උණුසුම් පුවත්

නදුන් චින්තක හා සළිඳු මරා දමන්නට දේශබන්දු කල්ලිය සූදානමේ

Spread the love

මැඩගස්කර ආරක්ෂක අංශයේ අංශ යටතේ  පසු වු මෙරට අධිකරණය මගින් රතු වරෙන්තු  නිකුත් කර ඇති නඳුන් චින්තක වික්‍රමරත්න හා සළිඳු මල්ෂිත ගුණරත්න සැකකරුවන් මේ වෙන විට ලංකාවට රැගෙන එමින් සිටි.

අත් අඩංගුවේ පසුවන අනිකුත් සැකකරුවන් මෙරටට ගෙන ඒම පිළිබඳව පොලීසියේ අදහසක් නැති බව පෙනී යයි.ඒ බව තහවුරු වන්නේ මැඩගස්කරය බලා මෙරටින් ගිය පොලිස් කණ්ඩායම ගැන සළකා බලන විටය.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මෙරටට ගෙන ඒමට පොලිස් ඇමතිවරයාට  හා පොලීසියට ඉතා හදිසියක් ඇති වී තිබේ.සිදු වෙන්නට යන කුමන්ත්‍රණය අපට ඉතා පැහැදිලිය.නඳුන් චින්තක වික්‍රමරත්න හා සළිඳු මල්ෂිත ගුණරත්න යන දෙදෙනාම මෙතෙක් ⁣මෙරට අධිකරණයකින් දඬුවමි ලබා නැති සැකකරුවන් පමනක් බව  අප මෙ⁣හිදී සිහිපත් කළ යුතු කරුණකි.සළිඳු මල්ෂිත ගුනරත්න යන සැකකරු ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා තවත් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුගේම සමීපතමයෙකි.
මෙරට පාතාලය හා මත් ද්‍රව්‍ය ජාවාරම නාහෙන් අඬන සියළුම පුරවැසියන් සිහියේ තබා ගත යුතු වැදගත් කාරණයකි.ඒ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට යාවත්කාලීන කොට පවත්වාගෙන යන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ඡ්‍යෙෂ්‍යඨ පොලිස් නිළධාරීන් පිරිසකගේ හා විවිධ තරාතිරම් වල දූෂිත පොලිස් නිළධාරීන්ගේ සෘජු හා වක්‍ර  සහයෝගය නිසා බවය.
රාජකාරිමය වශයෙන් කිළිටි මේ පොළිස් නිළධාරීන්ගේ පෞද්ගලික ජීවිතයේ විශේෂිත කාරණා වලදී මුල්‍යධාර සපයන්නේ පාතාලයට සම්බන්ධ ජාවාරම් කරුවන්ය.මෙරට දූෂිත යැයි සැළකෙන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පදිංචිව සිටින නිවස දෙස අවධානය යොමු කළහොත් එය තහවුරු කර ගත හැකිය .එම නිවසේ අත්තිවාරමේ සිට වහලය දක්වා සපයා ඇත්තේ පාතාල ජාවාරම් කරුවන් බව වට පිටේ ජනතාවගෙන් ඔබට ඕනෑ තරම් තොරතුරු ලබා ගත හැකිය.රාජ්‍ය සේවකයෙකු වශයෙන් ලැබෙන වැටුපෙන් අති සුඛෝපභෝගී මාලිගාවක් ඉඳි කර ගැනීම සිහිනයකි.එහෙත් ඒ සිහිනය දූෂිත පොලිස් නිළධාරියකු විෂයෙහි අදාල නොවේ.
මේ දූෂිත පොලිස් නිළධාරීන් ලැජ්ජාවක් හිරිකිතයක් නැති මිනිසුන්ය.තමන් ගේ බිරිඳ ගේ යට ජංගිය හා තන පටය මිලයට ගන්නේ පාතාල ජාවාරම්කරුවන් ගෙන් ලැබෙන මුදල් හදල් වලිනි.දරුවන්ට කන්න බොන්න බේත් හේත් ගැනීමට පවා වියදම් කරන්නේ ඒ මුදල්මය.මෙම පාදඩ පොලිස් කාරයන් කිසිදිනක ආර්ථික අහේනියක් නොදැනෙන අයවළුන්ය.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය පිළිබඳව වූ සාක්ෂි විභාගයේදී ලබා දුන් සාක්ෂිවලින් දූෂිත ගනයට නොවැටෙන පොලිස් නිළධාරියෙකු ගේ ජීවිතය හා ආර්ථිකය ගැන මනාව වටහා ගන්නට හැකිය.
රංඟජීව නම් තක්කඩි පොලිස් කාරයා…….
අප ඔබට තවත් හොඳ උදාහරණයක් කියමු.⁣ඒ මෙරට හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මාරයා ලෙස සැළකෙන රංඟජීව නම් තක්කඩි පොලිස් කාරයා ගැනය.මත් ද්‍රව්‍ය වැටලීම් ගැන ඔහු තරම් මෙරට ප්‍රසිද්ධියට පත් වූ වෙනත් පොලිස් නිළධාරියෙක් නැති තරම්ය.ඒ තරමට ඔහු ගැන මාධ්‍ය වල ලියවුන කවි කතා ස්ත්‍රෝත්‍ර බහුලය.
