පහළ දෙණියේ වංගුවෙන් විත්
පුතුගෙ කාරය හැරෙද්දී………….
හිතට සිසිලක් ඇතිවුනා වගෙ අමුතු
සතුටක් පිරෙද්දී…
උඹේ නෝනයි දරුපැටවුගෙයි හිනා හඬ රැවු නැගෙද්දී..
මගේ සතුටම බිමට වැටුනා
පුරුදු තනිකම දැනෙද්දී………………
ලොකු පුතයි පොඩි පුතයි දෙන්නා හැදුනු මහ ගෙදරයි අපේ…
අපි හතර දෙනා එකට සිටිනා කලයි තිබුණ් සංතොසේ……..
පොඩි පුතුගෙ තනිකම මකන්නට මහගෙදර මං තනිවුනේ………
ලොකු පුතුගෙ ගේ මුරකරන්නට
තාත්තයි මං වෙන්වුනේ……….
අතපයේ වේදනා කැක්කුම් කවුරු බලනෙද
දන්නෙ නෑ
හාමිනේ කිය කියා පස්සෙන් කියව කියවා
එන්නෙ නෑ………
මැරෙනතුරු එක ඇඳේ එකටම නිදාගමු කිව්
කතා නෑ……..
දෙපස දෙතැනක තනිකරන එක සැඳෑ සමයට
හොඳම නෑ……
ලොකු පුතේ මේ සාංකාවයි ඇත්තෙ
නෑ අසනීපයක්…
අඟ හිඟක් අඩුපාඩුවක් නෑ මල්ලි බලනවා
හැම දෙයක්…
හිටියාට මං තුටින් නෑ පුත ඇහැකිනම්
කරපන් දෙයක්…
මැරෙනතුරු එක හෙවනෙ ඉන්නෙක
තාත්තගෙ එක හීනයක්…………………..!!
..තදිති තිලකවර්ධන….