රාජපක්ෂ තක්කඩි පවුලේ උපදේශකයකු වූ චීවරධාරී මැඩිල්ලේ ප්‍රඥාලෝක එංගලන්තයට පැමිණ ඇතැයි ලංකා දවසට වාර්තා වේ.මෙම චීවරධාරියා රාජපක්ෂවරුන් ගේ දේශපාලනික බලය උපයයෝගී කර ගනිමින් දූෂිතව මුදල් උපයා ගත් ජාවාරම්කාරයෙකි.කම් සැප විඳිමින් සුඛෝපභෝගී යාන වාහන භාවිතා කරමින් චීවරයට වසන්ව නොසන්ඩාල ජීවිතයක් ගෙන ගිය මෙම චීවරධාරියා ගේ පැවැත්ම තහවුරු වූයේ ජාතිවාදය සමාජය තුළ ව්‍යාප්ත කිරීමෙනි.තක්කඩි රාජපක්ෂවරුන් ගේ දේශපාලන රඟපෑමේ පදනම වූයේද ජාති වාදයයි. එම ජාතිවාදයට සහ සම්බන්ධ කරගන්නා ලද්දේ රණ විරු උන්මාදයයි.
මෙරට සමාජය බරපතල ආර්ථික ඛේදවාචකයකට මුහුණ පෑමට සිදු වීමේ බලපෑම් සහගත අමානුෂික නාඩගම් වූයේ මෙම නිරූපනයන්ය.රාජපක්ෂවරු සියළු දූෂණ ක්‍රියාවන් සාධාරණීකරණය කෙරුවේ මේ පදනම තුළය.තමන් රාජපක්ෂවරුන්ට බරපතල ලෙස රැවටී ඇති බවට ජනතාවට වැටහෙන විට සියල්ල සිදු වී හමාරය.කෙසේවෙතත් මැඩිල්ලේ ප්‍රඥාලෝක යනු ජනතාව තුළ ජාතිවාදී විෂ පොවා ඔවුන් පෙළඹවූ චීවරධාරී කට්ටලයේ එක් නායකයෙකි.දැන් මේ ජාතිවාදියා එංගලන්තයේ කින්ස්බෙරි පන්සලට පැමිණ සිංහල, දෙමළ ජාතීන් අතර විරසකයක් මතුවන ආකාරයට කටයුතු කරමින් සිටින බවට අපට වාර්තා වේ.මෙය ශ්‍රී ලංකාව තුළ කුල්ල කුජීත වී සිටින පොදුජන පෙරමුණ නැවත ඉහළට එසවීම සඳහා ගන්නා දේශපාලන උපක්‍රමයක් බවද අපට තොරතුරු ලැබී ඇත.මැඩිල්ලේ එංගලන්තයට පැමිණ ඇත්තේ ජාතිවාදී උන්මාදය වපුරා රාජපක්ෂවරුන්ට විදේශගත සිංහලයන්ගේ සහයෝගය ලබා ගැනීමට උත්සහා ගනී.
මේ තක්කඩි චීවරධාරියා ගැන හොඳ සිහියෙන් කටයුතු කරන ලෙස අප එංගලන්තයේ අපේ සහෝදර සහෝදරියන් ගෙන් ඉල්ලමු.මේ ගොන් වස්සා ඉවක් බවක් නැතිව ජාතිවාදීව හැසිරීමට ක්‍රියා කළ හොත් හිරේ විලංගුවේ තපින්නට වෙන විදියට වැඩේ වෙන්නට ඉඩ ඇති බවත් අපි අනතුරු අඟවමු.
රාජපක්ෂ නිකායේ ජාතිවාදය ඇවිස්සු මැඩිල්ලයා එංගලන්තයේ