උණුසුම් පුවත්

හපොයි දෙයි⁣යනේ රට කම්මුතුයි

Spread the love

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව ගැන කියනවානම් පැරණි කවියකින් ඒ ගැන නිදර්ශනයක් පැහැදිලි කර දිය හැකිය.

වනේ ගිජිඳාය දැක්කොත්           වනසාය
ළිඳේ පනිඳාය වැටුනොත් ඌ            කාය
අතකින් කරවැලෙකි අතකින්      දඬුබෑය 
මරණ තුනක් ඇති මිනිසෙක්  පැණි කෑය
ඔටිසම් පුද්ගලයකු……….
පිනට ජනපති තනතුරට පත් වූ රනිල් රාජපක්ෂ හිතාගෙන ඉන්නේ දැන් තමාට මිය යන තුරුම ආණ්ඩුවේ ජනපතිවරයාලෙස කටයුතු කරන්නට පුළුවන් බවය.
ඔටිසම් පුද්ගලයකු නිතරම ජීවත් වන්නේ සිහින ලෝකයකය.ඒ නිසා රනිල් රාජපක්ෂ එහෙම හිතා ගෙන හැසිරෙන ආකාරය ගැන  වරදක් හිතන්නටත් බැරිය.එයා එහෙම හිතුවත් රටේ ජනතාව කියන්නේ කිරියෙන් පැණියෙන් දුන්නත් රනිල්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ කියාය.
රනිල් රාජපක්ෂගේ  හිටිලර් කයිවාරුවට ජනතාව අපහාසයට හිනාවෙමින් කියන්නේ අනේ උගෙ මෑනියන්ගේ හිට්ලර් කියාය.මිල්ටෙරි නන්දසේන ජංගිය  නැතුව රටින් පලා ගියේ ඔය වගේම මරි මෝඩ පාට් දාන්න ගිහිල්ලාය.රනිල් රාජපක්ෂ හිතන්නේ පොලීසියට හමුදාවට සීනි බෝල දී රවටා ගෙන ආණ්ඩුවේ ආරක්ෂාව ගොඩ දාගන්නය.පාර්ලිමේන්තුවේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කන් රැළ රනිල් රාජපක්ෂ උන්දෑට පල්ග් වී සිටින්නේ යන එන මං නැති හන්දාය.රාජපක්ෂ 
වරු සිහින මවමින් සිටින්නේ තමන්ට අහිමිවුන බලය නැවත ගන්නේ කවදාද කියාය.පොදු ජන පෙරමුණ මේ දවස්වල ගම් දනව් අස්සේ ඇවිදිමින් බබා නාමල් පෙරමු⁣නේ තියා ගනිමින් රැස්වීම් පවත්වමින් සිටින බව දැක ගත හැකිය.
⁣සංජීව එදිරිමාන්න නම් කළුතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු වාචාල කැහුට්ටා ඒ ගැන කීවේ පොදු ජන පෙරමුන හරියට අළු මතින් නැවත නැගිටින ෆීනික්ස් කුරුල්ලා වාගේ කියාය.ෆීනික්ස් කුරුල්ලා කෝම වෙතත් පොදු ජන පෙරමුණේ රැස්වීම් වල ඉන්නා මූනු ටික දැක්කාම සිහිවෙන්නේ එදා වේල හොයාගන්න බැරි බඩ කට වේළුන නාකි හුටංලා රැළක්ය.ඒ අහිංසකයන් රැස්වීමට දක්කාගෙන එන්නේ දෙන්නම් කාසි වලට බව ෂුවර්ය.මේ රැස්වීම් වල ⁣ තරුණ තරුණයින් බේතකටවත් හොයා ගන්නට බැරිය.පොදු ජන පෙරමුණට අත් වී තිබෙන ඉරණම ඉන් තේරුම් ගන්නට පුළුවන.
රාජපක්ෂලා මේ ගහන්නේ තක්කඩි ගේමක්………
රාජපක්ෂලා මේ ගහන්නේ තක්කඩි ගේමක් බව මොළය කළඳක් හරි තියෙන වුන් තේරුම් ගන්න ඕනෑය.ඒ ගේම  බළළුන් ලවා කොස් ඇට බාවනවා වගේ ගේමකි.රනිල් රාජපක්ෂ ගේ  ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර ගැනීම සඳහා යටි බිම් ගතව දර දිය අදින්නේ තක්කඩි රාජපක්ෂවරුන්ය.මේ පනත සම්මත වීමෙන් පසුව රනිල් රාජපක්ෂගේ පුකට පයින් ගසා එළවා දමා තමන්ට මෙරට ආණ්ඩු බලය අරගන්නට පුළුවන් යැයි රාජපක්ෂවරුන්ගේ දේශපාලන සිතියමේ සළකුනු කර ඇති බව සහතිකය.රාජපක්ෂ වරු ඒ කුණු ගොඩ හිස මුදුනට ගන්නට අකමැතිය.ඒ මෙරට දේශපාලනය තුළ රාජපක්ෂ වරු ජනතාවගේ ආරක්ෂකයන් විදියට රඟපා ඇති හෙයිනි.රනිල් රාජපක්ෂ ලවා හිට්ලර් පනත සම්මත කර ගැනීමෙන් පසුව තමන්ට ඉතුරු හරිය කරගන්නට පුළුවන් වන බව රාජපක්ෂ වරුන්ගේ සැළසුමය.
