උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති බලු පොරය.

Spread the love

පොලිස්පති පත් කිරීමේ සටනේ බැඳී සිටි දේශබන්දු තෙන්නකෝන් ,පොලිස්පති වනවායැයි 100% ක්  සිතාසිටි දේශබන්දු තෙන්නකෝන් ඔහු හට එම පට්ටම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකසා ගැනීමට කොළඹ රොස්මිඩ් ප්‍රදේශයේ පිහිටි ටිරාන් අලස්ගේ  කාර්යාලයේ මත්පැන් සාදයක් පවත්වන ලදී.

ඒ සඳහා රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා blue label වර්ගයේ whisky  බෝතල් දෙකක් ද ඊටම සරිලන කටගැස්ම ද සකස් කරන ලදී.ඒ සඳහා පොලිස් අධිකාරී දසනායක , සහකාර පොලිස් අධිකාරි  ගුණරතන නොහොත් හරක් ගුණේ  සහ ටිරාන් අලස් ද සහභාගි විය.

මෙම අවස්ථාවට පැමිණි දේශබන්දු තෙන්නකෝන් අසා සිටියේ කට ගැස්මට   තිබෙන්නේ ඌරු මස් ද කියාය. එවිට එතැන සිටි  එස් පී ගුණරත්න කියා සිටියේ..…..” සර් සුර දෙකක්ම දාගෙන ඉන්න නිසා අපි ඌරු මස් ගෙනාවේ නෑ” ….. එළු මසුයි ,කුකුල් මසුයි ගෙනත් තියෙනවා  . එස්. පී. ගුනරත්න යනු දේශබන්දු තෙන්නකෝන් අරගලයෙන්  පෙරහැර මාවතේ දී  ගුටිබැට සංග්‍රහයට ලක්වන විට ඒ අසලින්ම සිටි පුද්ගලයෙකි.

මෙම මත්පැන් සාදයේ ප්‍රධාන මාතෘකා වූයේ

තමාට පක්ෂපාතී නොවන නිලධාරීන්ට එරෙහි ස්ථාන ස්ථානමාරුවීම් ලබා දෙන බවයි.

මෙසේ පැවසූ දේශබන්දු තෙන්නකෝන් කොක්හඬලා පවසා සිටියේ

මට කෙලවපු උන්  ඔක්කෝටම මමත් කෙලවනවා

 යනුවෙනි.උන් ඔක්කොටම මම චෝදනා පත්‍ර ගොනු කර පොලිස් කොමිසමට  හා රාජ්‍ය සේවා කොමිසමට යැවීමට දැනටමත් කටයුතු සූදානම් කරල තියෙන්නෙ

මම දැනටමත් ලයිස්තු හදලත් ඉවරයි

කියාය.එවිට එස් පී ගුණරත්න පැවසුවේ සර්ට ගෝඨා සර් හොඳටම හිතවත් නේ ඒත් වැඩේ කරගන්න බැරිවුනා නේ කියාය“.

අය්සේ, එදා ගෝල්ෆේස් එකට ගහන්න එන වෙලෙත් මහින්ද මහත්තයා මට කිවුවේ ගහන්න දෙන්න කියලා.

හේතුව තමයි ගෝඨා අපිට කරගන්න ඕනා දේ කරගන්න දුන්නේ නෑ.

 එවිට දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ බැසිල් ජනාධිපති කර ගත්තොත් අපි ගොඩ කියාය.”

මේ ඉන්නේ පිං ජනාධිපති යෙක්,ගෝඨා ට කෙලවපු අපි දන්නවා රනිල් පිං ජනාධිපති යටත් කෙලවලා ගෙදර යවන හැටි.

අපිට ඕනා ටිරාන් ව අගමැති කරගන්න.වියදම් කරන්න කෝටි ගණන් සල්ලි අපි දෙනවා”.

