උණුසුම් පුවත්

ගාල්ලේ හඩුකාර නෙත්තිකුමාරගේ මරු නඩු ඇහිල්ල

Spread the love

මෙරටින් පලා යාමට උත්සාහ කළ රත්ගම  රවිඳු සංඛ ද සිල්වා නොහොත්

බූරු මූනා ⁣කටුනායක ගුවන් තොටුපොළේදී පොලීසිය අත් අඩංගුවට ගත් නමුත් ඉන් පලා ගිය පුවත මීට මාස ගනනාවකට පෙර මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.ඔහුගේ පලා යාම සම්බන්ධයෙන් ආධාර උපකාර කළ බව කියන චීවරධාරියකු  අත් අඩංගුවට ගත් අතර ගුවන් තොටුපොළ පොලීසියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු වැඩ තහනමට ලක්විය.
අවිස්සාවේල්ල හා හික්කඩුව ප්‍රදේශයේ සිදු කරන ලද මනූෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා පොලීසියට අවශ්‍යව තිබුණි.සංවිධානාත්මක අපරාධකරුවකු වූ රත්ගම විදුර නැමැත්තාගේ ගෝලයකු වන මොහු කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන සිදු කරන්නෙක් බවද පොලීසිය මගින් සොයා ගෙන තිබුණි.  
රවිදු සංඛද සිල්වා පාතාල අපරාධ කරුවකු ලෙස සම්බන්ධවීමට පෙර නාවුක හමුදාවේ සේවය කරන ලදී.රවිඳු ගේ පියා වෘත්තීයෙන් ගස් කපන්නෙකි.  නාවුක හමුදාවේ සේවයේ නිරතව සිටියදී  නිවාඩු ලබා රත්ගම සිය නිවසේ 
සිටියදී සිදුවූ සිදුවීමකින් පසුව මොහු පාතාල අපරාධකරුවකු ⁣බවට පත් වූ බව කියවේ.රවිඳු නාවුක හමුදාවෙන් නිවාඩු ලබා නිවසේ සිටි දිනක සිය නිවසට යාබදව ජීවත්වූ ලොකු තාත්තාගේ නිවසට පැමිණි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් එම පවුල් අයට පහරදෙන්නට විය.මෙම අපරාධ කල්ලි සාමාජිකයන් සංවිධානාත්මක අපරාධකරුවකු වූ පොඩි ලැසී ගේ සගයන් විය.ලොකු තාත්තාට හා ඔහුගේ පවුලේ අයවළුන්ට පහර දෙමින් සිටි පොඩි ලැසී ගේ මැරයන් වැලැක්වීමට රවිඳු හා ඔහුගේ පියා මැදිහත් වූවද ඉන්පසු එම මැරයන් රවිඳුගේ පියාටද පහර දෙන්නට පටන් ගත්තේය.
ඉන් කෝපයට පත් රවිඳුු ආපසු සිය නිවසට දිව ගොස් පියාගේ ගස් කපන යාන්ත්‍රික කියත ගෙනවිත් එය පණ ගන්වා පොඩි ලැසීගේ සගයන් දෙතුන් දෙනෙකුම එම කියතෙන් කපා දැම්මේය.
අන්තරාදායක ආයුදවලින් පහර දීමෙි චෝදනාවට රවිඳු පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි.එම චෝදනාවන්ට බන්ධනාගාරගත කළ රවිඳුු ඇප මත මුදා හැරීමෙන් නාවුක හමුදා අත් අඩංගුවට පත් විය.ගාල්ල නාවුක හමුදා කඳවුරේ සිර මැදිරියේ රඳවා සිටි රවිඳු ඉන් පලා ගොස් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූයේ රත්ගම විදුර ගේ ගෝලයකු ලෙසය.රත්ගම විදුර දැනට ඉතාලියේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමෙි නිරත ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවෙකි.
කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන කරන්නකු වන රත්ගම විදුර විසින් බාර ගන්නා මිනිස් ඝාතනය කිරීම් සිදු කරන ලද්දේ රවිඳු සංඛ ද සිල්වා බව අනාවරණය වී තිබේ.
රවිඳු සංඛද සිල්වා මෑතකදී පොලිස් අත් අඩංගුවට පත් වූ අතර එහිදී සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූයේ ඔහු මානසික ආබාධිතයකු ලෙස ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවය.
මෙය සත්‍යයක්ද නැද්ද යන්න ගැන අපට විශ්වාසයක් නැත.ඒ රත්ගම විදුර හා මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ  බොහෝ ප්‍රසිද්ධ නිළධාරීන් අතර පවතින ගජ මිතුරු  සම්බන්ධතාව ගැන අප දැනුවත් නිසාය.මේ මානසික ආබාධිත බව හේතුවෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා මනුෂ්‍ය ඝාතන චෝදනා වලින් නිදහස් කොට ඉදිරියේදී මානසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඉඩ ඇති බැවිනි.
