මිල්ටෙරි නන්දසේන මෙරට ජනපති තනතුරයෙන් එලවා දැමීම සඳහා පසුගිය වර්ෂයේ සිදුවුන ජනතා නැගිටීමෙන් පසුව පොදු ජන පෙරමුණට
සම්බන්ධ පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් සිටියේ බංකර්වල සැඟවෙලාය.විශේෂයෙන් රාජපක්ෂ පවුල ජීවත්වූයේ කිසිත කර කියා ගත නොහැකිවය.ජනතාවගේ විරෝධතාව වැඩි වශයෙන් එල්ල වූයේ රාජපක්ෂවරුන්ට එරෙහිවය.රාජපක්ෂවරු යනු අම්බ තක්කඩියන්ය. ඔවුන් බිඳ වැටෙමින් තිබුණ පවුල් දේශපාලන බලය කළමණාකරනය කර ගැනීමට ආතක් පාතක් නැති රනිල් වික්‍රමසිංහ පත් කර ගන්නා ලදී.රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසු රනිල් රාජපක්ෂ බවට රෑපාන්තරණය විය.තම හිස මතට ඉබේ කඩා වැටුන පිනා චාන්ස් එක මෙරට ව්‍යවස්ථාව නොතකා රඳවා ගන්නට රනිල් රාජපක්ෂ මේ වන විට දහම් ගැට ගසමින් සිටී.දැන් ජනතාවට ප්‍රශ්ණය විසඳාගැනීමට තියෙන්නේ රනිල් රාජපක්ෂ සමගය.රාජපක්ෂ තක්කඩියන්ට එරෙහිව නැගී තිබුණ විරෝධතා රැල්ල රනිල් වික්‍රමසිංහට එරෙහිව නැගෙමින් පවතී.රාජපක්ෂ පවුල තම සාටක පවා ගලවා දමා නැවත බංකරයෙන් එළියට පැමිණෙමින් තිබේ.රාජපක්ෂ හෙංචයියන්ද පරණ පුරුදු වහසි බස් දොඩමින් දේශපාලන කරළියට පැමිණ ඇත්තේ සිදුවූ දේශපාලනික විරෝධතාවන් තඹ දොයිතුවකට මායිම් නොකරන ආකාරයටය.ඒ පිළිබඳව හොඳ නිදර්ශනයක් පසුගියදා දකින්නට ලැබුණි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරගයක් පැවැත්වූ ආකාරය ජනමාධ්‍ය මගින් ප්‍රදර්ශනය කෙරිණි.දැන් පොදුජන පෙරමුණ මානසික මෙහෙයුමක් අරඹා ඇති බව ඉන් පැහැදිලි වේ.පොදුජන පෙරමුණ වලි කන්නේ නිහඬව ගුලි වී සිටින සිය පාක්ෂිකත්වය නැවත එළියට ගැනීමටය.දැන් මෙරට සමාජයේ වැඩි පිරිසක් සිටින්නේ එදා වේල සොයා ගන්නට නොහැකිව බරපතල අසරණ කමට වැටිලාය.එහෙත් නාමල් රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණේ මැති ඇමති කට්ටලය තවමත් සිටින්නේ ජොලියේය.උන්ට ඉහින් බහින ප්‍රශ්ණයක් නැත.මේ තක්කඩියන්ට ඇති එකම ප්‍රශ්ණය ආනයනය කරන බටර් මිදි දොඩම් හිඟ වීම පිළිබඳ ප්‍රශ්ණයක් විතරමය.මොන තුරුම්බුවක් ගසා හෝ තම දේශපාලන බලය ආරක්ෂාකරගන්නට රාජපක්ෂ පවුල සූදානමිනි.