මැඩගස්කරයේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන එන ලද චින්තක හා සළිදු යන සැක කරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තාවේ.
මෙම ප්‍රශ්ණ කිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ බරපතල සැකයකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යනු ඡේ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් ගේ යාළු මාළු සගයෙකි.
හරියටම කියවනවා නම් ප්‍රසාද් රණසිංහ හා දේශබන්දු තෙන්නකෝන් අමුඩයයි පුකයි වාගේය.
දුරකථනයන් අපරාධ පරික්ෂණ………..
මේ වෙනවිට හරක් කටාගේ හා සලිදු ගේ දුරකථනයන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තත් ඔවුන් ගේ දුරකථන තුලින් දේශපාලකයන් හෝ කිසිදු පොලිස් නිලධාරියකු පිලිබදව තොරතුරු අනාවරනය නොවන බව අපට සහතිකය. ඒ දුරකථන වෝහාරික පරික්ෂාව සිදු කරන්නේ උප පොලිස් පරික්ෂක ජයසිංහ නැමති නිලධාරියෙකු විසිනි. ඔහු ප්‍රසාද් රණසිංහගේ ගෝලයෙකි. දේශ බන්දුට ප්‍රසාද් රණසිංහට උවමනා දත්ත ඊට ඇතුල් කිරීමේ අවධානමක් ද මෙයින් පැන නැගී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ……..
මෙයින් යම් හෙයකින් එවනි දුරකථනයේ ඇති යමක් මකා දැමීම හෝ වෙනසක් කිරීම සිදු කල හොත් අනාගතේ යම් දවසක එම නිලධාරින්ද සිරගතවනු ඇත. ඒ මෙම දුරකථන වල ඇති දත්ත සියල්ලම මැඩගස්කර පොලිසිය මගින්ද ලබාගෙන ඇති බවට අපට වාර්තාවේ
චින්තක (හරක් කටා )හා සළිඳු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිිින් විසින් ප්‍රශ්ණ කරන ස්ථානයේ පුටුවක හිඳ නියෝජ්‍ය පොලිස්පති සිටින බව අපට අනාවරණය වී තිබේ.ප්‍රසාද් රණසිංහ හා දේශබන්දු අතර ඇති සහ සම්බන්ධය සළිඳු ඉතා හොඳින් දනී.මේ නිසා මෙම සැකකරුවන් සත්‍යය අනාවරනය නොකරන බව අපට සීයට දෙසීයක් විශ්වාසය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට අවශ්‍යවී ඇත්තේද මෙම සැකකරුවන්ගෙන් සත්‍යය අනාවරණය වීම වැලැක්වීමය.
චින්තක හා සළිඳු පොලීසිය සමග පැවැති සියලු සම්බන්ධකම් අනාවරණය කර ගැනීමට නම් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මැදිහත් වීමෙන් මෙම සැකකරුවන් ප්‍රශ්ණ කළ යුතුය.
එසේ නැතිනම් සියල්ල ගඟට කැපූ ඉනි වෙන බව අප ගේ අදහසයි.මේ වන විට සළිඳු හා සම්බන්ධ කම් පැවැත්වූ දේශබන්දු ඇතුළු පොලිස් කණ්ඩායම ඉන්නේ බඩේ ගින්දර පත්තු වෙලාය.ඒ නිසා චින්තක (හරක් කටා) හා සළිඳු ගේ ප්‍රශ්ණ කිරීම් ගැන ඔවුන් දැඩි අවධානයකින් කටයුතු කරන බව නිසැකය. ඒ නිසා සළිඳු හා චින්තකගේ ජීවිත පිළිබඳව අපට ඇත්තේ බරපතල සැකයකි.