මෙරට මැතිවරණ කොමිෂමට අත තැබූ ජනපතිවරයා මේ වන විට අධිකරණයට අත තබා ඇති බව හිටපු අමාත්‍ය නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටී.එහිදී හිටපු අමාත්‍ය හා නිදහස් ජනතා සන්ධානයේ නායක ඩලස් අලහප්පෙරුම මෙසේද පැවසීය.ජනපතිවරයා මේ වන විටත් අධිකරණයට හා මාධ්‍ය වලට අත තබා තිබෙනවා.ඔහු මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බුල්ඩෝසර් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා.දැන් ජනතාව යටත් වැසියන් වශයෙන් කටයුතු කරනවාදපක්ෂ පාට බේද අමතක කර පුරවැසියන් ලෙස මෙම තත්වයට එරෙහිව සටන් වදිනවාද යන්න ජනතාව වහාම තීරණය කළ යුතුයි.
රනිල් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බුල්ඩෝසර් කරමින් සිටිනවා යැයි ඩලස් අලහප්පෙරුම කියයි