උණුසුම් පුවත්

තක්කඩි ගේම් වලින් අධිකරණය බිය වැද්දීම රනිල් රාජපක්ෂගේ පුරුද්දක්

Spread the love

1983 මාර්තු 8 වන දා පැවැති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුමට නායකත්වය දුන් ලංකා සමසමාජ පක්ෂයේ නායිකාව වූ විවියන් ගුණවර්ධනට පොලීසිය විසින් මෙලේච්ඡ ආකාරයෙන් බිම දමා ගෙන පහර දී අත් අඩංගුවට ගන්න ලදී.
තමන් අනීතිකව අත් අඩංගුවට ගැනීම පිළිබඳව විවියන් ගුණවර්ධන පොලීසියට එරෙහිව නඩු පවරන ලද අතර එම නඩුවේ තීන්දුව දෙන ලද්දේ  1983 ජුනි 8 වන දිනය.
මේ නඩුව විභාග කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බී.එස්.සී.රත්වත්ත,පර්සි කොලින්තෝමේ,හා ජේ.එෆ්.සූසා යන විනිසුරුවරුන්ය.මෙම විනිසුරුවරුන් විසින් විවියන් ගුණවර්ධන අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කෙරිණි.එම තීන්දුව ලබා දී ගෙවී ගියේ දින ගනනකි.ජුනි 11 වන දින බස් රථවලින් හා ජිප් රථවලින් පැමිණි මැර කණ්ඩායමක් විනිශ්චයකරුවන්ගේ නිල නිවාස  ඉදිරිපිටට පැමිණ විවියන් ගුණවර්ධනට පක්ෂව ලබා දුන් නඩු තීන්දවට එරෙහිව සටන් පාඨ කියමින් බැනර් ප්‍රදර්ශණය කරමින් විරෝධතාවක් අරඹන ලදී.
මෙම මැර කණ්ඩායම විනිසුරුවරුන්ට අපහාස කරමින් හූ කියමින් ගල් මුගුරු පවා ගැසූ අතර සිය නිවාස වල අසරණව සිටි විනිසුරුවරුන් තම නිවෙස් ඉදිරිපිට සිදුවන බලහත්කාරී ක්‍රියාව ගැන පොලීසියට දැනුම් දෙන ලද මුත් පොලීසිය එහි පැමිණියේ නැත.
එවකට අගවිනිසුරු වූ නෙවිල් සම⁣රකෝන් මෙම මැර කණ්ඩායම පැමිණි බස් රථ හා වාහන වල සියළු තොරතුරු පොලීසියට දෙන ලදී.
පසුව දින ගනනක් ගෙවී ගිය පසු එනම් ජුනි මස 22දින ලක්ෂමන් ප්‍රනාන්දු නැමැත්තෙක් බ්ලූමැන්ඩල් පිහිටි දිවයින පුවත්පත් කාර්යාලයට පැමිණ එම විරෝධතාවේ වගකීම බාර ගත්තේය.මේ ලක්ෂ්මන් ප්‍රනාන්දු 1971 කැරැල්ලේ 29 වන සැකකරුය.ඔහු කලූ ලකී නමින්ද ප්‍රසිද්ධ වී සිටියේය.
 
