන්නේ සියළු මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ බිල්ලා මැවීමෙන් බව අපට සිතා ගත හැකිය.