වෙනත්

හිට්ලර් රනිල් ශ්‍රි ලංකාව මිල්ටරි රාජ්‍යක් බවට පත් කරයි අයි.එම්.එෆ් ණය ජනතාව මර්ධනයට යොදා ගනී.

Spread the love

රනිල් රාජපක්ෂගේ ජන වරමක් නැති ආණ්ඩුවට අයිඑම්එෆ් ණය මුදල මුදා හැරීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බරපතල වරදක් කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිිකයන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
නැවතත් සංවර්ධන ව්‍යාපෘති…….

රට පුරා ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවන් පවත්වමින් සිටින අවස්ථාවක මෙරට සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමේ වටපිටාවක් නිර්මාණය කර ගැනීමට අපහසු බව ඔවුන් ගේ අදහසයි. ජනතාව මුහුණ පා සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකටය. ඇති  නැති පරතරය විශාල ලෙස දුරස් වෙමින් පවතී.තරුණ කොටස් අතර පවතින්නේ  නොසන්සුන් බවකි.

කොළඹ නගරය කේන්ද්‍රීය කර ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාර විසින් අවසානයක් නැති විරෝධතාවන්  පවත්වමින් තිබෙන බව දැක ගත හැකිය.එහිදී එම ශිෂ්‍ය විරෝධතාවන් විසුරවා හැරීම සඳහා පොලීසිය මුදා හරින කඳුළු ගෑස් සඳහා වැය කෙරෙන්නේ මහජන මුදල්ය.
රනිල් ගේ උත්සාහය රාජපක්ෂ වරුන් ආරක්ෂා කිරීම……..
රනිල් රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව අතර කිසිදු පැහැදීමක් නැත.රට පුරා පැතිරී ඇති ජනතා මතය වන්නේ ජනපති රනිල් ගේ උත්සාහය රාජපක්ෂ වරුන් ආරක්ෂා කිරීම බවය.කොටින්ම  කියතොත් මේ රටේ බහුතරයකට රාජපක්ෂවරු නයාට අඳු කොල වාගේය.මිල්ටෙරි නන්දසේන එළවා දැමීමෙන් පසු ජනතා අපේක්ෂාව වූයේ රාජපක්ෂවරුන් සතුව පැවැති දේශපාලන බලය අවසන් කිරීමය.
නොසිතූ දේශපාලන විකෘතිය……..
එහෙත් දැන් සිදු වී ඇත්තේ නොසිතූ දේශපාලන විකෘතියකි.රනිල් රාජපක්ෂ ආණ්ඩුව යනු පොදු ජන පෙරමුණු රාජපක්ෂ ආණ්ඩුවේම ස්වභාවික යථාර්තයයි.රාජපක්ෂ ආණ්ඩුව හැසිරුනේ සිය මිල්ටෙරි සාහසිකම් සඟවාගෙනය.
  රාජපක්ෂ ආණ්ඩු අබිරහස් අමානුෂික මිනිස් ඝාතනයන්……
තාජුඩින් ඝාතනය, ලසන්ත ඝාතනය, පෝද්දල ජයන්තට, මෙලේච්ඡ ලෙස පහරදීම ආදී ප්‍රසිද්ධියට පත් අපරාද හැරුණ විට රාජපක්ෂ ආණ්ඩුව රහසේ දියත් කළ අපරාධ බොහොමයකි.මේ අපරාධ සඳහා රාජපක්ෂවරුන් යොදා ගන්නා ලද්දේ රාජ්‍ය මිල්ටෙරි යාන්ත්‍රණයයි.එහෙත් ඒ අපරාධ  සියල්ල ජනතාව වෙතින් වසන් කරන ලද අබිරහස් අමානුෂික මිනිස් ඝාතනයන් විය.ජනතාව කිසි විටක රාජපක්ෂවරුන් සැක නොකිරීම ඔවුන්ගේ වාසියට හේතු විය.ඒ හේතුව නිසාම රාජපක්ෂවරුන්ට අණ පනත් යොදා ගනිමින් ජනතාව මර්ධනය කිරීම අවශ්‍ය වූයේද නැත.