පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාව මැඩලීමට පැමිණි ලී පොලු ඛණ්ඩයට අණ දුන්නේ මේජර් ජනරාල් මාන්නගේ බව අප මීට පෙර අනාවරණය කෙරුවෙමු.එම ඛන්ඩය විජයබා හා ගජබා පාබල රෙජිමෙන්තුවලට අයත් සෙබළුන් පිරිසක් බවද තහවුරු වී තිබේ.විනය පිරිහුණු හා හමුදාවෙන් පැන ගිය සෙබළුන් ගෙන් සමන්විත මෙම හමුදා ඛණ්ඩය නිර්මාණය කර ඇත්තේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී හමුදාපතිවරයා වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වේ.හමුදා සේවයෙන් පැන ගොස් නැවත හමුදා සේවයට එක්වූ ජල්තර මැර පාදඩ සෙබළුන් මේ ලී පොලු ඛණ්ඩයට සම්බන්ධ කර සිටී.මෙහි සේවයේ නිරත ඇතැම් සෙබළුන් හමුදාවෙන් පැන ගොස් සිටි කාල සීමාව නැවත හමුදා සේවයට එකතු කර ගැනීම සඳහා රාජකාරියේ නිරතවන මැදිවිය ඉක්මවා ගිය අයවළුන් වේ.එම ඛණ්ඩය පිහිටුවීමේ අරමුණ වී ඇත්තේද මෙවැනි විරෝධතාවන්ට සම්බන්ධවන අයවළුන්ට පහර දී එළවා දැමීම බව අපගේ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විට එම ඛන්ඩයේ සිටි සෙබළෙකු හඳුනා ගැනීමට හැකි වී තිබේ.ඔහු විජයබාහු පාබල රෙජිමෙන්තුවේ සෙබල අංක 519430 සැරයන් සුසන්ත එච්.එස්.කේ. නැමැත්තාය.මෙම සෙබළා පොළොන්නරුව ලක්ෂ උයන පදිංචි කරුවෙකු බව පැවසේ.අවුරුදු 12 ක සේවා කාලයෙන් පසුව හමුදාවෙන් ඉවත්වූ මොහු කටුනායක ඇඟළුම් කම්හලක ආරක්ෂක නිළධාරියා ලෙස සේවය කර නැවත හමුදා සේවයට එක් වී තිබේ.පෞද්ගලික ජීවිතයේ ලද නොයකුත් පීඩාවන් නිසා මොහු සමාජය සමග දැඩි වෛරයකින් පෙළෙන තැනැත්තෙක් බව වාර්තා වේ.ගාලු මුවදොර අරගල කරුවන්ට රාත්‍රී කාලයේදී සිදු කළ පහර දීමටද මෙම සෙබළා සම්බන්ධ වූ බවට අපට තොරතුරු ලැබී තිබේ.
මේජර් ජනරාල් මාන්නගේ ගේ ලී පොලු ඛණ්ඩයේ එක සෙබළෙකු හඳුනා ගැනේ