මේකා හෙරොයින් ජාවාරම් කරුවන් අතර ප්‍රසිද්ධ සිත් පිත් නැති ඩීල් කාරයකු විදියටය.මාකඳුරේ මදූෂ් හා මොහු අතර ආරවුලක් ඇති වන්නේ තවත් මෙරට හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ නිවසේ පැවැති සාදයකදීය.⁣මොහු මාකඳුරේ මදූෂ් අත් අඩංගුවට ගත් විට මරා දමන්නේ ඒ සිද්ධිය නිසා ඇති වූ වෛරය නිසාය.රංගජීව  පිළියන්දලදී වෙඩි කන්නේද හෙරොයින් ජාවාරම් කරුවන් විසින් සංතෝෂම් මුදල් ලබාදීම සඳහා යැයි පවසා සැළසුම් සහගතව ලඟට ගෙන්වා ගැනීමෙනි.මුදල් පෙරේත කමට ගිය රංගජීවට ලැබෙන්නේ මූනිස්සම්ය.
නිකම්ම නිකම් පොලිස් පරීක්ෂක වරයකු වූ රංගජීවට කඩුවෙල නිවාස කිහිපයක් බස් රථ ඇත්තේ හා කෝටි ගනනක දේපොල හිමි කර දී ඇත්තේ දෙවියන් වහන්සේ ඔහුට වරමක් දී ඇති නිසා නොවන බව අපට විශ්වාසය.රංගජීව වැලිකඩ මිනිස් ඝාතනයට සම්බන්ධ වන්නේද බන්ධනාගාරගතව සිටි වනාතමුල්ල මැගසින් පාරේ ජාවාරම්කරුවකු හා පැවැති පෞද්ගලික ආරවුලකට පලිගැනීමේ අපේක්ෂාවෙනි.
මෙම දූෂිත පොලිස් නිළධාරීන් හා සම්බන්ධ පාතාල ජාවාරම්කරුවකු පොලිස් අත් අඩංගුවට ගත් විට ඔවුන් සමග පවතින ගනුදෙනුව ඒක පාර්ශිකව අවසන් කිරීමට මෙම දූෂිතයන් වග බලා ගනී.ඔවුන්ට එහිදී අවශ්‍ය වන්නේ තමන් යැපුන පාතාල ජාවාරම්කරු ඉතා ඉක්මනින් වල පල්ලට යැවීමටය.අත් අඩංගුවේදී වෙඩි කා මිය යන්නේ එසේ දූෂිත පොලිස් නිළධාරීන් හා එක පතේ කෑ ජාවාරම් කරුවන්ය.
2020  වසරේ 2021වසර දක්වා පොලීසිය විසින් මරා දමන ලද අත් අඩංගුවට ගෙන මරා දමන ලද සැකකරුවන් මෙසේය………
2020/10/20 දින මාලිගාවත්ත ඇපල්වත්ත සංකීරණය අසල මත් ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මාකඳුරේ මදූෂ් මරණයට පත් විය.මෙම ඝාතනය සිදු කරන ලද්දේ රංගජීව විසින් බව ඔහුගේ මුහුණු පොතෙහි එදින තබන ලද සටහනකින් තහවුරු විය.එහි විශේෂය වන්නේ රංගජීව  ඒ වන විට පොලීසියේ වැඩ තහනමකට ලක් වී සිටීමය.
28/12/2020 වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සදහා රැගෙන ගිය අවස්ථාවේ නිශාන්ත කුමාරසිරි නැමති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් විය
2021/05/11 පාතාල කල්ලි නායක ඌරු ජුවා නවගමුව වඳුරන් මුල්ලේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේය
2021/06/13 පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගම දිවුලපිටිය පාරේදී පොලිස් වෙඩි පහරින් මරු මුවට පත්විය .තාරක මරා දැමීම සිදුවූයේ දැනට ඩුබායි වල වෙසෙන කොස්ගොඩ සුජීව නම් සංවිධානාත්මක අපරාද කරුගේ කොන්ත්‍රාතුවකට පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්ත ගේ අවශ්‍යතාවටය.
කෝසල විජේවික්‍රම……
මෙම ඝාතනය සම්බන්ධීකරණය කරන ලද්දේ අම්බලන්ගොඩ සිංගර් කළමණාකරු වූ කෝසල විජේවික්‍රමය.පාතාල සැකකරුවකු වූ දැනට බන්ධනාගාර ගතව සිටින ලැසී නම් අපරාධකරු හා ඩුබායි වෙසෙන සූජීව නම් අපරාධකරු මෙරට ව්‍යාපාරිකයන් ගෙන් ගන්නා කප්පම් ඊසි කෑෂ් ක්‍රමයෙන් ලබා ගනිමින් සිටින්නේ මෙම සිංගර් කෝසලය.⁣ඔහු මේ වන විට අම්බලන්ගොඩ නගර සභාවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් ලෙස ⁣පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටී.
2021/07/18 සීදුවේදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වෙඩි තැබීමකදී අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවකු  මිය ගියේය.
2021/09/24 දින පාතාල ක්‍රියාකාරිකයකු වූ රත්මලානේ රොහා කොච්චික⁣ඩෙි කම්මල්තොට ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් මරා දමන ලදී
