උණුසුම් පුවත්

බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාග කළ කෝට් 3900 ක වෛද්‍ය උපකරණ මෙරට ආණ්ඩුවේ වරදින් රටට අහිමි වෙලා

Spread the love

මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට නොමිලයේ  ප්‍රධානය කිරීමට හැදූ කෝටි 3900 ක වෛද්‍ය උපකරණ බලධරයන්ගේ නොසැළකිල්ල නිසා අහිමි වී ඇතැයි අද (27) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින් එරට ක්‍රියාත්මක කෙරෙන සිල්වියා ලංකා පදනමේ ඉල්ලීම මත එම එම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබූ අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 12 ක වියදමක් දැරීමට මෙරට ආණ්ඩුව මැදිහත් නොවීම නිසා මෙම පරිත්‍යාගය අහිමි වූයේ යැයි  රජවැල්ලේ සූභූති හිමියන් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.
එම වෛද්‍ය උපකරණ ⁣මෙරටට එවීමේදී නැව් ගාස්තු,නිශ්කාෂණ ගාස්තු, බදු ගාස්තු හා දේශීය අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු සඳහා මුදල් අවශ්‍ය  වූ අතර තමන් වහන්සේ මෙරට ආණ්ඩුවෙන් ඒ සඳහා නිල වශයෙන්ද නොනිලවද ඉල්ලීම් කෙරුවෙද කිසිදු බලධරයකු එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ බවද ඒ හිමියන් එහිදී සඳහන් කර තිබුණි.
රජවැල්ලේ සුභූති හිමියන්  වැඩිදුරටත් ලංකාදීප පුවත්පතට පවසා  තිබුණේ 
බ්‍රිතාන්‍ය රජය මාස දෙකකට ආසන්න කාලයක් ඒ ගැන ⁣බලා සිට මෙරට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එම වෛද්‍ය උපකරණ තොගය ඉන්දියාවටත් ,අප්‍රිකානු රටවලටත් පරිත්‍යාග කිරීමට මේ වන සැළසුම් කර ඇති බවය.
ඔබගේ කාරුණික සහයෝගය නොමතිව ලංකා දවස පුවත් පත පවත්වා ගෙන යාමට නොහැකිවේ.

Spread the love

Leave a Comment

You may also like