උපරිමයෙන් ඒ වාසිය ලබා ගත් ඔවුන් අධිකරණය ව්‍යවස්ථාදායකය හික්මවා ගැනීමට සිය අදෘශ්‍යමාන සහාසිකත්වය උපයෝගි කර ගන්නා ලදී.කිසි දාක හෙළිදරව් නොවුන ⁣රාජපක්ෂවරුනගේ සාහසිකත්වය අබියස රාජ්‍ය නිළධාරීන්ද සිටියේ දැඩි තිගැස්මකිනි.පීඩනයකිනි.එහෙත් තම ජීවිතයට ඇති බිය නිසා ඒ කිසිවෙකුත් කටක් ඇරියේ නැත.සමාජය පුරාම ඉහලට එසවුන ප්‍රකාශය වූයේ මොනවා කරත් ර⁣ට බේරාගත්තේ රාජපක්ෂවරුන් යන්නය.මේ තක්කඩි ප්‍රකාශයෙන් සමාජය නිර්වින්දනය වී තිබුණි.
මිල්ටෙරි නන්දසේන බලයට පත් කිරීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරය…….
සියල්ල වෙනස් වූයේ මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමෙනි.
මිල්ටෙරි නන්දසේන බලයට පත් කිරීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරය මුදා හැර මහා මිනිස් ඝාතනයක් කො⁣ට සමාජය පුරා අන්තවාදී ආගමික ත්‍රස්තයකු පිළිබඳ බිය ඇති නිර්මාණය කෙරුවේද රාජපක්සවරු⁣න්ගේ මෙලේච්ඡ මිල්ටෙරි යාන්ත්‍රණයයි. ⁣මිල්ටෙරි නන්දසේ⁣න ගේ උද්දච්ච මෝඩකම නිසාම ඔහු විනාශ වී ගියේය.ඔහු විනාශ වූයේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද බිමට සමතලා කරමිනි.රජපක්ෂවරුන්ට යන එන මං නැති විය.රටේ ආර්ථිකය බංකොලොත් වූ බවට නිවේදනය විය.රටේ ජනතාව වෙනසක් අපේක්ෂා වෙන් සිහින දැක්කාහ.එහෙත් ඒ සිහින සැබෑ  කර ගන්නට මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරස් විය.රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වන්නේ ඒ නිසාය. 
රට බංකොලොත් කිරීමට දායක වූ  මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ තක්කඩි රැළ ජනපති රනිල් වික්‍රමසිංහ හා එක් වූයේ කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුවය.රනිල් වික්‍රමසිංහ මෙරට ජනපති වරයා වී රනිල් රාජපක්ෂ ලෙස රූපාන්තරණය වන්නේ මේ පොදු ජන පෙරමුණු දේශපාලන බලය නව හැඩයකින් තව දුර⁣ටත් ක්‍රියාත්මක කිරීම සඳහාය.
රනිල් අවස්ථාවාදී හා කපටි තක්කඩි ආරෝපනය…….
රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයන් සිය නායකයා ගැන සමාජය පුරා මතයක් ගොඩ නැගීමට උත්සාහ දරමින් සිටින්නේ බංකොලොත් වූ රට බේරාගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක පෙරට ආ මිනිසා ලෙසය.මෙය අවස්ථාවාදී හා කපටි තක්කඩි ආරෝපනය කර ගැනීමක් වන්නේ පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථානුකූලව ජනපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්දයට අපේක්ෂකයකු ලෙස ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉදිරිපත් වූ නිසාය.එම තරඟයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පරාජයට පත් වූවද ඔහු එම අවස්තාවට සහභාගි වූයේ  ඔළුවේ අමාරුවට නොවන බව රනිල් රාජපක්ෂ උඩ දාන හෙංචයියන් කල්පනා කළ යුතුය.රනිල් රාජපක්ෂගෙ හෙංචයියන් සිතා ගෙන සිටින්නේ ඔහු නැති නම් මේ රට නැති බවය.එය ගොබ්බ කල්පනාවකි.
