වෙනත්

රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන ලොකුවිතනගේ ෆැක්ටරි වලට වසර 10 ක් බදු සහන ඉන් රජයට අහිමිවෙන ආදායම් කෝටි 3500 ක්

Spread the love

රටේ සල්ලි හොරා කෑ රාජපක්ෂලා ඒ වාගෙන් සමහරක් සල්ලි නැවත මෙරටම විවිධ පුද්ගලයන් හරහා ආයෝජනය කල බව අපි කිවේ මීට වසර ගනනක්ට පෙරය.

ඒ වාගේ ප්‍රධාන පුද්ගලයෙක් ලෙසට නම් දරා සිටින ඩුබායි මැරියට් හෝටලය හිමිකරු වන ලොකු විතාන නැමති පුද්ගලයා හරහා රාජපක්ෂලා මෙරට ආයෝජනය කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන් 100 ක් ඉක්මවා ඇති බව මෙරට ප්‍රකට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු  පැවසීය .

මුලින්ම යෝෂිත මේ ආකාරයටම තමාගේ ව්‍යාපාර ජාලයේ මුදල් ආයෝජනයට අවශ්‍ය බව කිවත් එවක ජනාධිපති මහින්ද නිසාම තමා ඊට විවිධ දේ කියමින් කලක් රට හැර ගොස් සිටි නිසාම ඔහු ලොකු විතාන හරහා ටයර් කර්මානතයට, යකඩ කර්මානත්යට, මෙන්ම  සිමෙන්ති කර්මාන්තයටද ඇමරිකානු ඩොලර් මිලියන ගනනක් යෙදවු බව මෙම ප්‍රකට ව්‍යාපාරිකයා අප හා පැවසීය.

අදවන විට රනිල් වික්කම සිංහ විසින් යහපාලන කාලයේ ආරම්භ කල එම කර්මාන්ත ශාලා වලට බදු නිදහසක් වසර 10 කට ලබාදි තිබේ. එසේම මේ සදහා ඔහු දේශීයව ලබාගත් තවත් ණය මුදලකට වසර 5 ක යනතුරු ගෙවීමේ නිදහසක් ද ලබාදි තිබේ.

මේ සියල්ලම සිදු කොට ඇත්තේ යහපාලන කාලයේ රනිල් වික්කම සිංහගේ මලික් සමර වික්‍රම සමරිසියාගේ කොමිස් මුදල් වෙනුවෙනි. රාජපක්ෂලා හා වික්කම සිංහ යනු එකම කාසියේ දෙපැත්තක් බව මෙයින් ඉතාම හොදින් පෙනිය කරුණකි. මෙම බදු නිදහස් කිරීමෙන් රටට අහිමිවෙන මුදල රුපියල් කෝටි 3500 ක් බව දළ වශයෙන් හෙලි වී ඇත.

පුවත්පත පවත්වාගෙන යාමට ඔබගේ කාරුණික සහාය පතන්නෙමු.

 


Spread the love

Leave a Comment

You may also like