මවුරට පුවත්පතේ පරමාර්තය මීඩියා නම් එම පුවත් සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කලයුතුය. සජිත් ලඟ සිටින සියල්ලන්ම එකට එක්ව සිටිමට වඩා මිඩියා කාරයෙක් හමිඩියා සේ රෙදි අපුල්ලනනයි රෙදි මහන්නයි යාම නිසාම අද මවුරටට සිදුව ඇත්තේ ගලේ රීපු බලලාට වු දේය.
රාජිත රනිල් ළඟට යාමට තල්ලු කරනවාද එසේ නොවන්නේනම් ඔහුව සජිත් ළඟ නතර කර ගන්නවාද යන්න පිලිබදව සිතිය යුත්තේ තම පත්තරේට ලැබෙන මොනර කොල ගැන බැලීමෙන් නොවන බව අපි ප්‍රකාශ කරන්නේ හේතු සහිතවය. කාගෙ කාගෙත් විස්තර තොග පිටින් අපි සතුවත් නැතුවා නොවේ. ඒ නිසාම ඇත්ත ඇති සැටියෙන් කීම කාගෙ කාගෙත් ශරීර සෞඛ්‍යට ගුණ බව මතක් කරමු.

ප්‍රභල විපක්ෂයක් නැති නම් රටක් දඩාවතේ යාම කිසි දවසක නතර කල නොහැකිය ඒ නිසාම විපක්ෂයේ සිටින පුද්ගලයන් ගේ ගුණදොස් සොයා විපක්ෂයෙන් ආණ්ඩුවට එලවා දැමීම රටේ විපක්ෂ නායකයාට කරන උදව්වක් නොව, එය දැනුවත්ව හෝ නොදනුවත්ව මිඩියා කාරයන් කරන හමීඩියා වැඩය. අපි විපක්ෂයට නොගසන්නේ ඔවුන් සුන්දවන්තයන් නිසා නොව විපක්ෂයට ගසා ආණ්ඩුවට ආයුධ නොදිය යුතු බව දන්න නිසාය.
ඒ පිලිබදව් සජබේ ප්‍රභලයෙක් අපිට කිවේ එ පුවත බොරු අපි රාජිත හමු වුනා ගෙදර ප්‍රශ්ණ කතාකලා …කියලයි.
හිටපු ඇමති රාජිතත් අද ඒ පිලිබදව නිවේදනයක් නිකුත් කොට තිබුණි එය පහතින් ඇත.
ලැජ්ජහයි මවුරට
මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස,
සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ
සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට
කිසිවිටෙක
මම එරෙහිවී නැත..
මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.
එහෙත්
තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්,
පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.
ඊයේ දිනයේ,
රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්,
ඔහුගේ නිවසේදී
මම ඔහු හමුවුනෙමි.
ඒ අවස්ථාවට,
කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර
එය සුහද සාකච්ඡාවක් මිස
විනය කමිටුවක් ලෙස
දැකීම,
මව්රට දුටු සිහිනයක් වියයුතුය..
ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේද?
ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මටද?
(මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ; මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත)
ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී
මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර,
වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්,
එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස,
මගේ ප්‍රශ්නයක් නොවේ..
එම නිසා, “එවැනි ප්‍රකාශ යලි නොකරන බව”ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..
රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී,
“යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර
අවශ්‍ය අයෙකුට
එම පිරිසෙන් කෙනෙකු අමතා
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..
ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත..
එසේ තිබුණා නම්,
මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..
එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්,
භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්,
දෙපිල බෙදීසිටීම,
එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම
රටට ද සිදුකරන අසාධාරණයක් බව
මගේ පළමු හැඟීමයි.
කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්,
මගේ ස්ථාවරය එයයි..
2014දී,
විධායක මහින්දට අභියෝග කර,
ඇමතිකම් අතහැර පැමිණි මට…
“2015දී පොදු අපේක්ෂකයා වන්න”යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට…
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට…
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.
88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව මව්රටට කිවයුතුය..
තවදුරටත් මම ස්ථිරව කියාසිටින්නේ,
සියලු පක්ෂ එක්වී
යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවයි.
එහිදි ස.ජ.බ පෙරමුණ ගතයුතු බවයි..
මෙම බොරුව පළකළ
වෙබ් අඩවිය ගැන මට කීමට ඇත්තේ,
ඔවුන්ගේ බැඳුම්කර නිරුවත
දන්නෝ දන්නා බව පමණි.
– වෛද්‍ය රාජිත සේනාරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී