ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික යුද හමුදාපතිවරුන් තිදෙනෙක් ජනාධිපති රනිල් රාජපක්ෂට දන්වා ඇත්තේ පසුගිය දිනක ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් පොලු රැගෙන විරෝධතාකරුවන් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරුන් වශයෙන් තමන්ගේ බලවත් අප්‍රසාදය පළකරන බවය.
වෘත්තීය සොල්දාදුවන් ගමේ චන්ඩින් මෙන් පොලු මුගුරු රැගෙන ගොස් විරෝධතාකරුවන් මර්දනය කිරීම යුද හමුදාවේ ගුණාත්මකභාවය හෑල්ලු කිරීමක් බවත් මේ මැදිහත්වීම කමල් ගුණරත්නගේ සහ මේජර් ජනරාල් මාන්නගේ ගේ ගොන් තකතීරු මෝඩ කමක් බවත් එය ජාත්‍යන්තර වශයෙන් මෙරට යුධ හමුදාව හෑල්ලුවට ලක් කිරීමක් බවත් එහිදී මේ හමුදාපතිවරුන් දන්වා තිබේ. යුද හමුදාවේ සක්‍රීය සේවයේ සිටින යුද හමුදා නිළධාරීන් සොල්දාදුවන් ද මෙම ක්‍රියාව ගැන දැඩි ලෙස අප්‍රසාදය පළකොට ඇත.
පසුගිය දිනෙක අප විසින් ජංගම දුරකථන වලට සවන් දීමට හැකිවන උපකරණ මෙරටට ගෙන්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් රෝහණ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් සූදානම් වන බව අනාවරණය කරන ලදී.
මෙම උපකරණ මිලදී ගැනීමේදී නියමිත ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් තොරව සිදු කරන මුල්‍ය වංචාවක් බවට අප විසින් හෙළි කිරීම නිසා ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා කොන්ත්‍රාතුව තව දුරටත් දීර්ඝ කර ගැනීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ජනාධිපති රනිල් රාජපක්ෂගෙන් ගෙන් ඉල්ලීම ජනපතිවරයා විසින් ප්‍රතික්ශේප කරන ලද බවද වාර්තා වේ.