උණුසුම් පුවත්

අලි බබා හා හොරු හතලිහේ ආණ්ඩුවේ නව ඇමතිවරුන් හෙට අනිද්දා දිව්රුම් දෙයි

Spread the love

ජනාධිපති රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරි කාලයේදී නව අමාත්‍යවරුන් පත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

අයි.එම්.එෆ් ණය පහසුකම් ලංකාවට මුදා හැරෙන බව ප්‍රකාශවීමත් සමගම පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් අතර යලි අමාත්‍ය තනතුරු ලබා ගැනීම සඳහා දැඩි උනන්දුවක් ඇති වී තිබේ.මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ඇතැම් වෙබ් පිටු පුවත් පල කර තිබුණේ   ඇමතිකම්වලට පොහොට්ටුවේ ලොකු වලියක් යනුවෙනි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ප්‍රකාශ කෙරුවේ තමන්ට අමාත්‍ය ධුරයක් අනිවර්යයෙන්ම හිමි විය යුතු බවය.
මෙරට ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් තුළ වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ක්ෂණිකව මුදා හැරෙනු ඇති බව ජාත්‍යන්තර අරමුදල පෙන්වා දී ඇත.විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩ සටහනේ අරමුණ මෙරට ක්‍රියතේමක සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසාර භාවය නැවත ඇති කිරීම බව ජාත්‍යන්තර අරමුදල පෙන්වා දී ඇත.
මෙම ණය පහසුකම ලබා ගැනීමේදී ජාත්‍යන්තර අරමුදල වෙතින් කොන්දේසි 15 ක් මෙරටට ඉටු කිරීමට බල කර තිබේ.මෙම කොන්දේසි රටට ඉතා බරපතල කොන්දේසි බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
කෙසේවෙතත් මේ වන විට පොදු ජන පෙරමුණ තුළ අමාත්‍ය තනතුරු ලබා ගැනීම සඳහා ඇති වී තිබෙන බලු පොරය රාජපක්ෂ පවුල දක්වා විහිදී ගොස් තිබේ.
මෙහිදී නාමල් රාජපක්ෂගේ අදහස වී ඇත්තේ කිසිදු ඇමතිකමක් නොගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කිරීම අනාගත දේශපාලන න්‍යාය පත්‍රයට වැදගත් බවය.එහෙත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ,මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන,ශෂේන්ද්‍ර රාජපක්ෂ ,වැන්නන් නැවත අමාත්‍ය තනතුරු ලබා ගත යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තාවේ.
එහිදී ඔවුන් හට මහ මාර්ග ,කෘෂිකර්ම, විදුලිබල හා බලශක්ති හා වරාය වැනි අමාත්‍යංශ ලබාදිය යුතු බවටද කොන්දේසි පනවා තිබේ.එජාපය නියෝජනය කරන වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලබා දීමේ අදහසක් ජනපතිවරයා තුළ පවතී.එහෙත් එය පොදුජන පෙරමුණු පාර්ශවය අනුමත කරන්නේද යන්න සැකයකි.මෙහිදී ජනපති කාර්යාලයට සම්බන්ධව සිටින ලන්සා මන්ත්‍රීවරයා තමාට අමාත්‍ය  ධුරයයක් අවශ්‍ය නැති බවට ප්‍රකාශ කර තිබේ.
පොදුජන පෙරමුණේ ⁣ඇමතිකම් අපේක්ෂවෙන් සිටින ඉහත නම සඳහන් මන්ත්‍රීවරුන් අයිඑම්එෆ් ණය මුදල ලැබුණ විට අමත්‍ය ධූර ලබා ගෙන තමන්ට හිතූ මනාපයට “පැරණි ඇමති සැප විඳිමින්” ජීවිතය ගොඩ දාගන්නට සිතන බව පැහැදිලිය.
මෙම ණය මුදා හැරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති  ජාත්‍යන්තර අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණපා සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් විශේෂයෙන් දූෂණය මැඩලීමේ අවංක වුවමනාවක් පැවතිය යුතු බවත්ය. 
ක්‍රිස්ටලීනා පවසන ආකාරයේ දූෂණය මැඩලීමේ අවංක වුවමනාවක් පොහොට්ටු පාර්ශවය තුළ පවතිනවාද යන්න සැක සහිතය.ඒ හොඳම හොර කල්ලිය නියෝජනය වන්නේ පොදුජන පෙරමුණ තුළ බැවිනි.
මෙරට තවමත් දේශපාලන බල අධිකාරිය හා පරිපාලන ක්ෂේත්‍රය තුළ පවතින දූෂණය හා රනිල් රාජපක්ෂගේ පොහොට්ටු ආණ්ඩුව ගැන අපට නම් ලියන්නට ඇත්තේ මේ  ආණ්ඩුව හරියටම අලි බබා හා හොරු හතලිහ වාගේ කියා පමණය.

 


Spread the love

Leave a Comment

You may also like