පොදු ජන පෙරමුන හා සමගි ජන බලවේගය දියාරු………
රනිල් රාජපක්ෂද හීන් නූලෙන් ගේම ගහන්නේ පොදු ජන පෙරමුන හා සමගි ජන බලවේගය දියාරු කර ආණ්ඩුව තුළ සිය දේශපාලනික බලය ගොඩ නගා ගැනීමටය.මේ වන විටත් පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප⁣ දෙනෙක්ම රනිල් රාජපක්ෂගේ අමුඩය අස්සට ගිහින් ඉවරය.ආණ්ඩුවට මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ මෙහෙයුමේ සෙන්පතියකු වී සිටින්නේ සජින් වාස් ගුණවර්ධනය.රනිල්  රාජපක්ෂට සමීප වී සිටින සජින් වාස් ගුනවර්දනට මේ වන විට ඇමති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව පවා  සපයා තිබේ. මේ මෙහෙයුමේ සජින් වාස් සමග සම්බන්ධ වී සිටින්නේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාය.මොවුන් දෙදෙනා ⁣මෛත්‍රීපාල සිරිසේනගේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීමේ කොන්ත්‍රාතුවද ඉටු කරම්න් සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අසමගියක් නිර්මාණය කර ඉන් මන්ත්‍රීවරු ගලවා රනිල් රාජපක්ෂට සම්බන්ධ කිරීමටද ⁣මේ ඩබල මැදිහත් වී තිබේ.සජින් වාස් ගුනවර්දන ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනපති රනිල් රාජපක්ෂ විසින් නිර්දේශ කෙරිණි.එහෙත් එම පත්කිරීම රාජපක්ෂ වරුන්ගේ අමනාපයට හේතු වේය යන අදහස රනිල් රාජපක්ෂගේ සමීපතමයන් තුළ මතු වීම නිසා පත්වීම සිදු නොකිරිණි.
දැන් ආණ්ඩුව තුළ පවතින්නේ සංක්‍රාන්තික කාලයකි.පාර්ලිමේන්තු ගෙමිබන් එහා⁣ට මෙහාට පනින්නට කුරුමාණම් අල්ලමින් සිටී.සජින් වාස් ගුනවර්දන ඇවිලුමි බිලිය දමා ගෙන සිටින්නේ එවැනි වටපිටාවකය.
සමගිජන බලවෙිගය තුළ පවතින අර්බුදය දැන් විවෘත වේදිකාවට එළඹ තිබේ.එහිදී ආණ්ඩුවට සමගි ජන බලවේගය අත් හැර යන මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් ගැන විවිධ ගනන් හිලව් හා කටකතා  ප්‍රචාරය වෙමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ රාජිත සේනාරත්න……….
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ඇතමකු එළිපිටම රාජිත සේනාරත්න  අමාත්‍යවරයා ආණ්ඩුව හා ගනුදෙනු කරමින් තම පක්ෂය පාවා දෙන බවට චෝදනා කරමින් සිටී.රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ තර්කය වී ඇත්තේ මෙරට පවතින ආර්ථික ඛේදවාචකයෙන් මිදීමට සියළුම පක්ෂ පොදු එකඟතාවකට එළඹිය යුතු බවය.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය කම ලබා දෙන්නේ නම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටළුකාරී තත්වය යම් තරමකට හෝ සමනය කිරීමට මැදිහත් විය හැකි බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමකට ලක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ රාජිත සේනාරත්න ගේ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් තැබිය හැක්කේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය දූෂිත ගරානා