2021/11/26 දින සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලුණුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමග ඇතිවූ බව කියවෙන වෙඩි හුවමාරුවකින් කළුතරදී මිය ගියේය.
මේ ටින්කරිං ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංඟමය ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශයේ සඳහන් වූයේ ලසන්ත ඝාතනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තම සංඟමයට තොරතුරු ලැබුණ බවත්  ඒ බව වහාම තම සංගමය මගින් පොලිස්පති වරයා දැනුවත් කරන ලද බවය.මෙම ඝාතන සිදුවන්නේ මෙවැනි මැදිහත් වීම් පවා තිබියදී  බව දැඩි අවධානයට ලක් කළ යුතු කාරණයක් බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.ටින් කරිං ලසන්ත ඝාතනයට පෙර ලංකා දවස පවා මෙම ඝාතනය වැලැක්වීම බලධරයන් ගණනාවක් දැනුවත් කළ බව සිහිපත් කළ යුතුය.
ඝාතනය කුමන්ත්‍රණය…..
මැඩගස්කරයේ අත් අඩංගුවට පත්ව ඇති නඳුන් චින්තක වික්‍රමරත්න හා සළිඳු මල්ෂිත ගුනරත්න යන සැකකරුවන් දෙදෙනා මෙරටට ගෙන ඒමෙන් පසුව ඝාතනය කිරීමට මේ වන විටත් කුමන්ත්‍රණයක් ඇති බව අපට හෙළි වී තිබේ.එම කුමන්ත්‍රණයේ ප්‍රධානීන් වන්⁣නේ පොලිස් ඇමති ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ය.
මෙම සැකකරුවන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ ඔවුන් හා සම්බන්ධ දූෂිත දේශපාලඥයන් ඇතුළු පොලිස් නිළධාරීන්  පිළිබඳව අනාවරණය වීමට ඉඩ ඇති නිසා බව අපට විශ්වාසය.
අප හෙළි කරගත් තොරතුරු අනුව දේශබන්දු තෙන්නකෝන් අතර මෑතකදී විරසකයක් ඇති වී තිබේ.ඒ මැඩගස්කරයේ නදුන් චින්තක සතුව පවතින මැණික් පතලයක හිමිකම තමන්ට ලබා දෙන ලෙස දේශබන්දු විසින් කළ ඉලිලීමක් නොතකා හරින ලද නිසාය.මේ වන විට නඳුන් චින්තක කෝටි 1000ක අධික ආයෝජනයක් මැඩගස්කර මැණික් කර්මාන්තය තුළ යොදවා ඇතැයි වාර්තා වේ.
නඳුන් චින්තක ගේ ව්‍යාපාර කටයුතු සදහා  ආරක්ෂාව පවා සපයා ඇත්තේ එරට රජය බවද අනාවරණය වේ.අපට දැන් සැකයක් මතු වී ඇත්තේ නඳුන් චින්තක මැඩගස්කර ආරක්ෂක අංශ වලට අත් අඩංගුවට පත් කිරීමට දේශබන්දු තෙන්නකෝන් ඩුබායි හි සිටින තවත් ජාවාරම්කාරයකු යොදවා ගෙන ඇති බවය.
යුද හමුදා බුද්ධි අංශයට……
මෙම සැකකරුවන් මෙරටට ගෙන ඒමෙන් පසුව යුද හමුදා බුද්ධි අංශයට ප්‍රශ්ණ කිරීමට බාර දෙන ලෙස අප ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොළුව ගෙන් ඉල්ලීමට කැමතිය.එසේ නැතුව මේ සැකකරුවන් පොලීසි⁣ය භාරයේ රැඳවුව හොත් ඔවුන්ගේ ජීවිත හානියකට ලක් වීමේ අවදානමක පවතී.
එලෙස මේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් පසුව ඔවු⁣න්ගේ දේපොල ⁣පොලිස් දූෂිතයන් විසින් පැහැර ගන්නා බව නිසැකය.මෙතෙක් කල් සංවිධානාත්මක අපරාධකරුවන් පොලීසිය විසින් මරා දමන ලද්දේ එවැනි පැහැර ගැනීම් සඳහාය.යුද හමුදා බුද්ධි අංශය මෙම සැකකරුවන් ගෙන් ප්‍රශ්ණ කිරීමකින් පසුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ අග මුල් කොතනද යන්න නිශ්චිතව සොයා ගත හැකිය.
මෙරට පාතාලය හා හොරොයින් ජාවාරමට අවසන් තිත තැබීමට අවශ්‍ය වන්නේ නම් ක්‍රියා කළ යුතු වන්නේ ⁣මේ විදියටය.
එසේ නොමැතිව දූෂිත පොලිස් කාරයන්ට දාම් ඇදීමට දීමෙන් නොවේ.

Spread the love

Leave a Comment

You may also like