මේ කාලකන්නියන්ට මේ රටේ දුක්විඳින අසරණ ජනතාව ගැන අනුකම්පාවක් නැත.මේ රටේ දුප්පත් මිනිසුන් කෙතරම් අසරණ වී තිබේද යන්න ගැන දුක හිතෙන කතාවක් ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉන්දුමතී ජයසේන ලියා තිබුණාය.එය හදවත කම්පා කරවන සත්‍ය සිදුවීමකි.ඉන්දුමතී ජයසේන ජීවත්වන්නේ පොළොන්නරුවේය.ඇය මේ කතාව ලියා තිබුනේ ඇගේ මුහුණු පොතේ පිටුවේය.නාමල් රාජපක්ෂලා සොමියේ ක්‍රිකට් ගහන දිනයේ ඉන්දුමතී ගේ කතාව හා සම්බන්ධ වයසක අම්මා පොළොන්නරුවේ බැංකුවකට ගොඩ වැදී තිබුණේ රන් භාණ්ඩයක් උකස් කරන්ටය.අපි එම කතාව කියවමු“අද මම මගේ සැමියා වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුප ගන්න එක්තරා මුල්‍ය ආයතනයකට ගියා.අද සිකුරාදා නිසාද වෙන හේතුවක්ද මා දන්නේ නෑ ඉතාම අඩු නිළධාරී කණ්ඩායමක් හිටියෙ.ගනුදෙණු කරුවොත් හිටියෙ දෙන්නෙක් විතර.හැමදාම මලක් වගේ හිනාවෙලා හිටිය බැංකු නිළධාරි මහත්මියගෙ හිනාව වෙනුවට ඉතාම කළකිරුණු සහ ශෝකාකූල මුහුණ දුටුවම මම ඇත්තටම අහන්නෙ නැතුව හැරිල එන්න හිතුනෙ නැහැ.උකස් අංශයේ නිළධාරිණියක වූ ඇය ඇයගේ දොමිනස් මුහුණට හේතුව කිව්ව.විශ්වාස කරන්න මම එතැනම පුටුවෙ ඉඳ ගත්තෙ අනිත් අයට මගෙ මුහුණ පෙනෙයි කියල බයටම.මට දරා ගන්න බැරිවුනා ඒ කතාව අහල නොනවත්වා ආව කඳුළ වේලගන්න මට විදියක් තිබ්බෙ නැහැ.අද උදේ අම්ම කෙනෙක් අදාල මුල්‍ය ආයතනයට ඇවිත් තිබුණෙ රන් භාණ්ඩයක් උකස් කරන්න.දරුවෙකුගේ අත්‍යවශ්‍ය කාරණයකට තමයි ඒ අමිමට මුදල් ඕන වෙලා තියෙන්නෙ.ඒත් ඒ අම්ම ළඟ තිබුණෙ කණේ තිබුණ කරාඹු ෙ කූට්ටම විතරයි.අවාසනාවට දැන් බොහෝ මුල්‍ය ආයතන කරාඹු උකස් ගැනීම නවතා තිබෙනව.හේතුව කරාඹු බෝලය නිසා කියල තමයි අර නෝනා මහත්මිය කිව්වෙ.අනිත් කාරණය රන් භාණ්ඩ කිරණ කුඩා තරාදිය හුස්ම ගන්නෙ ග්‍රෑම් 1.5 ට වැඩි රන් භාණ්ඩ විෂයෙහි පමණයි.දැන් මේ කරාඹු ජෝඩුවෙ බරත් තරාදිය හුස්ම ගැන්වීමට ප්‍රමානවත් නෑ. ඒ හේතුව සහ කරාඹු බෝල ප්‍රශ්ණය නිසා මුල්‍ය ආයතනයේ නීති රීති වලට පටහැනිව ඒ අම්මාගේ කරාඹු ජෝඩුවෙ බරත් තරාදිය හුස්ම ගැන්වීමට ප්‍රමාණවත් නෑ.