ඕජස් ගලන තරමට කුණු වී ඇති මෙරට සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලිය තුළ සුපිරිසිදු ශික්ෂාකාමී විනයගරුක හා සුපිළිපන්න පොලිස්පතිවරයකු පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමද තේරුමක් නැත.එහෙත් මේ සිද්ධවෙමින් පවතින විශාල ඛේදවාචකය පිළිබඳව නිහඬව සිටීමටද අපට නොහැකිය.
වර්තමාන පොලිස්පති වරයාගේ සේවා දිගුව තව මාස දෙකකින් අවසන් වේ.මේ වන විටත් ඊළඟ පොලිස්පතිවරයා ලෙස පත් වීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොසන්ඩාල පාදඩයකු ලෙස සැළකෙන දේශබන්දු තෙන්නකෝන් කුරුමාණම් අල්ලමින් සිටී.වැලිකඩ හිරගෙදර ජම්පරය ඇඳ සිර දඬුවම් විඳින්නට තරමේ චෝදනා ඇති දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පතිවරයා ලෙස පත්වීම මේ රටේ යන්තමින් හෝ ඉතිරිව ඇති නීතිය හා සාමය අසූචි වලකට වැටීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ නම අනුමත කළ හොත් එහි සාමාජිකයන්ගේ අඹු දරුවන්ට පවා වැහි නැති හෙණ පාත් වෙනවා නිසැකය.
වැරදි වැඩ කළ ඇතමුන්ට මේ රටේ නීතියෙන් දඬුවම් නොලැබුනද ස්වභාවධර්මයේ දඬුවම් ලැබී දහදුක් විඳ මිය පරලොව ගිය හැටි අපට මතකය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් මේ අවස්ථාවේ කල්පනා කළ යුතු වන්නේ යුක්තිය හා සාධාරණය ගැන මිස දේශපාලනික මති මතාන්තර නොවේ.ඔවුන් මේ අවස්ථාවේ සිතිය යුතු වන්නේ පාහර ජාවාරම්කාර නොසන්ඩාලයකු පොලිස්පති ධුරයට පත් කරනවාද නැද්ද යන්න ගැන පමණය.
මෙරට විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් පවා ජනපති රනිල් රාජපක්ෂ සමාජයීය දැනුමක් අවබෝධයක් ඇති දේශපාලඥයකු ලෙස සළකයි.එය එසේවන්නේනම් දේශබන්දු තෙන්නකෝන් නම් පාදඩ පොලිස් කාරයා ගැන අවබෝධයක් රනිල් රාජපක්ෂ තුළ නැතැයි සිතන්නට අපට නොහැකිය.පසුගිය වාරයේ වර්තමාන පොලිස්පති වරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනපතිවරයාට තුළ පැවැති මේ නිවැරිදි අවබෝධය හේතු වන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස් පතිවරයා ලෙස පත් කිරීමේ කිරිපනු ගාය වැළඳී ඇත්තේ පොලීසිය බාර ඇමතියාටය.පොලීසිය බාර අමාත්‍යවරයාගේ පැටිකිරිය ගැන අමුතුවෙන් අටුවා ටිකා ලිවිය යුතු නැත.හරි හමන් ආණ්ඩුවක් මේ රටේ පැවතුනේනම් මේ නොසන්ඩාල හොර තක්කඩියා සිටිය යුතු වන්නේ වැලිකඩ හිරගෙදරය.ඒ එල්ටීටී ත්‍රස්තවාදීන්ට මුල්‍යමය උදව් උපකාර කිරීමේ වරදටද එකම ඉඩම සඳහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් බැංකුවකින් කෝටි ගනනක ණය මුදල් දෙකක් ලබා ගැනීමේ වරදටද මේ නොසන්ඩාල තක්කඩියාට අනිවාර්යයෙන් දඬුවම් ලැබෙන බැවිනි.
පොලිස් ඇමතියා දැන් හදන්නේ මුළු රටම චිකාගෝ පන්නයේ සමාජ ක්‍රමයක් මෙරට නිර්මාණය කිරීමටය.අපට පුදුමය වී ඇත්තේ මෙවැනි මහා විනාශයක් සිදුවන්නට ඉඩ ඇති අවස්ථාවක මුව විට පවා මහා නායක උන්නාන්සේලා ඩබල නෑසූ කන්ව නිහඬව සිටීමය.මේ දෙනමට බුදු බණ කියාදෙන්නට අප ඉදිරිපත් වීම ආච්චිට හාල් ගරන්නට ඉගැන්වීමක් විය හැකිය.
එහෙත් බණ දහම් කියා දීම කෙසේ වෙතත් දැන් මේ රටට පාත් වෙන්නට ඉඩ ඇති මහා හෙණ ගෙඩිය ගැන මේ මහ නා හිමි ඩබල දැනුවත් කිරීම නීතිය හා සාමය අගය කරන පුරවැසියන්ගේ වගකීම බව අප අවධාරණය කරන්නට කැමතිය.
එහිදී කාදිනල් උන්නාන්සේ ගැන අපට සතුටු විය හැකිය.පොලිස්පති වරයා පත් කිරීමෙි ජාවරම්කාරයන්ගේ යටි බිම් ගත සැළසුම පිළිබඳව කාදිනල් උන්නාන්සේ දැනුවත්ය.දැනුවත් වීමෙන් පමණක් නොනැවතී උන්වහන්සේ මේ තක්කඩියන්ගේ පාහර ක්‍රියා දාමයට එරෙහිව හඬ නගමින්ද සිටී.