පොලිස්පති දුන්නේ නැත්නම් ගන්න හැටි අපි දන්නවා

 ටිරාන් අලස් පැවසුවේ පොහොට්ටුවේ මන්ත්‍රී ලගෙන් අපි අත්සන් දැනටමත් අරගෙන ඉවරයි. මේ පාර කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි කියාය.”

පාන්දර 3.00ට පමණ අප වෙත ලැබුණු මෙම හඩ පටය ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහටත් ලැබී ඇතැයි නිල නොවන මාර්ග වෙතින් අප හට දැනගැනීමට ලැබී ඇත.

මාස 6 කින් පසු රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් හට නව පොලිස්පති කම පිරිනමන්නේ ඔහු තුල දේශබන්දු තෙන්නකෝන් කෙරෙහි ඇති බිය නිසාද?

මෙම සාක්ෂි සනාථ කිරීමට අවශ්‍ය හඬ පට අප සතුව ඇති අතර රටට හිතැති මාධ්‍යවේදීන් වශයෙන්  අවශ්‍ය කලක ඒවා ඉදිරිපත් කිරීමට අප පසුබට නොවනු ඇත.

කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් සී.වී .වික්‍රමරත්නට මාස 6ක සේවා දිගුවක් ලබා දෙන ලදී.පොලිස්පති සිහිනයේ සිහින බලමින් සිටි දේශබන්දු තෙන්නකෝන් මේවනවිටත් තමාහට පැළඳීමට කැප් තොප්පියක් ,බොත්තම්,උරහිස් පලදනා සහ අනෙක් ලාංඡන සහිතව පොලිස් කබායක් ද සූදානම් කොට ගෙන අවසන් ය.

දේශබන්දු තෙන්නකෝන් ගේ අතීත පැටිකිරිය.

කොළඹ විශ්ව  විද්‍යාලයේ උපාධියක් හදාරන අතර ඔහු චීවර චීවර ධාරියකු වේ. උපාධිය හදාරන සමයේ කිසිදු දේශපාලනික හා ශිෂ්‍ය උද්ඝෝෂණ යනාදියට සහභාගී නොවූ චරිතයකි.

උපාධිය ලබාගත් පසු සිවුරු හරින මොහු තම ගම් බිම වන කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ ඇති දියදහර නම් හෝටලයේ මුදල් අයකැමි හා වේටර් වරයකු ලෙස සේවයේ යෙදී ඇත.

 දිය දහරට නිතර පැමිණෙන ගාමිණී ජයවික්‍රම සමග හොඳ හිත පවත්වමින් ඔහුගේ කාර්‍යාලයේ සේවයේ නිරත විය.  ජයවික්‍රමගේ දෙපතුල් ලෙව කා පසුව සහකාර පොලිස් අධිකාරී බවට පත්විය.

පොලිසියේ ඉහලම තනතුර ට පොර අල්ලන මොහුගේ ඉංග්‍රීසි දැනුම ඉතාමත් අල්ප අතර කිසිදු හෝ ලියවිල්ලක් වත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ගත නොහැකි පුද්ගලයෙක් වේ. දේශබන්දු ගේ සියලු පට්ටන්දරය සහ හෙලුව ඉදිරියේදී අප ඔබ වෙත සාක්ෂි සහිතව පෙන්වීමට කටයුතු කරන්නෙමු.

තවද දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය අංශය සහ තිස්ස රවීන්ද්‍ර යන මාද්‍යවේදියා පවසන පරිදි නව පොලිස්පති වරයාට ලබා දුන් සේවා දිගුව මාස හයක නොව මාස තුනක බවත් අනිවාර්යයෙන් තමාට ඉන්පසු පොලිස්පති තනතුර ලබාදෙන බවත් ප්‍රකාශ කලද ,

එම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත් දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති තනතුර ලබා නිර්දේශ කර නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ මාද්‍ය අංශය වෙත නිවේදනය කර ඇත.

 

 


Spread the love

Leave a Comment

You may also like