එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියා ,හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර සහ නීතිපති නම් කර තිබේ.
තමන් 1988 වර්ෂයේ මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමු නිළධාරියකු ලෙස සේවයට එක්වී උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු යුද මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති බවත් ඒ වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය ,රණශූර පදක්කම ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමි වී ඇති බවත් ඉකුත් මාර්තු මස 10 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පල කෙරුණු අතර එම ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමා අසාදු ලේඛන ගත කර තිබුණ බව ඔහු සිය පෙත්සම මගින් පවසා සිටී.
එසේම මෙවැනි අසාදු ලේඛන ගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් තමන් දැනුවත් කර නැති බවද තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් පෙන්වා දී ඇති පෙත්සම් කාර එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මෙවැනි අසාදු ලේඛන ගත කිරීමේ තීරණයට එළඹීමට පෙර ඒ පිළිබඳව ගුවන් හමුදාව තමාගෙන් කිසිදු විමසීමක් නොකළ බවත් පෙන්වා දී තිබේ.එලෙසම විශ්‍රාමික ගුවන් හමදා නිළධාරියකු සම්මත නීති පරිපාටීන් අනුමත කිරීමකිනි තොරව අසාදු ලේඛන ගත කිරීමට ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයාට හෝ ඔහුගේ නියෝජිත නිළධාරීන්ට අධිකාරී බලයක් නොමැති බවද එම පෙත්සමේ සඳහන් කර ඇත.
ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවේ සිය මතය ප්‍රකාශ කිරීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වූබවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නැති බවත් පෙන්වා දෙයි.මෙම ක්‍රියාව නිසා තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන් අසාදු ලේඛන ගත කරමින් තම විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගුවන් හමුදාව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.ය
මීට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 05ක වන්දියක් අය කර දෙන ලෙසට නියම කරන මෙන් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.