උණුසුම් පුවත්

නඳුන් චින්තක වෙනුවෙන් ඔහුගේ පියා ඉන්ටපෝල් වෙත ලියයි

Spread the love

මැඩගස්කරයේ සිට මෙරටට ගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්නගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසට ඔහුගේ පියා වන ⁣නෙල්සන් මර්වින් වික්‍රමරත්න ජාත්‍යන්තර පොලීසිය⁣ට ඉල්ලීමක් කර තිබේ.

තමන්ගේ පුත්‍රයාද මාකඳුරේ මදූෂ්,කොස්ගොඩ තාරක අත්අඩංගුවට ගෙන සාධරණ පරීක්ෂණයකින් තොරව තමන්ගේ පුත්‍රයාද  ඝාතනය වීමේ අවදානමක් පවතින බව සදහන් කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇත.
තම පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කළ රතු වරෙන්තුව නිසා බව සඳහන් කරන නඳුන් චින්තක වික්‍රමරත්නගේ පියා තම දරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීම ජාත්‍යන්තර පොලීසියට ඇති බවද මෙම ලිපියේ සඳහන් කර තිබේ 

 


Spread the love

Leave a Comment

You may also like