ඒ හේතුව සහ කරාඹු බෝල ප්‍රශ්ණය නිසා මුල්‍ය ආයතනයේ නීති රීති වලට පටහැනිව ඒ අම්මාගේ කරාඹු කූට්ටම රන් ණයක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුනා.අනේ ඒ නීති රීති නොදන්න අම්මා මෙහෙම අහල තිබුණාඅනේ නෝනා මේකට කීයක්වත් ගන්න බැරිදඒ අම්මාට වයස අවුරුදු හැට පහක් හැත්තෑවක් විතර ඇති.ඒත් ඊට වඩා වයස පෙනෙනව.මේ වෙන කොට ඔය කියන අම්මා ජීවිතයේ මොන තරම් හෙයියම්මාරු වලට මුහුණ දීල ඇත්ද.තාත්තලාට සමහර ප්‍රශ්ණ දරන්න බැහැ.ඒත් අම්මලා මහ පොළොව වගේ දුක ,වේදනාව ,අගහිඟකම්,බඩගින්න, නින්දාව, ශාරිරික වේදනා දරා ගන්ක දක්ෂයි.සමහර අම්මල හිනා කටක් පුරෝගෙන තමන්ගෙ දරුවන්ගෙ ලොකු කම් කියවන්නෙ හරි ආඩම්බරෙන්.ඒත් ඒ කියන දරුවො කීයෙන් කී දෙනාද අම්මා තාත්තා වෙක කෘතගුණ වේදීව සළකන්නෙ. කොටින්ම මහලු මවුපියන් දොඩමළු වෙද්දි ඒකට ඉවසිලිවන්තව සවන් දෙන දරුවන් ඉතාම අතලොස්සයි රටේ ඉන්නෙ.දැන් අර අම්මගෙ රේඛා වැලක් පේන මූණෙ ඇඳිල පේනවා අනේ දෙයියනේ දැන් මම මොකද කරන්නෙ කියන ප්‍රශ්ණාර්ථය.කවුද දන්නෙ ඒ අම්මා ඒ මුදල හෙව්වෙ කුමකටද කියල.තරමක් අව පැහැ ගැන්වුන වොයිල් සාරි පොටෙන් මූණෙ දාදිය පිස දම දමා මුල්‍ය ආයතනයෙන් එළියට බැස්ස අම්මා ප්‍රධාන පාරට ගියා.මුල්‍ය ආයතනයෙ ඉදිරිපස බිත්තිය වෙනුවට තියෙන්නෙ වීදුරුවක්.මේ වීදුරුවෙන් ආයතනය වැඩ කරන හැමෝටම ඒ අම්මා පෙනෙනව.ප්‍රධාන පාරෙ අනිත් පැත්තට ගමන් කරන්න අඩි දෙකක් ගිය ඒ අම්මා බිම ඇද වැටෙනව.ඒ වැටෙන්නෙ පය පැකිලල නොවෙයි.ඇය ජීවිතයෙන් සමු අරගෙනයි බිම වැටිල තියෙන්නෙ.ඒ කියන්නෙ හදිසි හෘදයාබාධයක් වැළඳිලා.මගේ හිතවත් මුල්‍ය ආයතනයෙ නෝනා මගෙන් මෙහෙම ඇහැව්වා.“..මිස් මම අද ගෙදර ගිහින් නිදාගන්නෙ කෝමද.මම මැරෙනකම්ම ඒ අම්ම ගෙ කඳුළු පිරුණු ඇස් දෙක පෙනේවි.සත්තයි…”ඉන්දුමතී ගෙ සටහන එතැනින් ඉවරයිඅපේ අම්මල තාත්තල මහ පාරෙ මැරිල වැටෙයි.අපි කඳුළු පෙරාගෙන අඬයි. අපේ ඒ කඳුළු උඩ නාමල් රාජපක්ෂල ක්‍රිකටි ගහනවා.හුරේ දානවා.විසිල් ගහනවා.හිනාවෙනවා……උන් හැමදාම මැච් ගහවි.රනිල් වික්‍රමසිංහ මේ බල්ලන්ට පිට්ටනිය හදල දෙයි.එච්චරයි. අපට ලියන්න තියෙන්නෙ.
ලංකා දවස ලංකාවේ කියවීමට පහත දිගුවට

