උණුසුම් පුවත්

පොලිස්පති ලෙස දේශබන්දු පත් කරන ලෙසට බලපෑම් කළ ටිරාන් අලස්ට ජනපතිගෙන් හොඳ ටොක්කක්

Spread the love

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුව මෙරට පොලිස්පති තනතුරට පත්වීම සඳහා දත මිටි කන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් කණ්ඩායම තවමත් එකිනෙකා පරයා රහසිගතව විවිධ උපාය උපක්‍රමයන් වල නිරතව සිටී.ඇතමකු ප්‍රසිද්ධ නායක ස්වාමින්වහන්සේලා ලවා ජනපතිවරයාට බලපෑම් කරමින් සිටින අතර තවත් සමහරුන් දිවයින පුරා පිහිටා ඇති දේවාල වල පුද පූජා බාර හාර වෙමින් සිටී. 

පසුගියදා මොණරාගල පැවැති පොදු ජන පෙරමුණේ රැස්වී⁣ම අමතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ  විවිධ පාර්ශවයන් තම තමන්ගේ හිතවත් පොලිස්පතිවරයකු පත් කර ගැනීම සඳහා තමාට බලපෑම් කරන බවය.

මේ සම්බන්ධයෙන් හොඳම ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ ජනාධිපති කාර්යාලයෙනි.ඊළඟ පොලිස්පති වරයා වශයෙන් ඡේනිපො දේශබන්දු තෙන්න කෝන් පත් කර ගැනීමට නිර්දේශ කරන ලෙසට ඉල්ලා පොලිස් ඇමති ටිරාන් අලස් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
පොලිස් ඇමති ටිරාන් අලස් ජනපතිවරයාගෙන් එසේ ඉල්ලා ඇත්තේද අනියම් ආකාරයෙන්  තර්ජනාත්මකව බවද අනාවරනය වේ.එහෙත් ජනපතිවරයා පොලිස් ඇමති ගේ මේ තර්ජනාත්මක ඉල්ලීම පයිසයකට ගනන් ගෙන නැත.
ඉන්පසුව පොලිස් ඇමතිවරයා තමන්ට එසේ නම්  පොලිස් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සිඳුවන බව පවසා ඇත.එහිදී ජනපතිවරයා ‘ඔව් ,මම කොහොමත් හෙට අනිද්දා වන විට පොලිස් ඇමතිකම වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි”, කියා තිබේ.
මේ සිද්ධියෙන් පසු පොලිස් ඇමති ටිරාන් අලස් ජනපති කාර්යාලයෙන් පිටව ගොස් තිබෙන්නේ දැඩි කෝපයෙනි.
කෙසේ වෙතත් ජනපතිවරයාගේ පාර්ශවය මේ වන විට කුමන්ත්‍රණකාරීව සැළසුම් කරමින් සිටින්නේ පොදු ජන පාර්ශවයේ පාර්ලිමේන්තු බලය කප්පාදු කිරීමටය.ඒ කටයුත්ත සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දන මැදිහත්වී ඇති අතර ඔහු මේ වනවිටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනපතිවරයාට සහයෝගය දීමට කැමති කරවා ගෙන ඇතැයි වාර්තා
වේ.
එහිදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට පරිසර ඇමති කම ඉල්ලා ඇති අතර ජනපතිවරයා එම අමාත්‍ය ධුරය ඔහුට  ලබා දීමට එකගතාව ප්‍රකාශ කර තිබේ. 
එහෙත් ⁣පොදුජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශවය ජනපතිවරයා ගෙන යන මෙම යටිකූට්ටු සැළසුම ගැන සිටින්නේ දැඩි අවධානයකිනි.ජනපතිවරයා තම දේශපාලන බල අධිකාරයෙන් නිදහස්ව ජනපති ධුරයේ කටයුතු කිරීමට සැළසුම් කරමින් පවතින කුමන්ත්‍රණය පිළිබඳව රාජපක්ෂ පාර්ශවය දැඩි නොසතුටෙන් පසුවන අතර එයට දැඩි ප්‍රහාර එල්ල කිරීමටද ඔවුන් දැන් සූදානම්ය.
ඒ සඳහා අගමැති තනතුරට මහින්ද රාජපක්ෂ නැවත පත් කර ජනපති රනිල් රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.මේ වන විට රනිල් පාර්ශවය හා මහින්ද පාර්ශවය අතර බලය පිළිබඳව අභියෝගාත්මක ආරවුලක් නිර්මාණය වී තිබේ. 
ආණ්ඩුව ගැන අහින් කොනින් ඇසෙන ප්‍රවෘත්ති සියල්ල විමසන විට අපට කියන්නට තියෙන්නේ හොඳ හොඳ සෙල්ලම් බලන්නට හැකි වන්නේ එළිවෙන ජාමයට බවය.

Spread the love

Leave a Comment

You may also like