දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරවීමේ මාධ්‍ය මෙහෙයුම කුල්ල කුජීත වන තරමට හතර වටින් ප්‍රහාර එල්ල වෙමින් තිබේ.
මාධ්‍යකරුවන් යැයි කියාගන්නා ඊනියා නාට්ටාමි ලියන්නන් පිරිසකට දේශබන්දුු තෙන්නකෝන් පොලිස්පති කරවීමට හදිසි වුවමනාවක් මතු වූයේ මෙරට පොලිස්පති තනතුරට පත්කිරීමේ නෛතික ක්‍රියා දාමය පිළිබඳව නොදැනුවත් කම නිසා නම් නොවන බව පැහැදිලිය.මේ සිද්ධ වූයේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමය.නමුත් මේ වන විට දේශබන්දු තෙන්නකෝන් පාර්ශවයේ සිහින සැලසුමට හතර දිග් බාගයෙන් විවේචන එල්ල වෙමින් තිබේ.රටේ ජනතාවගේ ඔළුව හැදීමේ අපේක්ෂාවෙන් ගත් මාධ්‍ය මෙහෙයුම තවදුරටත් වලංගු නොවන තරමට පීචං වී ගිය බව තැන තැන ඇසෙන කතා බහෙන් අපට දැන් වැටහී තිබේ.දේශබන්දු තෙන්නකෝන් නම් පජාත පොලිස් කාරයා ගැන රෙකමාදාරු කරන්නන් ගේ කයිවාරු ලියවිලි කියවූ විට අපේ බඩ දඟලන්නට පටන් ගනී.මේ නාට්ටාමි ලියන්නන් කියන විදියට නම් මෙරට පාතලය හා හෙරොයින් ජාවාරමට හිසරදයක් වූ පොලිස් කාරයා ය.එහෙත් දේශබන්දු රාජකාරිය ගැන ඒ නාට්ටාමි ලියන්නන්ට වඩා අපි හොඳහැටි දනිමු.මේ තක්කඩි පොලිස්කාරයා කොස්ගොඩ තාරක ඌරු ජුවා හා මදූෂ් කොන්ත්‍රාත් ක්‍රමයට මරා දැමූ හැටි ගැන සාක්ෂි අප සතුව පවතී.කොළඹ පිහිටි සම්බාහන ආයතන වලින් ලබා ගන්න කප්පම් පිළිබඳව අප දැනුවත්ය.පසුගියදා මැඩගස්කරයේදී අත් අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ සළිඳු සමග දේශබන්දු අතර පවතින අඹ යාළු කම ගැන අපට කවුරුත් කියා දිය යුතු නැත.චමුදිත නම් වාචාල කයිවාරුකරයාට ගූ ගසා ඔහු වහලෙක් බවට පත් කර ගත් දේශබන්දුගේ මෙහෙයුමද අපි දනිමු.දේශබන්දු ගැන අපට පොතක් ලියන්නට පුළුවන.එහෙත් අප මේවා ලිව්වා කියා වජිර අබේවර්ධන වැනි තක්කඩියන්ට රුදාවක් නැත.මෙරට කවදා හෝ නීති ගරුක සාධාරණ සමාජයකදීදේශබන්දුට ජම්පරය ඇන්දීමට තරමට තොරතුරු අප සතුව තිබේ.මොහු ඇඟ කිළි පොළන තරමේ මිනිස් ඝාතනයකට පවා සම්බන්ධ මෙලේච්ඡයෙකි.මේ තොරතුරු දේශබන්දු ගේ බලු වැඩ වලට වඩා බරපතලය.මේ වන විටත් පොලිස්පතිවරයා දේශබන්දුට එරෙහිව ක්‍රියා කරමින් සිටී.සැබවින්ම පොලිස්පති සීඩි වික්‍රමරත්න සිය පොලිස් සේවාවෙි අවසාන කෙළවරේදී හෝ මෙරට මහජනතාවට යහපත් දෙයක් කිරීම ගැන ස්තූතිවන්ත විය යුතුය .පසුගිය වර්ෂයේ ජුලි 7 වන දා ජනපති මැදුරේ තිබී අරගල කරුවන්ට හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල පොලීසියට බාර දුන් පසුව ඒ මුදල් පිළිබඳ නෛතිව රාජකාරි නොකර ටිරාන් අලස් ඇමතිවරයාට බාරදෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපති වරයාට නියෝග කෙරුවේ මේ දේශබන්දුය.එම නීති විරෝධී නියෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට ලබා දුන් නියෝගය පරිදි පොලිස්පති වරයා ඒ පිළිබඳව පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයේ වාර්තාව මේ වන විට අධිකරණයටත් පොලීසිය බාර ඇමතිවරයාටත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාටත් පොලිස් කොමිෂමටත් ඉදිරිපත් කර ඇත.පොලීසියේ විමර්ශන ඒකකය මගින් සිදුකළ ඒ විමර්ශනයේ පළමු චුදිතයා දේශබන්දුය.වෙන්ට පොලිස්පති වීමේ පනු අමාරුවෙන් දඟලන දේශබන්දුගේ බඩ අමාරුවට මේ විමර්ශන වාර්තාවේ චෝදනා හොඳටම ඇතිය.මේ චෝදනා වලින් ඒ අමාරුව හොඳ වෙන්නේ නැති නම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ අසමෝදගම් ස්ප්‍රීතුවද අප සතුව පවතින බව දේශබන්දුටඅපසිහිපත්කරමු.![]()
වෙන්ට පොලිස්පති දේශබන්දුගේ පණු අමාරුවට බෙහෙත් අප ළඟ තිබේ



