වෙනත්

ත්‍රස්ත පනතට එරෙහිව දසතින් විරෝධතා වෙද්දී, නීතිඥ සංඟමය හොරා පොලිස් සෙල්ලමක

Spread the love

නුදු⁣රු දිනයකදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත ජන පීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ පතුරවන පනතක් බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය 4 වන දා පවත්වන ලද මාධ්‍ය හමුවකදී පැවසීය.

දැනට මේ රටේ ක්‍රියාත්මක කෙරෙන 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධන පනතට වඩා මෙම අලුත් පනත බියකරු බව කාදිනල් හිමි මෙහිදී සඳහන් කරන ලදී.
රට සංවර්ධනය කිරිමේ අවශ්‍යතාවක් පවතින වටපිටාවක ජනතාව සතු ප්‍රඡාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම අතවශ්‍ය  බවද වැඩිදුරටත් කාදිනල් හිමි පැවසූහ.
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙරට නීතිඥ ප්‍රජාව සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා විවිධ දේශපාලන  පක්ෂ වලින් දැඩි විරෝධතාවක් මතුවෙමින් පවතී.මේ වන විට එම විරෝධය ජාත්‍යන්තරවද පැතිරී ඇති බවක් දකින්නට තිබේ.
පසුගියදා යුරෝපා සංඟමයේ කොළඹ නියෝජිතයා මාධ්‍ය  වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම නව ත්‍රස්ත විරෝධී පනත  මෙරට සමග යුරෝපා සංඟමය අත්සන් කර ඇති ජීපීඑස් සහනය අලුත් කිරීම පිළිබඳ තීන්දුවට ඉතා සෘජුවම බලපා හැකි බවය.
මේ වන විට මීළඟ වර්ෂයේදී ජීඑස්පී සහනය සංශෝධනය කිරීම ගැන යුරෝපා සංඟමය සළකා බලමින් සිටින අතර එහිදී මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සීමා කොට පනවන මර්දනකාරී නීති පිළිබඳව ඔවුන් සැළකිල්ලට ගන්නා බව අනාවරණය වේ.
යුරෝපා සංඟමයේ කොළඹ නියෝජිතයා මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“..තවම මේ ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කරන්නට නොහැකියි.අප අවධානය යොමු කර ඇති මෙම පනත තුළ සඳහන් ත්‍රස්තවාදය පිළිබඳ වූ නිර්වචනයන්,මිනිසුන් රඳවා තබා  ගැනීම සඳහා බලය හා ඇතැම් ⁣සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන ලෙස  නම් කිරීමට යොදා ගන්නා ප්‍රතිපාදන ගැන අපට සෑහීමකට පත් විය නොහැකියි.යම් ත්‍රස්ත සංවිධානයක් නම් කිරීමේදී ඒ සඳහා අනුගමනය කළ යුතු අප පිලිගන්නා ජාත්‍යන්තර ක්‍රම වේදයන් පවතිනවා.එම ක්‍රම වේදය පොදු තොරතුරු මත ගොඩ නැගුන අධිකරණමය ව්‍යහය තුළ නැවත විමර්ශනයට ලක් කළ හැකි ආකාරයේ කාර්යයක්.එය යම් බලාධිකාරියක් වෙතින් සිදුවන වැරැද්දක් තව ආයතනයකට අත් හිටුවීමට බලය ඇති ක්‍රමවෙිදයක් වෙනවා.”……..
මෙරට යෝජිත නව ත්‍රස්ත පනත යටතේ ජනපතිවරයාට හිතූමතේ පුද්ගලයන් හා සංවිධාන ත්‍රස්තයන් ලෙස නමි කළ හැකියි.ඔහු එසේ කළ විට ඊට එරෙහිවීමටත් මේ පනතේ ප්‍රතිපාදන නැහැ.මේ බලය ඉතා දරුණුයි.කෙසේ වෙතත් මෙම පනතේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවසන් තීන්දුව එනතුරු අපට නිශ්චිතවම ප්‍රකාශයක් කරන්නට නොහැකියි.
අපි ජීඑස්පී ප්ලස් සහනය අයදුම් කරන්න කියල මෙරටට බල කරල නැහැ.එහි තිබෙන ආර්ථික වාසි සළකා බලා ජීඑස්පී සහනය තවදුරටත් තබා ගන්නවාද අහිමි කර ගන්නවාද යන්න ⁣රටේ ජනතාවගේ තීන්දුවක්……”
යුරෝපා සංගමයේ කොළඹ නියෝජිතයා නව ත්‍රස්ත පනත පිළිබඳව පැහැදීමක් නැති බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැකිය.දැනට මෙරටට ඩොලර් මිලියන 500 ක පමණ වටිනා වෙළඳ ප්‍රතිලාභයක් ජීඑස්පී සහනයෙන් හිමිවේ.2009 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳව දැක්වූ දැඩි මර්දනය පදනම් කර ගනිමින් ජීඑස්පී සහනය මෙරටට අහිමි වූ බවද මෙහිදී සැළකිල්ලට ගත යුතුය. 
පනත් කෙටුම්පත් කිරීමට පත් කරන ලද කමිටුවේ ප්‍රධානියා නීතිඥ සංඟමයේ උප සභාපතිවරයා ලෙස පත් වූ ජනපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස වීම…….
ආණ්ඩුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මේ හිට්ලර් පනත් කෙටුම්පත් කිරීමට පත් කරන ලද කමිටුවේ ප්‍රධානියා වූයේ මෙවර නීතිඥ සංඟමයේ උප සභාපතිවරයා ලෙස පත් වූ ජනපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස වීමද කාගේත් අවධානයට ලක් විය යුතු කරුණකි.
දැන් නීතිඥ සංගමයට මෙම පනත සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරය දැක්වීමට සිඳු වී ඇත්තේ පනත ජාතක කිරීම සඳහා මැදිහත් වූ අනියම් පීතෘවරයා තම ඔඩොක්කුවේ තබා ගෙනය.
නීතිඥ සංගමය පනත ජාතක කළ හොර මිනිහා…..
මෙම හිට්ලර් පනත ගැන මෙතෙක් නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කර නැත්තේද මේ පනත ජාතක කළ හොර මිනිහා නිසා වන්නට ඇති යැයි අපට කල්පනා කරන්නට සිදුවේ.
හිටපු සභාපති ජනපති නීතිඥ සාලිය පීරිස්…….
නීතිඥ සංඟමයේ හිටපු සභාපති ජනපති නීතිඥ සාලිය පීරිස් ගේ නායකත්වයෙන් නීතිඥ සංගමය මෙරට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්ධනයට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලදී.
නීතිඥ සංඟමයේ ලොක්කන් වී ඇත්තේ ගෝපයියන්…..
එහෙත් වර්තමාන නීතිඥ සංගමය එසේ ජනතාව වෙනුවෙන් මැදිහත් වෙනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැකිය.ඒ දැන් නීතිඥ සංඟමයේ ලොක්කන් වී ඇත්තේ  රාජපක්ෂලා ගේ ගෝපයියන්, කුනිතුල්ලන් ,හා ඉනිකුනන් නිසාය. 

 


Spread the love

Leave a Comment

You may also like