උණුසුම් පුවත්

පොලිස්පති ලෙස දේශබන්දු පත් කෙරන බව අතේ රෝල් ප්‍රවෘත්තියක්

Spread the love

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ඡේනිපො දේශබන්දු තෙන්නකෝන් පත් කරන බවට මාධ්‍ය මගින් සිදු කරන ප්‍රචාරය පදනම් විරහිත බවත් එම ප්‍රචාරය කිසියම් කල්ලියකගේ ප්‍රවෘත්ති පැල කිරීමක් බවත් වාර්තා වෙි.මෙම ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කිරීම නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා ඡේනිපො දේශබන්දු තෙන්නකෝන් කුමන්ත්‍රණයක ප්‍රතිඵළයක් බවද හෙළි වී තිබේ.
මීට ඉහතදී  ටිරාන් අලස්  ඇමතිවරයා විසින් ඡේනිපො දේශබන්දු තෙන්න⁣කෝන් පොලිස්පති වරයා ලෙස නිර්දේශ කරන ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලූ විට ජනපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළ බව මාධ්‍ය වලින් ප්‍රචාරය වීම නිසා සිදුවූ ලැජ්ජාව වසා ගැනීමට දේශබන්දු පාර්ශවය මේ අලුත් ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත මුදා හැර ඇතැයිද දැන ගැන්මට ඇත.
මේ ප්‍රවෘත්ති වල සත්‍යතාව පිළිබඳව අපට සියයට සියයක්ම තහවුරු කිරීමට නොහැකිය.ඒ අපට තොරතුරු ලබා දෙන ජනාධිපති කාර්යාලයේ පාර්ශවයන්ද විව්ධ කණ්ඩායම් නියෝජනය කරන්නන් බැවිනි.
එළඹෙන මාර්තු 26 වන දා වර්තමාන ⁣පොලිස්පතිවරයා විශ්‍රාම යාමට නියමිතය.පොලිස්පති තනතුර සඳහා මේ වන විට නිර්මාණය වී ඇත්තේ බලු පොරයකි.කෙසේ වෙතත් වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ලබන 20වනදා පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩලයේදී  සාකච්ඡා කිරීමට නියමිතය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පති ධුරය හිස් වූ විට නව පොලිස්පතිවරයා නම් කර පත් කිරීම සදහා ජනපතිවරයා වෙත යැවීමේ වගකීම පැවරී ඇත්⁣තේ ව්‍යවස්ථාදායක සභාවටය.මෙතෙක් පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස් වී නැත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ හඳුන්වන්නේ වේසබන්දු නමිනි.ඒ තරමටම දූෂිතයකු ලෙස හංවඩු ගැසී ඇති මෙම ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙරට ⁣පොලිස්පතිවරයා ලෙස පත් කර ගැනීමට ප්‍රයත්නය දරන්නන් අතර ඇමති ටිරාන් අලස්   වජිර අබේවර්ධධන වැන්නන් වේ.
කෙසේ වෙතත් අපට කියන්නට ඇත්තේ යම් හෙයකින් ⁣දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කර ගැනීමට කටයුතු කළ හොත් එය මෙරට නීතියේ ආධිපත්‍යයේ මල ගම සටහන් කරන කරන තරමේ අතිශය බරපතල කාරණයක් වන බවය.
නයි දිලිත් ගේ ජනාධිපති සිහිනය……..
ඒ අතරේ පොලිස්පති බලු පොරය පිළිබඳව අප හට ලැබුණ තවත් තොරතුරක් තිබේ.පසුගියදා දෙරණ දිලිත් ජයවීර පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් සමීක්ෂණයක් පවත්වා තිබේ.ඒ ඉදිරි ජනපතිවරණයේදී තමා ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුව හොත් ජයග්‍රහණය කළ හැකිද යන්න පිළිබඳවය.මෙම සමීක්ෂණය අනුව දිලිත් ජයවීර අනෙකුත් අපේක්ෂකයන් අබිභවා යා හැකිය යන ප්‍රතිඵළයක් ලැබී ඇති බව වාර්තා වේ.දිලිත් ජයවීරගේ දේශපාලන ආගමනය සඳහා තමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඒ පිළිබඳව දිලිත් ජයවීර හා සම්බන්ධ පාර්ශවයන් එක්ව පැවැත්වූ  රහස් සාකච්ඡා වලදී  දේශබන්දු තෙන්නකෝන් එකඟ වී තිබේ.මේ එකගතාව අනුව දිලිත් ජයවීර විසින් දේශබන්දු තෙන්නකෝන්⁣ට පොලිස්පති තනතුර ලබා ගැනීම සදහා  උදව් කළ යුතුය.
ඒ අනුව මෙරට මාධ්‍ය වල දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වීමට ජනපතිවරයා නිර්දේශ කර ඇතැයි යන ප්‍රවෘත්තිය පැල කරන්නේ දිලිත් ජයවීර  බව කියවේ.
කැලණියේ නයියා පටවා මුළු රටම ඇන්දූ දිලිත් ජයවීරට එවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීම හරිම සිම්පල් වැඩකි. 

Spread the love

Leave a Comment

You may also like