උණුසුම් පුවත්

රට නොසන්සුන් නොකර නිසි කලට ඡන්දය තියන්න මහ නා හිමිවරුන් ජනපති ගෙන් ඉල්ලයි

Spread the love

පලාත් සභා මැතිවරණය නිසි කාලයට පවත්වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හාසාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම බවත් පලාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම බවත් මල්වතු අස්ගිරි මහා නායක හිමි වරුන් ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත දන්වා යවා ඇත.

උද්ගතව පවතින ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව වෙත නොපරවා රාජ්‍ය මුල්‍ය  නිසි කළමණාකරණය ,දූෂණය පිටු දැකීම,රාජ්‍ය සම්පත් අවභාවිතා වීම වැලැක්වීම,මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම  වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාව අවම කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද එම නිවේදනයෙන් මහ නායක හිමිවරුන් ජනපතිවරයාට දැනුම් දී තිබේ.
මල්වතු අස්ගිරි නායක ස්වාමින් වහන්සේලා එම නිවේදනය මගින් තවදුරටත් දන්වා ඇත්තේ ජීවන වියදම ඉහළයාමෙන් සිදුවන සමාජ පරිහානිිය හා අරාජිකත්වය පිළිබඳ සූත්‍ර සාහිත්‍යගත කූට දත්ත ,චක්කවත්තී
සීහනාද සූත්‍ර වලින් නිරූපනය වෙන බවය.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Spread the love

Leave a Comment

You may also like