මෙරට පාතාල හෙරොයින් ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් පසුව පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹෙන්නට උත්සාහ දැරුවේ නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාය.ඔහුගේ සෙවනැල්ල වූයේ පානදුරේ කුඩු සළිඳු නොහොත් සළිඳු මල්ෂිත ගුනරත්නය.හරක් කටා ගේ හොරායින් ජාවාරමේදී පොලීසිය සම්බන්ධීකරණය කෙරුවේ මේ කුඩු සළිඳුුය.
ඡෙනිපො දේශබන්දුු තෙන්නකෝන්…..
ඡෙනිපො දේශබන්දුු තෙන්නකෝන් ගේ සිට පොලිස් කොස්තාපල් දක්වා විවිධ තරාතිරමේ පොලිසියේ අයවළුන් කුඩු සළිඳු හා සම්බන්ධය.ඒ අතරේ පොලීසියේ සිවිල් කම්කරුවන්ද වේ.මේ සම්බන්ධතාවන් පිළිබඳව බුද්ධි අංශ වෙතින් ඕනෑ තරම් වාර්තා කර තිබේ.ඒ ගොනුව මේ වන විට තනි මිනිසෙකුට උස්සන්නට බැරි තරමේ වෙන්න පුළුවන.
2022 වසරේ අගෝස්තු 11 දා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබාය ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් හරක් කටා නිදහස් කර ගැනීමට මෙරට සිට සියළු දේ කෙරුවේ කුඩු සළිඳුය.හරක් කටා නිදහස් කර ගැනීමට ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඩුබයි ගියේද ඩුබයිහි ප්‍රසිද්ධ නීතිඥ සමාගමක නීති සහාය ලබා ගැනීමට මැදිහත් වූයේද මේ කුඩුසළිඳුය.
නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න……
ඒ අතරේ කුඩු සළිඳු විසින් හරක් කටා ලංකාවට ගෙන්වීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කෙරුන සැලසුම ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ආදීන් ගේ සහයෝගයෙන් ව්‍යර්ථ කෙරිණි.මෙහිදී කුඩු සළිදු ඒ ඒ පාර්ශවයන් වෙත වීසි කළ මුදල රුපියල් කෝටි සීයකට අධික බව බුද්ධි තොරතුරු වල දැක්වේ.
අද වන විට හරක් කටාද කුඩු සළිඳුද සිටින්නේ මැඩගස්කරයේ අත් අඩංගුවේය.මොවුන් දෙදෙනා ලංකාවට ගෙන ඒමට පොලිස් දෙපාර්තමේන්තුවේ නීති ගරුක පොලිස් නිළධාරීන් කණ්ඩායම් බරපතල ප්‍රයත්නයක නිරත වන විට දේශබන්දු තෙන්නකෝන් හා රොහාන් ප්‍රේමරත්න ආදීන් උත්සාහ කරමින් සිටින්නේ ඔවුන් මෙරටට ගෙන්වීම වැලැක්වීම සඳහාය.
පසුගිය දිනවල පොලිස් අමාත්‍ය ටිරාන් අලස්ගේ ඇමති කාර්යාලයට කාර්ය බහුල බවක් උදා වී තිබුණි.ඒ එහි පැවැති සෑම සාකච්ඡාවකම හරක් කටා හා කුඩු සළිඳු මාතෘකාව වී පැවති නිසාය.මේ ජාවාරම්කරුවන් මෙරටදී කට ඇරියොත් බොහෝ දෙනෙකුගේ රෙදි ගැලවී නිරුවත් වන බව මේ සියල්ලන් දනී.
පොලිස් ඇමති ටිරාන් අලස්…..
පොලිස් ඇමති සිටින්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියමනට පැටලවීය.ඔහු මේ සැකකරුවන් ගෙන ඒමට බරපතල උත්සාහයක නිරත වන බවක් අඟවයි.එහෙත් ඔහුගේ හිත යට ඇත්තේ වෙනත් අදහසකි.
හරක් කටා ඇතුළු සැකකරුවන් පස්දෙනකු මැඩගස්කර ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටී.ඒ හරක් කටා ගේ බිරිය හා බිරියගේ පියා හැරුණු විටය.බාරිය මැලයාසි කාන්තාවකි.
මෙරට හමුදා බුද්ධි අංශ මේ සිද්ධිය පිළිබඳව සොයා බැලූ විට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් මැඩගස්කරයට ගොස් ඇත්තේ පුද්ගලික ජෙට් යානයකිනි.
මෙම ජෙට් යානය හරක් කටා ඇතුළු කණ්ඩායමට සපයා දී ඇත්තේ දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික මහා පරිමාණයේ උන්ඩියල් ජාවාරම්කරුවෙකි. කෙසේ වෙතත් හරක් කටා හා අනෙකුත් සැක කරුවන් ගැන මැඩගස්කර ආරක්ෂක අංශ වලට ඔත්තුව දෙන්නේද මෙරටින් පලා ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරු 2014 වර්ෂයේදී පකිස්තානයේ සිට අත් අඩංගුවට පත්ව මෙරටට ගෙන විත් මහාධිකරණය මගින් දඬුවම් ලැබ අවුරුදුු හතරක පමණ කාලයක් වැලිකඩ බන්ධනාගාර ගතව සිට අභියාචනාධිකරණයෙන් නිදහස් වූ අයෙකි.නිදහස් වීමෙන් පසුව මොහු ඩුබායි රාජ්‍යයට පැන ගොස් තිබේ.මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සිටින කොස්ගොඩ සුජීව ගේ සමීපතමයෙකි.
