කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් මෙලෙස මිය යද්දී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වන්නේ කඩාකප්පල් කාරීන් යැයි ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් අද (8) දින පැවැති අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේදී අතිශය මෙලේච්ඡ ප්‍රකාශයක් කරන ලදී.
ඔහු මේ මෙලේච්ඡ ප්‍රකාශය කරන ලද්දේ පසුගිය වසරේ කඳුළු ගෑස් දහස් ගනනාවක් පොලීසිය විසින් භාවිතා කර ඇතැයිද එහිදී කල් ඉකුත්වූ කදුළු ගෑස් තිබීම පිළිබඳව ආණ්ඩුව දරන මතය කුමක්දැයි මාධ්‍යවේධියකු විමසූ විටය.එම මාධ්‍යවේධියා සඳහන් කළ ආකාරයට පොලීසිය පසුගිය දිනවලදී වසර 17 ක් පැරණි කඳුළු ගෑස් පවා භාවිතා කර තිබේ.
මෙහිදී බන්දුල ගුනවර්ධන ඇමතිවරයා ලබා දී ඇති පිළිතුරු අනුව රජයට එරෙහිව විරෝධතා දක්වන්නන්ට එරෙහිව කඳුළු ගෑස් භාවිතා කිරීම සාමාන්‍ය දෙයකි.මෙම කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මියයන්නන් සිටී නම් ඒ කඩා කප්පල්කාරීන් වේ.ඔහුගේ අදහස අනුව මෙරට තෙල් පෝලිම් නැති අතර විදුලිය අඛන්ඩව සැපයීමක් කරන බැවින් ජනතාව දෙන දෙයක් කා නිවෙස් වලට වී සිටිය යුතුය.
බන්දුල ගුණවර්ධන එසේ මෙරට ජනතාවගේ විරෝධතා දැක්වීම පිළිබඳව සාහසික ප්‍රකාශ කරන විට ඊයේ පැවැති ශිෂ්‍ය විරෝධතාවට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දීමට ශ්‍රී ලංකාවේ යුද හමුදා සෙබල ඛන්ඩයක් පොලු රැගෙන සිටීම අපගේ විශේෂ අවධානයට ලක් විය.හමුදා සෙබළුන් ලී පොලු අතට දී රටේ ජනතාවට පහරදීමට යෙදවීම මෙරට ආරක්ෂක නීති ඉතා බරපතල උල්ලංඝනය කිරීමක් බව හමුදා ඡ්‍යෙෂ්ඨයකු අප සමග පැවසීය.
මෙවැනි වැදි නැටුම් හමුදාවේ කීර්ති නාමය කෙලසීමක් බවද ඔහුගේ අදහස වී තිබේ.