ජනපති රනිල් රාජපක්ෂ යනු පොහොට්ටුවන් ගේ සිරකරුවෙකි.
රාජ්‍ය පාලනය පිළිබඳව ජනපති රනිල් රාජපක්ෂ කෙතරම් කයිවාරු පුරාජේරු කතා කීවද ඔහුගේ කෙරුවාව සිද්ධ වන්නේ රාජපක්ෂ වරුන්ගේ අනුමැතියට යටත්ව බව මෙරට ජනතාව දනී.පොලිස් ඇමති ටිරාන් අලස් නැටවෙන්නේ රාජපක්ෂ හාමුලාගේ ඕනෑ එපා කම්වලට මිස ජනපති රනිල් රාජපක්ෂ නම් රූකඩයාගේ අවශ්‍යතාව හා සිතැඟි වලට යටත්ව නොවේ. ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීම සිද්ධ වන්නේ මේ පසුබිම තුළය.
දේශබන්දු තෙන්නකෝන් නම් නොසන්ඩාල ජාවාරම්කාරයා හැරුන විට ඊළඟ පොලිස්පතිවරයා ලෙස සුදුසුකම් ඇති ඡ්‍යෙෂ්ඨයන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී.ඒ සියල්ලන් සර්ව සම්පූර්ණ අය නොවූවද දේශබන්දු වෛරසයට වඩා නම්බුකාර අයවළුන්ය.ඒ අතින් ඡ්‍යෙෂ්ඨත්වයේ කෙළවර සිටින අජිත් රෝහණ පවා ඊළඟ පොලිස්පති තනතුරට ඉතා සුදුස්සෙකි. රාජපක්ෂවරුන්ගේ බලපෑම කෙසේවෙතත් ජනපති රනිල් රාජපක්ෂ මේ අවස්ථාවේ කල්පනා කළ යුතු වන්නේ මේ රටේ නීතිය හා සාමය බල්ලාට දමනවාද යන්න ගැනය.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම යනු කිසියම් දිනයක තමන්ටම කෙලවා ගැනීමක් බව රනිල් රාජපක්ෂ තේරුම් ගත යුතුය.
මැයි දිනය දිනය සඳහා ඉඳි වෙමින් පැවැති පොදු ජන පෙරමුණු දේශපාලන වේදිකාවට පැමිණි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද යම් චක්‍රලේඛයක් ගැන හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ සමග දොස් පවරනු අසන්නට ලැබෙන ශ්‍රව්‍ය දෘෂ්‍ය දර්ශනයක් මේ වන විට සයිබරයේ තිබේ.ඒ අතරේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංඟනයේ තුළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා හා සාකච්ඡාවක නිරත වන දේශබන්දුගේ ඡායාරූපයක්ද විද්‍යුත් මාධ්‍ය තුළ පලවී තිබෙන බව දැක ගත හැකි විය.
ඒ සියළු ප්‍රකාශනයන් දේශබන්දු තෙන්නකෝන් ගේ කපටි අවශ්‍යතාව මත සැළසුම් සහගතව මුදා හරින ඒවා බව පැහැදිලිය.මේ සියල්ල ඊළඟ පොලිස්පති වරයා වීම සඳහා දේශබන්දු තෙන්නකෝන් නිර්මාණය කළ තක්කඩි ගේම්ය.ඒ සඳහා අපට සාක්ෂි තිබේ.මේ දර්ශන දෙකම අන්තර්ජාලයට මුදා හරින ලද දෙදෙනාම දේශබන්දු තෙන්නකෝන් ගේ පොලිස්පති සිහිනය සැබෑ කිරීම සඳහා සිය වෘත්තීමය ආත්මය පූජා කරන මාධ්‍ය වේසාවුන්ය.
මේ වන විට අපට ලැබී ඇති අලුත්ම තොරතුර වන්නේ හෙට දවසේ වජිර පාරේ එක්තරා ස්ථානයකදී පොලිස් අමාත්‍ය ටිරාන් අලස් විසින් මාධ්‍යවේදීන් ගනනාවකට පැවැත්වීමට සැළසුම් කර ඇති රාත්‍රී සාදයයි.
මේ සාදයට දේශබන්දු තෙන්නකෝන්ද සහභාගිවීමට නියමිතය.එහි න්‍යය පත්‍රයට අනුව සාදයට සහභාගිවන මාධ්‍යකාරයන්ට තිලිණ කිරීමට මුදල්ද ඇති තරමට සප්පායම් වීමට සුපිරි ගනයේ මත්පැන්ද සූදානම්ය.පොලිස් අමාත්‍ය ටිරාන් අලස් ආරක්ෂක තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් ගෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පිළිබඳව ප්‍රවෘත්ති පල කිරීමෙන් වලකින ලෙසටද ඉල්ලා තිබේ.
නීතිය හා සාමය පිළිබඳව මේ රටේ ජනතාව තුළ පවතින විශ්වාසය බිංදුවට ඇද දමමින් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් පෞරෂය කඩා බිඳ දමා පාදඩ පාහර ජාවාරම්කාරයකු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කරනවාද නැද්ද යන්න ගැන ජනපති රනිල් රාජපක්ෂ ඉතා බරපතල ලෙස අවධානයට ගත යුතු කරුණක් බව අප සිහිපත් කරමු.
ඒ බරපතල අවධානය තඹ දොයිතුවකට නොසලකා කටයුතු කළ හොත් ජනපතිවරයාගේ මිනී වලටත් හෙණ වදින දිනයක් උදා විය හැකිය.
ඔබගේ සහාය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වාගෙන යා නොහැකිය.