රටක ආණ්ඩු බලය හිමි දේශපාලන නායකයා වටා සමීපතම කවයක් නිර්මාණය වීම සාමාන්‍ය දෙයකි.නායකයා බොහෝ විට තීන්දු තීරණ ගන්නේ මේ සමීපතම කවයේ සිටින අය හා සාකච්ඡා කොටය.රණසිංහ ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද රාජපක්ෂ ආදී මෙරට සිටි ජනපතිවරුන් සමීපයේද හිතේශිවන්තයන් ගෙන් නිර්මාණය වූ ‘අඹ යාළු කව” පැවතුණි.
අද රනිල් රාජපක්ෂ වටාද එවැනි පිරිසක් සිටී.ඔවුන් වැඩි දෙනෙකු මේ වන විට ජනපති කාර්යාලයේ ව්විධ තානාන්තර වලට පත් කර ඇති බවද දැක ගත හැකිය.ජනපති වටා ඇති මේ කවයේ සාමාජිකයන් අතරද නොහොඳ නෝක්කඩු නැත්තේ නොවේ.විශේෂයෙන් මෙවැනි කවයක් තුළ අර්බුදයක් මතු වන්නේ නායකයා එම කවයේ සාමාජිකයකු විෂයෙහි වැඩි සුහදතාවක් දැක්වීම නිසාය.
එසේත් නැතහොත් මෙම කවය තුළට පිටතින් පැමිණි යමකු නායකයාට සමීප වෙමින් ස්ථාන ගත වීමේදීය.එහිදී නායකයා ඇතුළත කවයට ආ නව සමීපතමයා සමග වැඩි හිතවත්කමකින් ගනුදෙනු කෙරේ නම් ඇතුළත කවය තුළ සිටි පැරැන්නන් අතර දැඩි කම්පනයක් හට ගනී.
අපට ආරංචි වී ඇති හැටියට ජනපති වරයාගේ ඇතුළත කවයේ සමීපතමයන් අතරද එවැනි අර්බුදයක් හට ගෙන තිබේ.පැණි වරකා ගහටත් හෙණ වදිනවා කියන්නේ ඕකටය.ජනපති රනිල් රාජපක්ෂ සමීපයට දැන් අළුත් උපදේශකයෙක් පැමිණ තිබේ.ඔහු රටට නම් අලුත් පුද්ගලයෙක් නම් නොවේ.ඒ දෙරණ වාහිනයේ දිලිත් ජයවීරය.
මිල්ටෙරි නන්දසේනගේ උපදේශකයා ලෙස කටයුතු කරමින් සිටි දිලිත් ජයවීර පසු ගිය දවස්වල හිටියේ නන්න පෝල් වෙලාය.මිල්ටෙරි නන්දසේන අමාරුවේ දැම්මේ මේ දිලිත් ජයවීර බවට රාජපක්ෂ පවුලේ චෝදනාව විය.එහෙත් දිලිත් ජයවීරට හදිසි ජිම්කානා එකක් ඇදුනේ වජිර අබේවර්ධන නිසාය.
ඒ පසුගිය දාක දිලිත් ජයවීර ජනපති සමීපයට කැන්දා ගෙන ඒමට වජිර අබේවර්ධන මැදිහත් වීම හේතුවෙනි.
නයා මැරුණු අහිගුන්ඨිකයකු විදියට සිටි දිලිත් ජයවීරට යලි නයෙකු මුණ ගැසී තිබේ.මේ වන විට රනිල් රාජපක්ෂ ජනපතිවරයාද දිලිත් ජයවීරගේ මැජික් සංදර්ශන කයිවාරුවට වශී වී ඇති බව අපට ආරංචිය.එහෙත් මේ ඇයි හොඳයි කම කෙළවර විය හැක්කේ මිල්ටෙරි නන්දසේන මුහුණ දුන් වින්නැහියකින් විය හැකි යැයි ජනපති රනිල් රාජපක්ෂගේ ඇතුළත අඹ යාළු කවයේ මෙතෙක් කල් ගනුදෙනු කරමින් සිටි සමීපතමයන් කල්පනා කරමින් සිටින බව අපට වැඩිදුරටත් ආරංචි වී තිබේ.
එය නොවිය හැක්කක්ද නොවේ.දැන් දිලිත් ජයවීරගේ ඔළුවේ තියෙන්නේ මෙරට පාලන බලය අල්ලා ගැනීමේ වැඩ සටහනක් ගැනය. රනිල් රාජපක්ෂට මේ හෝරාවේ සමීපව සිට සුදුසු නැකතකදී ඔහු නොකවුට් කර තමන්ගේ න්‍යාය පත්‍රය එළියට දැමීම පහසු බව දිලිත් ජයවීර සිතන බව පෙනේ.
දිලිත් ජයවීර හොඳ බිස්නස් කාරයෙකි.ඔහු ගේ ව්‍යාපාර නිර්මාණශීලිත්වය දේශපාලනයට කෙසේ සම්බන්ධ කර ගනීද යන්න අප නොදනී.එහෙත් අපට කිව හැක්කේ දේශපාලන නරියෙකු හා බිස්නස්කාර නරියකු යුග දිවියට පිවිස ඇති බව පමණය.
එය දිලිත් ජයවීරගේ වචන වලින්ම කියනවා නම් “නිර්මාණශීලී ළමයාට හමුවන්නේ නරකම ජොබ් එකය”