උණුසුම් පුවත්

සහරාන් ගේ බිරිඳ සාදියා ඇප මත මුදා හැරේ.සාදියා ඝාතනය කිරීමට පාස්කු ප්‍රහාරය මෙහෙයවූ කුමන්ත්‍රණකරුවන් ගේ සැලසුමක් හෙළිවේ

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි පැවසෙන සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කල්මුණේ මහාධිකරණය විසින් අද (15)නියෝග කරන ලදී.පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව අත් අඩංගුවට ගත් ෆාතිමා හාදියා වසර 4 කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටියාය.
පුලස්තනී රාජේන්ද්‍ර නොහොත් සාරා පිළිබඳව තොරතුරු වසන් කිරීමේ වරදට චෝදනා කරමින් ඇයට එරෙහිව කල්මුණේ මහාධිකරණයේ නඩු පවරා තිබිනි.අද දින මෙම නඩුව කල්මුණේ මහාධිකරණ විනිසුරු ජයරාම් ට්‍රොස්කි  හමුවේ කැඳවුන අතර එහිදී සැකකාරිය රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 ක් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණ අතර සැකකාරියට මෙන්ම ඇප කරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවිනි.
එහිදී වැඩිදුරටත් සැකකාරිය සෑම ඉරිදාවකම දහවල් 12 ත් පස්වරු 4 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කෙරිනි. 
ෆාතිමා හාදියා ඇප පිට මුදාා හැරීම සම්බන්ධයෙන් පාස්කු බෝම්බ සිද්ධිය මෙහෙයවූ යටි බිම්ගත කුමන්ත්‍රණකරුවන්  බරපතල ආකාරයට නොසන්සුන් වී ඇතැයි අපට දැන ගැන්මට ලැබුණි.
මැය පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහෝ තොරතුරු දන්නා වැදගත් සාක්ෂිකාරියකි.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් පරීක්ෂණයක් ඇරඹෙන දිනයක එම විමර්ශන කටයුතු සදහා සාදියා වෙතින් බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකිය.
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් කලබල වී ඇත්තේ මේ නිසාය. කෙසේවෙතත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් මෙහෙයවන සන්නද්ධ කණ්ඩායමක් යොදවා සාදියා ඝාතනය කිරීමේ අවධානමක් පවතී.එය ඉතා ඉක්මනින්ම  සිදු විය හැකි බව අපි අවධාරණය කරමු.
එම කාර්යයේ ඉක්මන් බව වැඩි වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුනරත්න නුදුරේදීම එම තනතුරෙන් ඉවත් කිරීමට ජනපතිවරයා සැළසුම් කර ඇතැයි යන ආරංචිය නිසාය.
පොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ෆාතිමා සාදියාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රකාරව ආරක්ෂාව සළසා දීමට වහාම ආණ්ඩුව කටයුතු කළ යුතු බවය.

Spread the love

Leave a Comment

You may also like