විනිසුරුවරුන්ට සිදු කළ මෙම අපහාසාත්මක විරෝධතාව ජනතා විමුක්ති පෙරමුණට බැර කිරීමේ සැලසුමක් ජේආර් ආණ්ඩුව තුළ තිබුණි.එහෙත් සන් පුවත්පත පල කළ ඡායාරූපයක් නිසා ඒ සැළසුම උඩු යටිකුරු විය.එම ඡායාරූපය කලු ලකීගේ මංඟල ඡායාරූපය විය.මෙම ඡයාරූපයේ කලු ලකී හා මනාලිය දෙපස සිටියේ එවකට ඇමතිවරයකුවූ රනිල් වික්‍රමසිංහ හා එවකට අධිකරණ ඇමති වූ නිශ්ශංක විජේරත්නය.එහෙත් කලු ලකීට හෝ වෙනත් කිසිවෙකුට එරෙහිව පොලීසිය කිසි දිනක නිත්‍යනුකූලව කටයුතු කෙරුවේ නැත.
එම සිද්ධිය පිටුපස සිටියේ රනිල් වික්‍රමසිංහ බව පැහැදිලිය.රනිල් වික්‍රමසිංහ ගේම් ගහන්නේ ඒ විදියටය.ගෝනවල සුනිල් වැනි දාමරිකයන් සමග ගනුදෙනු කරමින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජේආර් ආණ්ඩුවේ සිටි මැරයා විය.
පලාත්පාලන මැතිවරණය පිළිබඳවද පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳව රනිල් රාජපක්ෂට තිබුණේ කේන්තියකි.දැන් සමාජයට කලු ලකීලා වැන්නන් ලවා සිදු කරවන ගේම්  වලංගු නැති බව රනිල් රාජපක්ෂ දනී.එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට පාඩමක් ඉගැන්විය යුතුය යන්න රනිල් රාජපක්ෂගේ පාදඩ හිත තුළ පවතින කෝපය අත් හරින්නටද සූදානම්ද නැත.
ඔහු ඒ සඳහා බළල් අත් දෙකක් යොදා ගත්තේ මං බබා න්‍යායෙනි.රනිල් රාජපක්ෂගේ බළල් අත් වූයේ ⁣පාර්ලිමේන්තු මන්ත්‍රී දොළවත්ත හා ඇමති සේමසිංහය.සේමසිංහ යනු රාජපක්ෂලාගේ පස්ස හෝදන සට්ටැඹියෙකි.
එහෙත් දොලවත්ත ඒ තරමටම දේශපාලන කුණු පනුවෙක් නොවේ. වෘත්තියෙන් නීතිඥයකුද වන ඔහු මේ සිදුවීමේදී රනිල් රාජපක්ෂගේ ඇවුලුම් බිලියක් වීම එක්තරා ආකාරයකට ප්‍රශ්ණ සහගතය. ඔහු කිසියම් ආකාරයක වාසියක් අපේක්ෂාවෙන් සිය වෘත්තිමය ජීවිතයේ වැසිකිලි අසූචි බාල්දියක් හලා ගත්තා වෙන්නට පුළුවන.ඒ ඉදිරි ඇමති මණ්ඩල පත් කිරීමේදී අධිකරණ නියෝජ්‍ය ඇමතිකම වන්ටද බැරි නැත.මේ දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේදී එළියට දැම්මේ රනිල් රාජපක්ෂගේ තුරුම්බුය.

පලාත් පාලන මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ලද එම විනිශ්චය පාදක කරගනිමින් එහි විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වීම ගෙන ඇති තීරණය ලබන 23 වන දාට පෙර වහාම නතර කළ යුතු බවත් එය නතර කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් 24 වනදා සමස්ත නීති ප්‍රජාවම මහ පාරේ විරෝධතා අරඹන බවත් මේ අතරේ නීතිඥ මහ සභාව නිවේදනය කර සිටී.

නීතිඥ මහ සභාව මේ නිවේදනය කරන ලද්දේ විනිසුරුවරුන්ට අත නොතබනු යන මැයෙන් මරදාන CSR පසුගිය 20 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුවට ඡ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් කුරේ,නීතිඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්රි අලගරත්නම්,නීතිඥ සුනිල් වටගල ,නීතිඥ ලිහිණි ප්‍රනාන්දු,නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ අමිල එගොඩවත්ත ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහභාගි වී සිටියහ.
ඡායාරූපය වෙනුවෙන් නන්දන් වීරත්නට ස්තුතිය

Spread the love

Leave a Comment

You may also like