හදිසියේවත් රනිල් රාජපක්ෂ වල කජ්ජ ගැහැව්වොත් මේ රට පාලනය කරන්නට පිටරටින් නායකයකු ආනයනය කරන්නට සිදු වෙනවාදැයි මේ වාහේලා ගෙන් ප්‍රශ්ණ කරන්නට කිසිවෙකුත් නැත.  
මහල්ලා සිය ඔටිසමි මානසික විකෘතිතාව නිසාම හිට්ලර් වීරයකු…….
දැන් රනිල් රාජපක්ෂ ජනපතිවරයා හදන්නේ රාජපක්ෂ වරුන් සිය පාලනය තහවුරු කර ගැනීම සඳහා රහසේ යටි බිම් ගතව යොදා ගත් මිල්ටෙරි සාහසිකත්වය අමු අමුවේම මුදා හරින්ටය.ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසු පාර්ලිමේන්තුව අමතා ඔහු කළ ප්‍රකාශයේදී තමාට හිට්ලර් කෙනෙකු වෙන්නට පුළුවන් බව කීවෙි කිසිම හිරිකිතයක් නැතුවය.දියුණු සමාජ ශිෂ්ඨාචාරයක ජීවත්වන ජනතාව  හිට්ලර් යනු මෙලේච්ඡයෙක් බව දනී.එම මිනිස් සමාජයන් තුළ හිට්ලර් ගේ නම  ප්‍රසිද්ධියේ කීම පවා මහා නිගරුවක් ලෙස සැළකේ.හිට්ලර් සිදු කළ මහා මිනිස් ඝාතන ගැන දැනුවත් කිසිවකු ඔහු ඇගයීමට ලක් නොකරන බවද නිසැකය.එහෙත් රනිල් රාජපක්ෂ නම් මහල්ලා සිය ඔටිසමි මානසික විකෘතිතාව නිසාම හිට්ලර් වීරයකු ලෙස සළකන බව පෙනී යයි.මොහු තරුන කාලයේදී බටලන්ද වදකාගාරය තුළ සිදු කළ තිරිසන් මනුෂ්‍ය ඝාතනද හිට්ලර් පන්නයේ ඒවා විය.
අති ප්‍රබල ජල ප්‍රහාරක………
පසුගියදා මෙරටට ලැබුණ අයිඑම්එෆ් ණය මුදල ජනපති රනිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ දූෂිතයන් විසින් ජනතාව මර්ධනය සඳහා යොදා ගනිමින් සිටින බවට අනාවරණය වේ.මේ වන විටත් පොලීසිය බාර ඇමති ටිරාන් අලස් ඇතුළු කණ්ඩායමක් සිංගප්පූරුවට ගොස් ඇත්තේ අති ප්‍රබල ජල ප්‍රහාරක රථ රබර් උණ්ඩ ගෙන ඒම සඳහාය.අධි බලැති කඳුළු ගෑස් හා රබර් උණ්ඩ පාකිස්ථානයෙන් මිලයට ගැනීමට සැළසුම් කර තිබේ.මේ සඳහා මිලියන පන්දාහක් වැය කිරීමට නියමිතය.ඒ අතරේ විරෝධතාවලට සහභාගි වන්නන් ඉතා අමානුෂිකව රඳවා ගැනීමට බලය පැවරෙන ආකාරයට නීති සම්මත කර ගැනීමට ජනපති වරයා සැලසුම් කර තිබේ.සැබැවින්ම ඔහු මේ ගමන් කරමින් සිටින්නේ හමුදා පොලිස් රාජ්‍යයකට බව ස්ථිරය.ඒ සඳහා රනිල් රාජපක්ෂ පොලීසියේ හා හමුදාවල සෙනීන් උසි ගන්වමින් සිටී.
මේ උසි ගැන්වීම් වල අවසානය රට පුරා වද කඳවුරු පිහිටුවීම විය හැකිය.වෘත්තීය අරගල කිරීම අත් හිටුවීම සඳහා නීති සම්පාදනය කරනු ඇත.කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන බවද ස්ථිරය.රාජ්‍ය සුභසාධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරන්නේ තගරි න්‍යායෙනි.