ආගාධයක් බවට පත් කර ගෙන සිටින කෙහෙළිය රඹුක්වැල්ලගේ කෙරුවාව හා සසඳන විටය.මෙරට ඖෂධ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කල ඉකුත් වූ ඖෂධ ගෙන්වීමට තම සහෝදරයාගේ සමාගමට ඉඩ දීඇති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති වරයා ⁣මේ වන විටත් මෙරට රෝහල් තුළ ඖෂධ නොමැතිවීමෙන් මිය ගිය රෝගීන්  සම්බන්ධයෙන් වග කිව යුතු අපරාධ කරුවෙකි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පාතාල ජාවාරමකාර නිළධාරීන් හා එක්ව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව සිඳු කරමින් සි⁣ටින වංචා දූෂණ  කෙළවරක් නැත.රාජිත සේනාරත්න  සෞඛ්‍ය අමාත්‍ය තනතුරට ගැලපෙන බව අප කිව්වෙි මේ පසුබිම තුළය.
රට වල පල්ලට ගියද ඇතැම් ඇමති වරුන්ගේ ගසා කෑම ඉවරයක් නැත.මේ හේතුව නිසාම පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් නැවත  ඇමතිකම් ලබා ගැනීමට නොඉවසිල්ලෙන් සිටී.ඒ පරණ පුරුදු සෙල්ලම ගෙන යන්ටය.රනිල් රාජපක්ෂ නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇතත් එහිදී ප්‍රබල ඇමතිකම් සියල්ල දීමට සිඳු වන්නේ අන්ත දූෂිතයන්ටය.
ඩලස් අලහප්පෙරුම පාර්ශවය මැද මාවතක……
රාජපක්ෂ හා නැවත සම්බන්ධවීමට විමල් වීරවංශ හා ගම්මන්පිල සාකච්ඡා කරමින් සිටී.එම සාකච්ඡා සාර්ථක වී ඇති බවද පැවසේ.ඩලස් අලහප්පෙරුම පාර්ශවය මැද මාවතක දේශපාලනයේ නිරත වීම ජාතිවාදී කිරි පනුවන් වන විමලේට හා ගම්මන්පිලට දරා ඉන්නට නොහැකි වී තිබේ.ඔවුන් දෙදෙනා පුරුදු කඩප්පුලියන් ගාවට යන්නට සැළසුම් කර ඇත්තේද ඒ කම්පනයෙනි.
රාජපක්ෂවරුන්ද මේ ජාතිවාදී කිරි පනුවන් දෙදෙනා තමන්ගේ ඔඩොක්කු කුක්කන් ලෙස හීලෑ කර ගැනීමට කැමතිය.ඒ වෙන කිසි කාරණයක් නිසා නොවේ.රනිල් රාජපක්ෂට හා ජාතික ජන බලවේගයට එරෙහිව අවලාද අපහාස කරන්නට මොවුන් දෙදෙනා යොදා ගත හැකි බැවිනි.
රට ⁣තුළ ප්‍රධාන ජනතා බලවේගය ජාතික ජන බලවේගයයි……..
අද රට ⁣තුළ ප්‍රධාන ජනතා බලවේගයන් වී ඇත්තේ  සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගයයි.මෙහිදී සමගි ජන බලවේගය නියෝජනය කරන දේශාපාලන ක්‍රියාකාරිකයන් අතර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවී ඇති බව පෙනෙන්නට තිබේ.
සැබැවින්ම ගෙදර ප්‍රශ්ණ ගෙදර තුළ විසඳාගත යුතු බව අප සමගි ජන බලවේගයට යෝජනා කරන්නට කැමතිය.ඇතිවී තිබෙන එම ප්‍රශ්ණ අතර ප්‍රධානම ආරවුල ලෙස පවතින්නේ සමගි ජන බලවේගය මෙහෙයවන්නේ මුළුතැන් ගෙයි අදෘශ්‍යමාන හවුලක් නිසා බව  අප හිතවත් බොහෝ දෙනෙකු පවසා තිබේ.
ගෙදර ප්‍රශ්ණ ගෙදර තුළ විසඳාගත යුතු බව…….
සමගි පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් ගන්නා තීන්දු තීරණ එහි නායකයා  ලෙස සජිත් ප්‍රේමදාාස විසින් ⁣මුළුතැන් ගෙයි උපදෙස් අනුව සංශෝධනය කෙරේ නම් එය බරපතල දේශපාලන දුර්වලතාවකි.මෙය ඇත්තක්ද නැත්තක්ද අපි නොදනිමු.
එහෙත් අපට කියන්නට ඇත්තේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැති බවය.සජිත් ප්‍රේමදාස ලොක්කාට අපට ඒ ගැන කියන්නට ඇත්තේ මුළුතැන් ගේ අස්සේ දේශපාලනය ඔළුව උඩ තබා ගෙන කෙලවා ගන්නට එපාය කියාය.
