උණුසුම් පුවත්

දේශබන්දු 09/05 නඩුවේ සැකකරුවෙක් , අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නිතිපති දැනුම් දෙයි.

Spread the love

09/05 ජන අරගලයට පහරදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ,ඇතුළු චුදිතයන්32 දෙනා අතර බස්නාහඉර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ද සිටියි. ඔහු එම අපරාධකරුවන්ට ආධාර අනුබල දීම යටතේ සැකකවෙකු ලෙසට නම්කොට අවශ්‍යනිතිමය පියවර ගැනීමට නිතිපති විසින් පොලිස්පති වික්‍රමරත්නට 19/94/2023 දිනති අංක සී.ආර්.01/112/2022 දරණ ලිපිය මගින් නිතිපති පොලිස්පතිට දැනුම් දි ඇත.

පොලිස්පති ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් ,ටිරාන් අලස් විසින් පොලිස්පතිට තර්ජනය කරමින් කියා ඇත්තේ සිකුරාද හවස් වනතෙක් කිසිදු පියවරක් නොගන්න ලෙසයි.

ඒ සදුදා දින දේශ බන්දු අභියාචනාධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගැනීමට ඉඩ සලසා ගැනීමටය. මේ අනුව පොලිස්පති වික්‍රමරත්න මෙතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම ලිපිය එවා නැති බව වාර්තාවේ .

මෙහිදි නිතිපති දන්ඩ නිති සංග්‍රහයේ වගන්ති100, 314,316,343,හා 300 මෙනම් අයුතු ජනරාශිය යන වගන්ති අනුව බී.22042/22 දරණ බීවාර්තාවට සංශෝධිත බීවාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට පොලිස්පතිට උපදෙස් දී තිබේ.

දැන් අපි බලා සිටින්නේ පොලිස් කොස්තාපල්ට ,ගමේ අප්පුහාමිට ක්‍රියාත්මක නිතිය දේශ බන්දු තෙන්නකෝන් නැමති පාදඩ වෙන්න පොලිස්පතිටත් ඉටු වෙනවාද කියාය.

නිතිපති එව් ලිපිය පහතින් ඔබට බැලිය හැක.


Spread the love

Leave a Comment

You may also like