දිලිත් ගැන කතා කිරීමේදී ටෙලිකොම් ගැන කතා නොකර සිටීමට නොහැකිය.
ඒ ගහට පොත්ත සේම දිලිත්ට හා ටෙලිකොම් ආයතනය වසර ගණනාවක සිට බද්ධ වී ඇති ගෑණි බද්ධට දි සැප විදින මනප්පුවා පට්ට හොරා රොහාන් නිසාය.
මහින්දගේ සිට ගෝඨා මෙන්ම සිරිසේන හා රනිල් ජනපතිකම් කරද්දීද ටෙලිකොම් එක නැටෙව්වේ දිලිත් ජයවීරය.
දිලිත්ගේ හමීඩියා හැම දාම දිව්වේ ටෙලිකොම් ආයතනයේ දැන්වීම් ආදායමෙනි.
වසර ගණනක් තිස්සේ මෙසේ හපකළ ටෙලිකොම් හි හපේ ඉන්දියාවට බාරදීමේ කොන්ත්රාත්තුව ද ගෙන ඇත්තේ දිලිත් ජයවීර විසිනි.
දිලිත් මේ වැඩේ බාරගෙන තිබුණේ අද ඊයේ සිට නොවේ.
ගෝඨා බලයට ගෙනාවේත් ඇමරිකානු සහයෙන් ඉන්දීය බලවේග හරහා බව මේවන විට ප්රසිද්ධ රහසකි.
ගෝඨාට ටෙලිකොම් සභාපති කමට දිලිත්ගේ පාට්නර් අරුණි අමුණුගමගේ දෙවැනි මිනිහා රොහාන් ප්රනාන්දු සභාපති පුටුවට පත් කිරීමට සිදුවූයේ ඒ නිසාය.
ගෝඨා මේ කටයුත්ත කළේ දැඩි කල කිරීමකින් බව ඔහුගේ කිට්ටුවන්තයින් හොදින් දන්නා කරුණකි.
ඒ අනුව, ආරම්භයේ සිටම දිලිත් සූක්ෂම විය. වසර ගණනක් සිය දැන්වීම් කොම්පැනි වල (Triad & Sarva) ප්රධානම ගිනුම වූ ටෙලිකොම් ගිනුමට දිලිත් තරඟ කිරීම අත්හැරියේ මේ නිසාය.
එසේ ගිනුම අත්හැරියද එය ලබා දුන්නේ ඒර්වින් වීරක්කොඩිගේ phoenix හටය. එයත් ඩීල් එකකි. ඒ අනුව රොහාන් හරහා ටෙලිකොම් ඇඩ්වටයිසින් ගිනුම phoenix ට ලබා දුන් දිලිත් ටෙලිකොම් හි වැඩිම වෙළඳ දැන්වීම් ගිනුම දෙරණට හරවාගත්තේය.
ඒර්වින්ගේ phoenix ට ටෙලිකොම් ගිනුම හැරෙව්වේද ඒර්වින් අරුණිගේ ඇඩ්වර්ටයිසින් ගුරුවරයා නිසාය.
රනිල් ජනපති වුවද, සාගල රත්නායකට සිය සහෝදරයා වන කාවන් රත්නායක ටෙලිකොම් සභාපති කර ටෙලිකොම් ඩීල් එක ෆයිනල් කරන්නට අවශ්ය වුවත් අදටත් පට්ට හොරා රොහාන් සභාපති පුටුවෙන් බිම දමන්නට හැකිව නැත්තේ ඉන්දීය මැදිහත්වීම නිසාය.
ටෙලිකොම් ආයතනයට ඉන්දීය මේතරම් කෑදරවී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ටෙලිකොම් සතු ෆයිබර් ඔප්ටික් කේබල් නිසාය.
මේ කේබල්වලට ෆිල්ටරයක් යෙදීමෙන් පමණක් රටේ සියලු රහස් දැන ගැනීම ඉතා පසුවන බව දන්නේ මෙරට සිටින අතලොස්සක් පමණි.
මේවා අන්සතුවීමත් සමඟ ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු ඉන්දියාව වෙත ගලා යාම නැවැත්වීමට නොහැකි වනු ඇත.
රොහාන් ප්රනාන්දු නොහොත් ටෙලිකොම් සේවකයන්ගේ ආමන්ත්රණයට අනුව මනප්පුවා යැයි කියන මේ ගොං පණ්ඩිතයා මේ මොහොතේ ක්රියාත්මක වන්නේ ඉන්දියානු උවමනාව සම්පූර්ණ කිරීම සඳහාය.
කොහොම වුණත්, දිලිත් හා මනප්පුවාට මේ ඩීල්එක හිතන තරම් ලේසිවී නැත්තේ මැලේසියානු ජාතික ලාංකික සම්භවයක් ඇති දමිළ බෞද්ධ ආනන්ද ක්රිෂ්ණන් නිසාය.
ඒ ශ්රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% ක කොටස් විකුණන්නේ නම් එම කොටස ලබා ගැනීමට මුලින්ම ආරාධනා කළ යුතුවන්නේ ටෙලිකොම් හි 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ GTLH වෙත බවට රජය හා එම සමාගම අතර ඇති ගිවිසුම නිසාය.
මැලේසියාවේ GTLH හිමිකාරයා ආනන්ද ක්රිෂ්ණන්ය.
මුලින්, ලංකාවට සෙතක් වෙතැයි සිතා ආනන්ද ක්රිෂ්ණන් ටෙලිකොම් හි රජය සතු කොටස් වැඩි මිලට වෙන අයකුට විකුණා දැමීමට කැමැත්ත පල කර තිබුණ ද මේවන විට එම තත්ත්වය වෙනස්ව තිබේ.
ඒ මෙය ශ්රි ලංකාවේ ජාතික ආරක්ෂාවට සදාකාලිකවම සිදුවන විනාශක් බවත් ඉන්දීය යටි අරමුණු සම්බන්ධයෙන් හෙළිවීමත් සමඟය.