වර්තමාන පොලිස්පති වරයා විශ්‍රාම යාමෙන් පසුව පත් කළ යුතු පොලිස්පති වරයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති රනිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති බව “ද ලීඩර්” වෙබ් අඩවිය වර්තා කර ඇත.මෙම සාකච්ඡාවට අගමැති දිනේෂ් ගුණවර්දන, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් හා නීතිපතිවරයා සහභාගි වූ බවත් එහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව සාකච්ඡා වූ බවත් එහි සඳහන් වේ.මෙහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටි බවද එම වෙබ් අඩවිය සටහන් කර තිබේ.
පොදුජන පෙරමුණ පාර්ලිමෙින්තු මන්ත්‍රී කණ්ඩායමද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කරන ලෙසට බලපෑම් කරමින් සිටින අතර මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු ඔහු දූෂිතයකු බව සඳහන් කරමින් පොලිස්පති තනතුරට පත් නොකරන ලෙසට ඉල්ලා තිබේ.කාදිනල් උන්නාන්සේද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරය පිළිබඳව චෝදනා ඇත්තකු පොලිස්පති වරයා ලෙස පත් නොකරන ලෙසට ඉල්ලා සිටින ලදී.මල්වතු අස්ගිරි ගොබ්බ වහන්සේලාට මෙරට සමාජය පිළිබඳව යාවත්කාලීන වන දැනුවත් කමක් නොමැති හෙයින් උන්වහන්සේලාට මදූෂ් වැනි පාතාලයකු පොලිස්පති වී තම විහාරයට අටපිරිකරක් හා පලතුරු වට්ටියක් ගෙන ආ විට සුදු නූල්බැඳ පිරිත් කියන තරමේ මෝල්ගස් වාහේලාය.මේ ගොබ්බ වහන්සේලා දෙන්නා වොයිස් කට් එකක් දී පඩික්කම් පුරවනවා ඇරෙන්නට වෙන කරන්න දන්න ලබ්බක්ද නැත.මොවුන් දෙන්නා ඉන්නේ මෙරට ජනතාවට හෙණ ගැහැව්වත් ගානක් නැති ගානටය.දේශබන්දු තෙන්නකෝන්ද පොලිස්පති වීම සඳහා සියළු දහම්ගැට දමමින් සිටී.මොහු මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා මාධ්‍යවේදීන්ට දොල පිදේනි පුදමින් සිටින බව වාර්තා වේ.මේ පාර්ශවයන්ට කෝටි ගනන් මුදල් වැය කරමින් සාද හා ත්‍යාග ලබා දෙමින් දේශබන්දු ගෙන යන ප්‍රචාරාත්මක වැඩ පිළිවෙල ඉතා විශාලය.මෙහිදී අභියාචනාධිකරණයේ තමාට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීමටද දේශබන්දු තෙන්නකෝන්ට හැකිවී තිබේ.කොටුව ජනපති මැදුරට අරගල කරුවන් ඇතුළුවී එහි තිබී සොයාගෙන පොලීසියට බාර දුන් රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදලක් හා අගතිගාමී ක්‍රියා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූතහනම් නියෝගය ලබන 28 වන දින දක්වා දීර්ඝ කරන ලදී.අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුනාරත්න හා විනිසුරු ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.මෙම තහනම් නියෝගය දීර්ඝකරන ලද දිනය නව පොලිස්පති වරයා පත් වීමෙන් පසු දිනයක් බව පැහැදිලිය.මෙම විනිසුරුවරුන් දෙදෙනා වෙත දේශබන්දු තෙන්නකෝන් සැපයූ “විඳි සැප” අනුව එය එසේ වූ බව අමුතුවෙන් ලිවිය යුතු නැත.