උණුසුම් පුවත්

මාධ්‍යවේදී ජමාල් කශෝගිව මරාදමා ඇති බව දින 04 කින් තුර්කි රජය සොයා ගත්තත් මෛත්‍රිට වසර 03 යනතුරුම මාධ්‍ය වේදීන් මරා දැමු අයව සොයන්න බෑ.

Spread the love

 

සල්මාන කුමරුට මින් ඉදිරියට කලින් තිබු ප්‍රතිරූපය ලෝක නායකයන් ගෙන් ගැලවීගොස් ඇති බවට අමුතුවෙන් කිවයුතුනොවේ. සල්මාන් කුමරු ගේ සුදු පිරිවට වල කශෝගි ගේ ලේ තැවරී ඇතුවා සේම මෛත්‍රි ගේද සුදුපිරිවට වල දැන් ලසන්තලා ගේ එක්නැලිගොඩලා ගේ ලේ තැවරී ඇතිබව තේරුම් ගත යුතුය.

ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ මාධ්‍ය වේදියකු මෙන්ම ඇමරිකන් ජාතිකයකු වන ගවේෂණාත්මක ලිපි පලකල මාධ්‍යවේදියකු වන ජමාල් කශෝගි තුර්කි යේ පිහිටි සෞදිඅරාබි කොන්සල් කාර්යාලය තුලදි මරාදමා ඇති බවට ප්‍රථම වතාවට අද සෞදි අරාබිය පිලිගත්තේය.

ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්,බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, හා ප්‍රංශ අගමැති ඉමැනුවෙල් මැක්ක්‍රොන් පවා වහාම කශෝගිට අත් වුයේ කුමක් දැයි සොයන ලෙසට තුර්කි රජයටත් සෞදි රජයටත් දැඩි පීඩනයක් එල්ල කලෝය. එහි ප්‍රථිපලය වු යේ කශෝගි පණපිටින්ම සෞදි කොන්සල කාර්යාලය තුලදීම සෞදි අරාබියානු අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් කෑලිවලට කපා දමා ඇතිබව මේවනවිට තුර්කිරජය ප්‍රකාශ කොට අවසන්ය.

ඒ මිනිමැරුම සොයාගැනීමට තුර්කි ජනාධිපතිවරයා එක එල්ලේම ඉදිරිපත්ව මරණය සිදුවුයේ කෙසෙදැයි ලොවට හෙලිකිරීමට ගත වුයේ දින 04 කි.
ඒත් 62 දෙලක්ෂයක ගේ ඡන්දය ගත් මෛත්‍රිපාල රටේ ජනතාවට පොරොන්දු වුයේ එක්නැලිගොඩ,ලසන්ත වික්‍රමතුංග මැරු මිනිමරුවන් තමා ඉතාම ඉක්මනින් රටට හෙලිකරන බවය.

ඒත් දැන් සිදුව තිබෙන්නේ ඒ මිනිමරුවන් වෙනුවෙන් මෛත්‍රිපාල පෙනිසිටිමින් රටේ ජනාධිපති කම බල්ලට දමා අපරාධ කරුවන් වෙනුවෙන් පෙනීසිටීමයි.

සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු පිලිබදව ඉතාම විවේචනාත්මක ලිපි පලකල කශෝගිව මරාදැමු බව දැන් ලොවට හෙලිවී අවසන්.

සල්මාන කුමරුට මින් ඉදිරියට කලින් තිබු ප්‍රතිරූපය ලෝක නායකයන් ගෙන් ගැලවීගොස් ඇති බවට අමුතුවෙන් කිවයුතුනොවේ. සල්මාන් කුමරු ගේ සුදු පිරිවට වල කශෝගි ගේ ලේ තැවරී ඇතුවා සේම මෛත්‍රි ගේද සුදුපිරිවට වල දැන් ලසන්තලා ගේ එක්නැලිගොඩලා ගේ ලේ තැවරී ඇතිබව තේරුම් ගත යුතුය.

සල්මාන් කුමරු සුදුපිරිවටයට මුවාවී කල නොහොබිනා කම් ගැන ලියු කශෝගි මරාදැමුවත් ඔහු ලොවට හෙලිකල සත්‍ය‍ය කිසිදවසක මරාදැමීමට නොහැකිය. “ජමාල් කශෝගි ඔබට නිවන් සුව “……………

අජිත්..


Spread the love

Leave a Comment

You may also like