රනිල් රාජපක්ෂගේ ඔිටිසම් මානසික විකෘතිය……..
රනිල් රාජපක්ෂගේ ඔිටිසම් මානසික විකෘතිය විගඩමක් බවට පත් වීමට ඉඩ ඇතත් එය සිදුවිය හැක්කේ මහා ලේ වැගිරීමකින් පසුව බව අපට හැඟේ.දහසය වන වතාවටත් මෙරටට ලැබුණු අයිඑම්එෆ් ණය මුදල වැදගැම්මක් නැති ණයක් වන බව දැනටමත් පැහැදිලිය.ඉන් කොමිස් මුදලක් යන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරන තක්කඩි ඇමතිවරුන්ටය.මේ වන විටත් ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව  මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා බාර දී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ සොහොයුරාටය.
නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ගේ දියණියට…..
නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ගේ දියණියට ලක්ෂ දහයක මුදලක් අතයට දීමෙන් වරාය ⁣කොන්ත්‍රාතුවක් හෝ ගුවන්තොටු පොළ ආශ්‍රිත රැකියා අවස්ථාවක් ලබා ගත හැකිය.
බන්දුල ගුනවර්ධනගේ පුත්‍රයා…….
බන්දුල ගුනවර්ධනගේ පුත්‍රයා සිය පියාට අයත් අමාත්‍යංශවල  ගනුදෙනු වලට මැදිහත් වෙමින් කොමිස් ගැනීම ගජරාමයට කර ගෙන යමින් සිටී.
 රනිල් රාජපක්ෂ වට කරගෙන සිටින්නන්ද හම්බකරගැනීම රස්සාව කර ගෙන  සිටිනවා මිස අන් දෙයක් නොකරයි.මේ අතරේ සාගල රත්නායක දැන් රඟන්නේ බැසිල් රාජපක්ෂගේ සියයට දහයේ කැරැක්ටර් එකය.දැන් ආණ්ඩුවේ වැඩ වෙන්නේ ඔන්න ඔහොමය.
නාසි වාදී රාජ්‍යයන් නිර්මාණය කිරීම……..
මෙරට ජනතාව දැන් පෙල ගැසිය යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට
එරෙහිවය.අප ඔවුන් ගෙන් විමසිය යුත්තේ ණය මුදල් මුදා හරිමින් ලෝකය පුරා නැවත නාසි වාදී රාජ්‍යයන් නිර්මාණය කිරීමට අත් උදව් සපයන්නේද යන වගය.ඔබට විද්‍යුත් තැපැල් පහසුකම තිබේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මේ පිළිබඳව විමසන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු.එසේ නොමැති වුවහොත් මේ විකෘති මානසික පීඩකයා විනාශ කරමින් සිටින්නේ   ඔබගේ දරුවාගේ හෙට දවසය.ඒ දරුවාට හිමිවිය යුතු රටය. 
ඔබගේ දරුවාගේ හෙට දවසය……..
ඒ එක්කම අයිඑම්එෆ් ණය මුදලින් රට ගොඩ ගෙන එනවායැයි සිතන උන්දැලාට අපට කියන්නට ඇත්⁣තේ අනේ සොරි බාල්ලා කියලාය.ඒ එක්කම පොලීසියේ හා හමුදාවේ පින්වතුන්ට අපට කියන්නට තියෙන්නේ මේ ඔටිසම් මානසික විකෘති මහල්ලාගේ මෙලේච්ඡ නියෝග හා උ⁣පදෙස් ක්‍රියාත්මක කර ආර්ථික පීඩාවට ගොදුරව සිටින තමන්ගේ පන්තියේ අසරණයන් හිංසනයට ලක් නොකරන ලෙසය.
එසේ කරන්නේනම් එය මේ මහ පොලොව නුහුලන අමානුෂික සාහසික අපරාධයක් ලෙස ඉතිහාසයේ ලිය වෙනු ඇත. 

 


Spread the love

Leave a Comment

You may also like