පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය ජාවරම්කරු වන දේශබන්දු තෙන්නකෝන් නොහොත් පාදඩ බන්දු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කරන ලෙසට ඉල්ලීමක් කිරීමක් සඳහා ජනපතිවරයා හමුවූ පොලිස් ඇමති ටිරාන් අලස්ට ලුණු ඇඹුල් ඇතිව කණ පුරා අහගන්නට ලැබුණ බව අපට ආරංචි වී තිබේ.
සිද්ධිය සැකෙවින් මෙසේය…..
පොලිස් ඇමති ටිරාන් අලස් ජනපතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇත්තේ පොලීසියේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බව ප්‍රකාශ කරමිනි.එහෙත් පොලිස් ඇමතිවරයාගේ සැඟවුන න්‍යාය පත්‍රයේ තැබී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් නොහොත් පාදඩ බන්දු පොලිස්පති කරවීම සඳහා ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමබව පැවසේ.
එහෙත් එහිදී ජනපතිවරයා තැම්බීමට පොලිස් ඇමති ටිරාන් අලස්ට ලුණු ගොරකා මදි විය.තක්කඩි රාජපක්ෂවරුන් හා ගනුදෙනු කරන ආකාරයට ජනපතිවරයාටද සිල්ලර බිලක් ලියා වැඩේ ගොඩ දාගත හැකි වනු ඇතැයි ටිරාන් අලස් හිතා ගෙන සිටින්නට ඇත. එහෙත් ජනාධිපති රනිල් රාජපක්ෂ කියන්නේ කපටි නරියෙකි.
කුකුළු කූඩුවට පැන කුකුළෙකු ඩැහැ ගෙන දුවන නරියා පසුපස එළවා යන බල්ලන් රැවටීමට නරියා තමන් ඩැහැ ගෙන යන කුකුළා අකුලක සඟවා පොල් ලෙල්ලක් අරගෙන දුවන බව ගැමියන් අතර පවතින ජනප්‍රවාදයකි.ජනපති රනිල් රාජපක්ෂ යනු එවැනි ඇවැතුම් පැවැතුම් ඇති නොම්මර එකේ කපටියෙකි.
ටිරාන් අලස් ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාව අවසානයේදී පාදඩ බන්දු පොලිස්පති වරයා ලෙස පත් කිරීමේ අදහස එළියට දමා තිබේ.
ජනපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ටිරාන් අලස්ට රෙද්දේ රෙවෙන පිළිතුරකි
“….ටිරාන් ඒ මනුස්සය හෙරොයින් ජාවාරම් කාරයෙක් කියල මට ජනරල් සලේ තොරතුරු දීල තියෙන්නෙ.ඒ විතරක්යැ මුළු පොලීසියම කියන්නෙ ඔය යකා පොලිස්පති වුනොත් පොලීසිය විනාශයි කියල.එයා සතියෙ දවස් හතෙන් දවස් තුන හතරක් ටිරාන් ගෙ කාර්යාලය අස්සෙ කරන කියන ඒවත් මම දන්නවා.ඒ විතරක් නොවෙයි එයා පාතාලය එක්ක කරපු ජාවාරම් ගැනත් මම දන්නවා…..ටිරාන්ට එයා පොලිස්පති කරගන්නම ඕන නම් සජිත්ට කියන්න. සජිත් ඔයාගෙයි එයාගෙයි හොඳම යාළුවනේ ….”
ජනපතිවරයා මේ ටික විතරක් කියා සාකච්ඡාවෙන් නැගිට ගියේ ටිරාන් අලස්ට කට උත්තර නැති වෙන විදියටය.ටිරාන් අලස් යනු හිතට හරියන තරමට මල්ල පිරෙනවා නම් ජාතක කළ අම්මා වුනත් විකුනන ජාතියේ පොරක් බව ඔහුගේ පැටිකිරිය කියවා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන.
එහෙත් දැන් ඔහුටද සෙනසුරු අපලය ලබා ඇති බව නම් අපට පෙනෙන්නට තිබේ.දේශබන්දු තෙන්නකෝන් නොහොත් පාදඩ බන්දුටද දැන් සිද්ධ වී ඇත්තේද වඳුරා කූඤ්ඤය ගලවන්නට ගොස් සිද්ධ වුන දේය.අප පාදඩ බන්දු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස පවා හඳුන්වන්නට කැමති නැත්තේ මොහු විසින් පොලීසියේ ගෞරවණීය නිළ ඇඳුමේ තවරා ඇති කක්කා ගැන අපට ඇති අපුල නිසාය.
(ජනපති ලේකම් කාර්යාලයේ උකුස්සා විසිනි )
ලංකා දවස ලංකාවේදි කියවන්න
ttps://lanakadawasa.blogspot.com/