මෙහෙව් රටේ පොලීසියේ විලිලැජ්ජා නැති කෙරුවාවල් අනන්තවත් ප්‍රසිද්ධියට පත් වී ඇති නිසා එවැන්නක් සිඳු වී ඇති බවට වාර්තා වුව වොත් ඒ ගැන පුදුම විය යුතුද නැත.
මේ රවිඳු සංඛද සිල්වා එවැනිම අපරාධ චෝදනාවකින් නිදහස් කර ඇති ආකාරය කියවෙන ප්‍රවෘත්තියකි.එය රවිඳු සංඛ ද සිල්වා විසින් යාන්ත්‍රික කියතින් බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාව  පිළිබඳව රත්ගම පොලීසිය හා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපූරු නඩු ඇහිල්ල පිළිබඳවය.
රවිඳු සංඛ ද සිල්වා ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 317 වගන්තිය වූ අන්තරායදායක ආයුධ වලින් හෝ උපක්‍රමවලින් හෝ සෙවෙච්ඡාවෙන් බරපතල තුවාල කිරීමේ චෝදනාව යටතේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යටතේ නඩු පවරා තිබුණි.මෙම චෝදනාව ඇප දිය නො⁣හැකි වරදක් සේම සමථයකට පත් කළ  නොහැකි වරදකි.මෙම වරදට 
දඬුවම වශයෙන් සළකන්නේ අවුරුදු දහයක කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම හා ඊට අතිරේකව කස පහර දීමය.නඩුව විභාග කළ හැක්කේ මහේස්ත්‍රාත් අධිකරණයකදීය.
එහෙත් පසුගියදා විත්තිකරු රහිතව මෙම නඩුව විභාග කළ ඉසුරු නෙත්තිකුමාර ⁣මහේස්ත්‍රාත්වරයා හා පැමිණිල්ල මෙහෙයවූ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත විසින් නඩුව වන්දි රහිතව සමථයකට පත් කොට විත්තිකරු වූ රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා නිදොස් කොට නිදහස් කර තිබේ.
මේ සිදුවීම  ගාල්ල නීතිඥ ප්‍රජාව අතර කතා බහට ලක් වෙමින් පවතින ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් බවට පත් වී ඇත. 
මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ගේ පැටිකිරිය……..
මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ගේ පැටිකිරිය විමසන විට ඔහු විසින් විනිශ්චාසනය ⁣මත දමා ඇති මේ අසූචි බෙට්ට ගැන පුදුමයට පත් විය යුතුද නැත.2019 වර්ෂයේදී බම්බලපිටියේදී අධික බීමතින් රිය පදවා බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපති ආනන්ද සාගර රිය අනතුරකට ලක් කර වාහනය⁣ට ඕනෑ කමින් යට කර මරා දමා පලා ගිය මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා වූ රවිශ්ක බණ්ඩාර බේරා ගැනීම සඳහා රාත්‍රියේ අධිකරණය කැඳවා අධිකරණ පරිශ්‍රයට කිසිදු පිටස්තරයකුට  ඇතුළු වීමට නොහැකි වන ආකාරයට දොරගුළු දමා නඩු ඇසුවේ මේ ඉසුරු නෙත්තිකුමාර මහේස්ත්‍රාත්වරයාය. 
ලංකා දවස⁣ට දැන ගනනට ලැබුණ තොරතුරු අනුව ඉසුරු නෙත්තිකුමාර මහේස්ත්‍රාත්වරයා හා රත්ගම විදුර නම් හෙරොයින් ජාවාරම්කාරයා අතර සමීප සම්බන්ධතාවක් පවතී.ඒ සම්බන්ධතාව නිසාම හොරෙයින් හා සම්බන්ධ නඩු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෝලිමෙි නිදහස් වෙන බවද අසන්නට ලැ⁣බේ.
අපට මේ ගැන ප්‍රශ්ණ කරන්නට ඇත්තේ අගවිනිසුරු වරයාගෙන් හා අධිකරණ සේවා කොමිසමෙන් පමණය.නමුත් එම ආයතනවලද හැසිරීම පිළිබඳව ජනතාව  තුළ පවතින සැකය හා අවිශ්වාසය නිසා අපගේ ප්‍රශ්ණ කිරීමෙන් පලක් නැති බවද කිව යුතුමය
එහෙත් අපට මෙවැනි දූෂිතයන් ගැන නොලියා ඉන්නටද බැරිය.ඒ අපේ ජාන වල වැරැද්දය.   

Spread the love

Leave a Comment

You may also like