මේ විදියට කවුරුත් සජිත් ලොක්කට කෙළින්ම කියන්නේ නැති බවත් අපට විශ්වාසය.එහෙත් මේ තොරතුරු අපට  සමගි ජන බලවේගය අස්සෙන්ම අහන්නට ලැ⁣බෙන ඒවා බව සජිත් ලොක්කා දැන ගත යුතුය. 
ජාතික ජන බලවේගයේ “අඩෝ අපි තමයි පොරවල්”……..
ජාතික ජන බලවේගයේ “අඩෝ අපි තමයි පොරවල්”යැයි සිතා සිටින දේශපාලනය ගැනද යමක් ලිවිය යුතුය. ඒ රැල්ල ගැන විශ්වාස නොකර දේශපාලනය නොකරන ලෙසය.ජාතික ජන බලවේගය ගැන මෙරට තරුණ කොටස් අතර විශාල ජනප්‍රියතාවක් අත් කර ගනිමින් තිබේ.
එහෙත් ජාතික ජන බලවේගයේ දේශපාලනය එළුවාගේ  ඇටය වැටෙන තුරු බලා ඉන්නා නරියාගේ කෙරුවාවට සමීප වෙමින් තිබේදැයි අපට සැකයක් පවතී.කොළඹ හෝ පිට ප්‍රදේශයක විරෝධතාවක් පවත්වා වොයිස් කට් එකකින් රනිල් රාජපක්ෂගේ දේශපාලනයට තිත තියන්නට හිතා ගෙන සිටින්නේ නම් ඒක නම් කවරදාවත් නොවෙන වැඩකි.
රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව එළවා දැමීම සියළුම විරුද්ධ  පක්ෂවල න්‍යාය පත්‍රයේ එකට…….
රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව එළවා දැමීම න්‍යාය පත්‍රයේ එකට ගැනීම සියළුම විරුද්ධ  පක්ෂවල අපේක්ෂාව විය යුතුය.එය ඉතා ඉක්මනින් කර ගන්නට  නොහැකි වුව හොත් ⁣රනිල් රාජපක්ෂ ආණ්ඩුව හෙට අනිද්දා සම්මත කර ගැනීමට සැළසුම් කර ඇති හිට්ලර් අණ පනත් සම්මත වීමෙන් පසුව බිය වෙන ජනතාව බංකර්ගත වීමේ අවදානමක් පවතී.
ඩීල්දාස ගේ හෙළුව………
මෙම කුරිරු අණ පනත් සම්මත කර ගැනීමෙන් පසුව බටලන්ද නිදර්ශනයන් දෙක තුනක්ද රනිල් රාජපක්ෂ සමාජයට මුදා හරින බව නිසැකය.ඒ ජනතාව බිය වැද්දීම සඳහාය.ජාතික ජන ⁣බලවේගය හා සමගිජන බලවේගය අළුත්කඩේ නීතිය ගැන විශ්වාසය තබා කටයුතු කරන්නේ නම් එය ඉතා පසුගාමී මැදිහත් වීමක් වනු ඇත.ඒ මන්ද යත් මේ වන විට අළුත්කඩේ මහ උසාවිවල විනිශ්චාසන වල වාඩි කරවා ඇත්තේ රනිල් රාජපක්ෂගේ හා මහින්ද රාජපක්ෂගේ වැසිකිලි වලින් එළියට ගත් අසූචි බෙටි නිසාය.
ජාත්‍යන්තරයේ මේ කෝලමි විකාර……..
ජාත්‍යන්තරයේ ජිනීවා කොමිෂම වැනි වාර්ෂිකව රඟ දක්වන තුට්ටු දෙකේ විකාර රූපී නාඩගම්  ගැනද මෙරට විරුද්ධ පක්ෂ විශ්වාසය තැබිය යුතු නැත.ජිනීවා කෙහුර ඔච්චර ස්වාධීන නම් මෙි වන විට ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ,සිවරාම් ත්‍රිකුණාමලය ශිෂ්‍ය ඝාතනය වැනි මනුෂ්‍ය ඝාතන වලට සාධාරණ විනිශ්චයන් දී තිබිය යුතු වේ.එහෙත් වාර්ෂිකව ජිනීවා සමුළුව තුළ මෙරට අපරාධ රහට විකන චුවිංගම් වී තිබේ.
එසේ නැතුව සිදු වී ඇති වෙන ලබ්බක් නැත. 
ජාත්‍යන්තරයේ මේ කෝලමි විකාර ගැනද මේ රටේ ජනතාව හඬ නැගිය යුතුය.පිළිකුළ ප්‍රකාශ කළ යුතුය.නැතිනම් මේ රටේ මෙච්චර කාලයක් සිදු ⁣වූ දේශපාලන අපරාද වලට ගත් ක්‍රියා මාර්ග මොනවාද යන්න ජාත්‍යන්තරය පැහැදිලි කළ යුතුය.
එය එසේ නොවුන හෙයින් රනිල් රාජපක්ෂ නම් බටලන්ද මිනීමරුවා  හෙට දවසේත් ඉහේ අමාරුවක් නැතුව සාගලගේ හා අකිලගේ කමි සුව විඳිමින් ජනතාව වල පල්ලට දක්කාගෙන යනු ඇත්තේය.    

Spread the love

Leave a Comment

You may also like