කොස්ගොඩ සුජීව……
කොස්ගොඩ සුජීව යනු පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේවා හා පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරි මහින්ද ගේ සමීපතමයාය.
මැඩලස්කරයේ ආරක්ෂක අංශ වලට ඔත්තුව දුන් ඩුබායි ජාවාරම්කරුවන් සැලසුම් කෙරුවේ හරක් කටා පමනක් අත් අඩංගුවට පත් කරවීමය.කුඩු සළිඳුු අත් අඩංගුවට පත් වනු ඇතැයි ඔවුන් කිසි සේත්ම බලාපොරොත්ත් නොවූ දෙයකි.
කුඩු සළිඳුු හා හරක් කටා මෙරටට ගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා යාමට නියමිතය.මේ යන කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනෙක් ඇතුළත් වන බව කියවේ.
ජාතික බුද්ධි අංශ ප්‍රධානී…….
විදේශයකදී අත් අඩංගුවට ගන්නා සැකකරුවකු ඔහුගේ රටට ගුවන් මගින් ගෙන එන විට ආරක්ෂක නිළධාරීන් හය දෙනෙකු සිටිය යුතු බවට ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ නීති සම්මතයක් පවතී. එහෙත් මෙි වන විට මැඩගස්කරය බලා මෙරටින් යන්නේ පොලීසියේ හතර දෙනෙකු පමණි.මෙම කණ්ඩායමට ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සලේ විසින් බුද්ධි අංශ නිළධාරියකු යෙදවීමට උත්සාහ කෙරුවද පොලිස් ඇමති ටිරාන් අලස් එය වලක්වා ඇතැයි වාර්තා වේ.
ගුවන් ගමන් ජාත්‍යන්තර නීති සම්මතයන් උල්ලංඝනය…..
ඇතැම් විට ගුවන් ගමන් ජාත්‍යන්තර නීති සම්මතයන් උල්ලංඝනය කිරීම හේතුවෙන් හරක් කටා ඇතුළු සැකකරුවන් මෙරටට ගෙන්වීම මගහැරෙනු ඇති බවට අපට සැකයක් පවතී.
සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා…….
මෙම පාතාල සැකකරුවන් මෙරටට ගෙන ආවද ඔවුන් බාර දීමට නියමිතව ඇත්තේ කොළඹ උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ පවතින කොළඹ අපරාද කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාටය.මේ දෙදෙනාම රාජකාරි කරන්නේ ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේය.
පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අල්ලස් හා දූෂණ විමර්ශණ…..
මෙම නියෝජ්‍ය පොලිස්පති එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ
BC 1755/22/B27 හා BC1756/22/B 27 යන ගොනු වලට අනුව වංචා දූෂණ පිළිබඳ විමර්ශනයක් සිඳු කෙරේ.ඉන් එක් චෝදනාවක් වන්නේ අධිකරණය භාරයේ පැවැති ලක්ෂ හැත්තෑපහක් වංචා කිරීම හා කුඩු සළිඳු ගෙන් නිෂාන් බ්ලූ බර්ඩ් වර්ගයේ රථයක් ලබා ගැනීම සම්බන්ධවය.දේශබන්දු තෙන්නකෝන් යනු කුඩු සළිඳුගේ අතිජාත මිත්‍රයාය.
කුඩු සළිදු ගේ හරක් කටා නිහඩ කරවීම………
මෙරට ගෙන එන හරක් කටා ඇතුළු ජාවාරම්කරුවන් පිරිස සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීමට ඉහත කණ්ඩායමට බාර දුන හොත් ඉන්පසු සිදුවන දේ ගැන මොළය තියෙන ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පූළුවන.දැන් මෙම පොලිස් කණ්ඩායම සිටින්නේ බරපතල තිගැස්මෙනි.ඔවුන්ට අවශ්‍යතාව කුඩු සළිදු ගේ හරක් කටා නිහඩ කරවීමය.ඒ සඳහා මේ වන විටත් මදූෂ් ගේ අවසානය සටහන් කළ ආකාරයට තිරපිටපතක් සකස් කර ඇති බව ඉන්තේරුවෙන්ම සදහන් කළ හැකිය.
එහෙත් මෙම පොලිස් ජාවරම් කරුවන් පිරිස සිය ආරක්ෂාව සඳහා කුඩු සළිදු හා හරක් කටා ඝාතනය කළ හොත් එය මදූෂ් ගේ ඝාතනයට එහා ගිය සිදුවීමක් වනු ඇති බව අපි දැන් තියාම ලියා තබමු.කුඩු සළිඳු විසින් මේ වන විටත් මෙරට පොලීසිය හා දේශපාලඥයන් සමග කළ මුදල් ගනුදෙනු පිළිබඳව ඒටු ඉසෙඩ් සඳහන් කර පටි ගත කරන ලද හඬ පටයක් තමන්ගේ හිතවතුන් අතට පත් කර ඇති බැවිනි.
ඒ නිසා අපට පොලීසිය බාර ඇමතිවරයාට හා ජාවාරම්කාර හෙංචයියන්ට කියන්නට ඇත්තේ මේ වතාවේ හොරා පොලිස් සෙල්ලම ඉවර කරන්නට වෙන්නේ කාගෙ කාගේත් රෙදි නැතුව බවය.